සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 458
කායච්ඡේද විද්‍යාව
(පාරිභා.) නා. ශරීරය කොටස්වලට කපා විශ්ලේෂණය කර දක්වන ශාස්ත්‍රය (=anatomy).
කායච්ජේදය
නා. ශරීර ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය හැදෑරීමට සිරුරේ කොටස් කැබලිවලට කැපීම; විච්ඡේදනය.
කායදණ්ඩ
නා.ප්‍ර. ශරීරයට පමුණුවනු ලබන දඬුවම; කායික දඬුවම.
කායදරථය
නා. කායික විඩාව; ශාරීරික වෙහෙස.
කායදුශ්චරිත
නා.ප්‍ර. කයින් සිදු කරන දුසිරිත්; කයින් කරන අකුශල ක්‍රියා.
කායම
නා. ගම්මිරිස් ඇතුළු කුළු බඩු හා බෙහෙත් වර්ග යොදා උකුවට සාදා ගන්නා හොද්ද.
කායික
වි. කය පිළිබඳ වූ හෝ කයට අයත් වූ; ශරීරය හා සම්බන්ධිත වූ.
කායික ප්රතිවිරෝධිතාව
නා. ඖෂධ යෝග ශරීරගත වීමෙන් එය නොගැළපීම නිසා ශාරීරික ක්රියාවලියෙහි සිදු වන වෙනස්කම.
කායික රසායන විද්‍යාව
(පාරිභා.) නා. සාමාන්‍ය ප්‍රාක්ප්ලාස්මයේ රසායනික ක්‍රියාකාරීත්වය විශේෂයෙන් සලකමින් සජීව ද්‍රව්‍යවල ඇති වන රසායනික වෙනස්කම් අධ්‍යයනය කරන විද්‍යාව; කායික රසායනය (=physiological chemistry).
කායික විද්‍යාව
(පාරිභා.) නා. ජීවීන් තම ජීව ක්‍රියා පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ අධ්‍යයනය; භෞතවේදය (=physiology).
කාර
1. නා.ප්‍ර. ලුණු; ලවණ; ක්ෂාරය.
2. නා.ප්‍ර. ඉඟිය; ඉංගිතය; සංඥාව.
3. නා.ප්‍ර. අතිනත ගැනීම; කසාදය; කරකාරය.
4. නා.ප්‍ර. කරන්නා.
5. නා.ප්‍ර. කැට වශයෙන් වසින වැස්ස.
කාර බන්ධනය
නා. සරණ බන්ධනය; පාණිග්රහණය.
කාරක
වි. කරන; සිද්ධ කරන; කාර්යයක නියුක්ත ව සිටින.
1. නා.ප්‍ර. ක්‍රියා නිෂ්පත්තියට හේතු වන කාරණය; හේතුව හෝ හේතු-භූත වන කාරණය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. සම්බන්ධ, ආලපන විභක්ති හැර ක්‍රියා සිද්ධියට සම්බන්ධ වන කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, ආධාර යන විභක්ති සය.
3. (ව්‍යාක.) නා.ප්‍ර. කුඩා පෙට්ටිය. හෙප්පුව.
4. (පාරිභා.) නා.ප්‍ර. සතකු ක්‍රියා කිරීමට උපයෝගී කර ගන්නා වූ අවයවයක් හෝ සෛලයක් (=effector).
කාරක සභාව
නා. යම්කිසි කාර්යයක් සඳහා (සාමාන්‍යයෙන් මහ සභාවක් අතරින් ) පත් කර ගනු ලබන සාමාජිකයන් කීපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම; කමිටුව.
කාරණය
1. නා. කාර්ය සිද්ධියට ඉවහල් වන දෙය; හේතුව; නිමිත්ත; අරමුණ.
2. නා. කළ යුත්ත; කාර්යය.
3. නා. ප්‍රවෘත්තිය; සිද්ධිය.
කාරණා ප්‍රඥාව
නා. හේතු ප්‍රත්‍යය දැන ගැනීමෙහි ඇති නැණවත් බව.
කාරණාකාරයා
නා. දැනුම් තේරුම් ඇත්තා; දැන උගත්කම් ඇත්තා; සෑම දෙයක් ම තමා දන්නා බවක් හඟවමින් කථා කරන්නා.
කාරණෝද්ධාරණය
කාරණෝපච්ඡේදය
[කාරණ + උපච්ජේදය]
නා. හේතුව සහමුලින් සිඳීම හෙවත් විනාශ කිරීම.
කාරතුව
1. නා. යම්කිසිවක් සම ව හතරට බෙදීමෙන් ලැබෙන කොටස; හතරෙන් පංගුව.
2. නා. කිසියම් මිනුම් ඒකකයකින් හතරෙන් පංගුව.
3. නා. වී ආදි ධාන්‍ය මැනීමට ගන්නා උපකරණයක නාමය.
කාරදු
නා.ප්‍ර. කන තුළ හටගන්නා මල; කන්කලාඳුරු.
කාරනවා
ක්‍රි. උගුර පෑදීම සඳහා උගුරෙන් ගොරෝසු ශබ්දයක් නඟනවා; උගුර පාදනවා.
කාරභේදක
නා.ප්‍ර. සිරගෙය බිඳගෙන පලායන්නා.
කාරම
1. නා. භාජන ආදියෙහි බැඳෙන මල; දත්, දිව ආදි ස්ථානවල බැඳෙන මැලියම්.
2. නා. ක්ෂාරය; ලුණු වර්ග.