සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 490
කුමරිබඹසර
නා.ප්‍ර. කුමාරි බ්‍රහ්මචර්යාව; තරුණියක් කන්‍යා භාවය ආරක්ෂාකර ගැනීම.
කුම්තල
නා.ප්‍ර. අත්කුඹ; කුම්භස්ථලය.
කුම්පඩි
(කථා.) නා.ප්‍ර. පාරුවල කුඹය සවි කරන ලී කඳ.
කුම්පාදිරි
(කථා.) නා.ප්‍ර. (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේදී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තා; ඇපකාර පියා; පඤ්ඤා.
කුම්බකාර
නා.ප්‍ර. මැටි බඳුන් සාදන්නා; කුම්භකාරයා.
කුම්භ රාශිය
නා. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ එකොළොස්වැනි රාශිය.
කුම්භපද්ම
නා.ප්‍ර. ඇත්කුඹෙහි පලඳවන නෙළුම් මලක් වැනි රන් ආභරණයක්.
කුම්භය
1. නා. භාජනය; කළ ගෙඩිය
2. නා. රාශි චක්‍රයේ එකොළොස්වැන්න
3. නා. ධාන්‍ය මිනුම් ප්‍රමාණයක නාමය; දස අමුණක ප්‍රමාණය.
4. නා. කිරුම් ප්‍රමාණය; පලම් පන්සිය දොළහක ප්‍රමාණය
5. නා. ඇතාගේ නළල මුදුන දෙපසෙහි ඇති නෙරුම් දෙක; ඇත්කුඹ.
කුම්භස්ථලය
නා. ඇත්කුඹ.
කුම්භාණ්ඩ
නා.ප්‍ර. සතර වරම් දෙව්රජුන් අතුරෙන් කෙනෙකු වන විරුඪ වරම් දෙව්රජුගේ පිරිවර වූ දේව ගණය.
කුම්භිලයා
නා. කිඹුලා; කුම්භීරයා.
කුම්මාස
නා.ප්‍ර. යව ධාන්‍යයෙන් සාදන ලද තලප, රොටි හෝ පිට්ටු වැනි ආහාර විශේෂයක්.
කුම්මැහි
(කථා.) වි. ඉතා ලෝභී; තද මසුරු.
කුම්යට
නා.ප්‍ර. නැවෙහි රුවල් බඳින කණුව; නැවෙහි කුඹ ගහ.
කුම්හී
නා.ප්‍ර. සැළිය.
කුමාරකවාදය
නා. වයසින් මුහුකුරා ගිය තැනැත්තකුට වුව බාල දරුවකු සේ සලකා කථා කිරීම.
කුමාර්ග
නා.ප්‍ර. නොමඟ; වැරදි මාර්ගය.
කුමාරිහාමි
නා.ප්‍ර. කුලවත් පවුලක කාන්තාව.
කුමැති
නා.ප්‍ර. දුෂ්ට මන්ත්‍රීවරයා.
කුමින
නා.ප්‍ර. මසුන් අල්ලන උපකරණයක්; කෙමින.
කුමියුල්
නා.ප්‍ර. කුඩා මුවා.
කුමිස්
(පාරිභා.) නා.ප්‍ර. අශ්ව කිරිවලින් පෙරාගන්නා මද්‍යසාර විශේෂයක් (=koumiss).
කුමු
නා.ප්‍ර. කැස්බෑවා.