සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 459
කාරම් දිය
නා. (යවකාර වැනි) ලවණ මිශ්‍ර ජලය; ක්ෂාර ජලය.
කාරය
1. නා. කිරීම; කාර්යය; ක්‍රියාව.
2. නා. අක්ෂර නාමයක් හා යෙදෙන උප පදයක්.
කාරවග
නා.ප්‍ර. ක්ෂාර හෙවත් ලුණු වර්ග.
කාර්කශ්යය
නා. රළු බව; කටුක බව.
කාර්ත්තික
1. නා.ප්‍ර. ද්වාදස චන්ද්‍ර මාසයන්ගෙන් එකක්; ඇසළ මාසය
2. නා.ප්‍ර. කඳකුමරු.
කාර්ත්තික උත්සවය
නා. ඉල් මාසයේ දී පැවැත්වෙන උත්සවයක්.
කාර්තාන්තිකයා
නා. ශාරීරික ලකුණු අනු ව ශාස්ත්‍ර කියන්නා; දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයා.
කාර්දිනල්
නා.ප්‍ර. කතෝලික සභාව පාලනය කිරීමට පාප්වහන්සේට උපකාර වන අනුශාසක මණ්ඩලයේ එක් සාමාජිකයෙක්.
කාර්පටික
නා.ප්‍ර. කර්පට හෙවත් ඉරී ගිය සිවුරු හෝ කිලිටි කහකඩ දරන භික්ෂුව හෝ යාචකයා.
කාර්පණ්ය
නා.ප්‍ර. දුගී බව; දිළිඳුකම; බැගෑපත්බව.
කාර්පාස
වි. කපු පිළිබඳ; කපු පුළුනින් කළ.
1. නා.ප්‍ර. කපු පිළි; කාර්පාසාම්බර.
2. නා.ප්‍ර. කපු පුළුන්.
කාර්මණ
වි. ක්‍රියාවෙහි දක්ෂ වූ.
කාර්මික
1. වි. කර්මාන්ත පිළිබඳ වූ.
2. වි. යමක් කිරීමේ පිළිවෙළ පිළිබඳ වූ; තාක්ෂණික.
1. නා.ප්‍ර. කර්මාන්ත කරන තැනැත්තා.
2. නා.ප්‍ර. කාර්මික ශිල්පියා.
කාර්මික විද්‍යාව
නා. කර්මාන්ත ශිල්ප ආදිය පිළිබඳ විද්‍යාව.
කාර්මික විප්ලවය
නා. 18 සහ 19 ශතවර්ෂවල විශේෂයෙන් එංගලන්තයේ සහ එක්සත් ජනපද රාජ්‍යයේ කර්මාන්ත කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ භාවිතය ආරම්භ කිරීම සහ ඒ නිසා හටගත් විශාල සමාජ පෙරළිය.
කාර්මික ශිල්පියා
නා. කාර්මික ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණ තැනැත්තා.
කාර්මිකඥයා
නා. කර්මාන්ත පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා.
කාර්මුක
1. නා.ප්‍ර. දුන්න; චාපය.
2. නා.ප්‍ර. ධනු රාශිය.
කාර්ය පටිපාටිය
(පාරිභා.) නා. යම්කිසි වැඩ කොටසක් කිරීමට යොදාගත් සැලැස්ම හෝ අනුපිළිවෙළ (=procedure).
කාර්ය පත්‍රිකාව
(පාරිභා.) නා. කළ යුතු කාර්යයන් පිළිබඳ සටහන් පොත හෝ පත්‍රය (=journal).
කාර්ය ප්‍රවෘත්තිය
නා. කටයුත්තෙහි හෙවත් කාර්යයෙහි පැවැත්ම; ක්‍රියා පිළිවෙළ.
කාර්ය බලය
නා. වැඩ කටයුතු කිරීමේ ශක්තිය.
කාර්ය භාරය
නා. කළ යුතු වැඩ කොටසේ බර හෙවත් වගකීම; කළ යුතු දේ පිළිබඳ වගකීම.
කාර්ය මණ්ඩලය
නා. කිසියම් කටයුත්තක යෙදී සිටින පිරිස; කාර්යාලයක හෝ ව්‍යාපාරයක සේවක පිරිස.