සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 446
ක්ෂුර කර්මය
නා. හිසකෙස් සහ දැළි රැවුල් කැපීම; හිස රැවුල් බෑම.
ක්ෂුර භාණ්ඩය
නා. දැළි පිහියා බහා තබන පේටිකාව; කර කොපුව; කර පසුම්බිය.
ක්ෂුරය
1. නා. රැවුල්, ඉසකේ ආදිය කපන තියුණු මුවහත ඇති පිහිය; දැළිපිහිය; කරකැත්ත.
2. නා. අශ්ව ගව ආදින් ගේ කුරය.
ක්ෂුරිකාව
නා. අනින ආයුධයක්; කිණිස්ස; සිරිය.
ක්ෂුහිත
වි. කැලඹුණු; කම්පා වුණු; සැලුණු; තැති ගැනුණු; බිය වූ; කුපිත වූ.
ක්ෂේත්‍ර කර්මය
නා. වී ගොවිතැන පිළිබඳ කටයුතු; සීසෑම, වැපිරීම, ආදිය.
ක්ෂේත්‍ර ගණිතය
නා. තල රූපවල ක්ෂේත්රඵලය ගණන් බැලීමේ ශාස්ත්‍රය.
ක්ෂේත්‍ර චුම්බකය
(පාරිභා.) නා. මෝටරයක හෝ විදුලි යන්ත්‍රයක චලනය ඇති කරන්නා වූ චුම්බක ක්ෂේත්රය නිපදවන විද්‍යුත් චුම්බකය.
ක්ෂේත්‍ර දුර දර්ශකය
නා. එළිමහන් ප්‍රදේශවලදී ප්‍රයෝජනයට ගනු ලබන්නා වූ ද එක්වර දෑසින් ම දර්ශනය කළ හැක්කා වූ ද දුර දක්නය.
ක්ෂේත්‍ර නිලධාරියා
නා. කාර්යාලයෙන් පිටස්තර තැන්වල රාජකාරි කටයුතු කිරීමේ යෙදෙන නිලධාරියා.
ක්ෂේත්‍ර පාලයා
නා. කුඹුරු රකින්නා; කෙත් ආරක්ෂා කරන්නා.
ක්ෂේත්‍ර ඵලය
නා. යම්කිසි තලයක මතුපිට විශාලත්වය හෙවත් එහි අඩංගු ඉඩ ප්‍රමාණය; වර්ග ප්‍රමාණය; වර්ගඵලය.
ක්ෂේත්‍ර බලය
(පාරිභා.) නා. විදුලිය හෝ චුම්බකත්වය ක්‍රියාකාරී වන ක්ෂේත්රයක යම්කිසි ලක්ෂ්යයක ඇති වන බල ප්‍රමාණය.
ක්ෂේත්‍ර රාශිය
නා. (ජ්‍යෝති.) ග්‍රහයකු බලවත් ව සිටින රාශිය; ග්‍රහයකුගේ ස්වක්ෂේත්ර හෝ උච්චක්ෂේත්ර රාශිය.
ක්ෂේත්‍ර ශුද්ධිය
නා. දානාදි පුදසත්කාර ලැබීමට සුදුසු පිරිසිදු සිල්වත්කම.
ක්ෂේත්රක පටකය
(පාරිභා.) නා. ක්ෂීරපායී සතුන්ගේ තනපුඩුව වටා තිබෙන වර්ණවත් සියුම් හම.
ක්ෂේත්රඥ
1. නා.ප්‍ර. පංචස්කන්ධය පිළිබඳ දැනුමෙන් සම්බෝධියට හෙවත් පරමාවබෝධයට පත් වන තැනැත්තා.
2. නා.ප්‍ර. ගොවියා.
3. නා.ප්‍ර. ආත්මය; ජීවය.
ක්ෂේත්රය
1. නා. වී වගා කරන ලද බිම; කුඹුර; කෙත.
2. නා. යම් යම් කටයුතුවලට විෂය වන භූමිය; ආධාර ස්ථානය.
3. නා. යම්කිසිවක් හටගන්නාස්ථානය; උත්පත්ති ස්ථානය.
4. නා. ඒ ඒ ක්‍රියාවලට නියම වූ කාලසීමාව.
5. නා. ත්‍රිකෝණ ආදි ජ්‍යාමිතික රූප.
6. නා. මේෂ ආදී රාශි.
7. නා. පංචස්කන්ධයෙන් යුත් ශරීරය.
8. නා. කාන්දම්බලය, විදුලිබලය ආදිය පැතිර පවත්නා ප්‍රදේශය.
9. නා. වැඳුම් පිදුම් කරන්ට යන තැන; ශුද්ධ ස්ථානය.
10. නා. භාර්යාව.
ක්ෂේත්රාධිපති
1. නා.ප්‍ර. කුඹුරු අයිති තැනැත්තා.
2. නා.ප්‍ර. දොළොස් රාශි අතුරෙන් ඕනෑම රාශියක අධිපතියා; රාශියක ස්වක්ෂේත්ර ග්‍රහයා.
ක්ෂේපණය
1. නා. වීසි කිරීම; අල්ලා දැමීම.
2. නා. ප්‍රමාදය; මිඩංගුව; කල්ගත කිරීම.
3. නා. උඩඟුකම; මානය; ගර්වය.
ක්ෂේපණිය
(පාරිභා.) නා. වෙඩි උණ්ඩයක් සේ වේගයෙන් ඉදිරියට යැවෙන දෙය.
ක්ෂේපය
1. නා. වීසි කිරීමත ඉවත; දැමීම.
2. නා. පහ කිරීම; ඇරීම.
3. නා. වටකර ගත් සේනාව.
4. නා. යටත් කිරීම; පැරදවීම; අභිභවනය.
5. නා. අනාදරය; නින්දාව; අවමානය.
6. නා. මල්පොකුර.
7. නා. කුඩා සිදුරකින් විදින ජලය හෝ වායුව හෝ වැනි සිහින් තියුණු ධාරාව.
ක්ෂේම
1. වි. බියෙන් තොර; උවදුරු රහිත; ආරක්ෂා සහිත; නිරුපද්‍රැත.
2. වි. යහපත් වූ; ශාන්ත වූ; සන්සුන්; කල්‍යාණ.
1. නා.ප්‍ර. බය ඇති නොවීම; ආරක්ෂාව; නිරුපද්‍රැත භාවය.
2. නා.ප්‍ර. සැනසුම; ප්‍රීතිය.
3. නා.ප්‍ර. ආරක්ෂා ස්ථානය.
4. නා.ප්‍ර. නව වැදෑරුම් ශුභාශුභ වූ නැකැත් අතරින් සිවුවැන්න.
ක්ෂේම මාර්ගය
නා. උවදුරු ආදියෙන් තොර මාර්ගය; නිරුපද්‍රිත මාර්ගය.