සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 554
ගනසේ
නා.ප්ර. ඝන වූ ඡායාව; අතුරු සිදුරු නැති සේ වැටුණු සෙවණැල්ල.
ගනහඬ
නා. අහස ගෙරවීම; මේඝ ගර්ජනාව.
ගන්තරදම්වැල
(පාරිභා.) නා. මිනුම්දෝරුවන් විසින් භාවිත කරනු ලබන අඩි හැටහයක් දිගැති මිනුම.
ගන්තව්ය
වි. යෑමට සුදුසු; යායුතු.
ගන්තහංචිය
නා. ගමට ඇතුළුවීම වැළැක්වීම සඳහා කරන තහනම් නියෝගය.
ගන්ධ
1. නා.ප්ර. නාසයට දැනෙන ගුණය; දුගඳ හෝ සුගඳ.
2. නා.ප්ර. ඇත්කුල දහයෙන් එකක්.
ගන්ධ ග්රන්ථිය
නා. එළු මුව ආදි ඇතැම් අධෝමාර්ගය සිවුපාවුන්ගේ හා ගර්භාශය ආශ්රිත ප්රදේශයේ පිහිටි මේද සහිත ග්රන්ථියක්.
ගන්ධ විඥානය
නා. ගන්ධාරම්මණය පිළිබඳ චිත්ත ස්වභාවය; ගඳ සුවඳ දැනගන්නා සිත.
ගන්ධ හස්තියා
නා. ගන්ධ නම් ඇත් කුලයට අයත් ඇතා; ඇත්කුල හයෙන් සවැනි කුලයට අයත් හස්තියා.
ගන්ධක
නා. කහ පැහැති අලෝහ මූලද්රව්යයක්; ගෙන්දගම්.
ගන්ධකාම්ලය
නා. රසායනික පොහොර සායම්වර්ග ආදිය සෑදීමට ගන්නා අම්ලයක්; සල්ෆියුරික් අම්ලය.
ගන්ධකුටි කරණ්ඩය
නා. සර්වඥ ධාතු (විශේෂයෙන් දන්තධාතුන් වහන්සේ) වඩා හිඳුවීම පිණිස යොදනු ලබන කරඬුව; ධාතු කරඬුව.
ගන්ධකුටිය
1. නා. බුදුන්වහන්සේ වැඩ විසූ කුටියට ව්යවහාර වූ විශේෂ නාමය.
2. නා. දළදා සමිඳුන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.
ගන්ධගජේන්ද්ර
නා.ප්ර. මද කිපුණු ඇත්රජා; මත් හස්තියා.
ගන්ධද්විප
නා.ප්ර. ගන්ධ කුලයේ හස්තියා.
ගන්ධදාමය
නා. සුවඳ ගුළි වැල; සුවඳ කල්ක වැල.
ගන්ධනාශකය
නා. දුගඳ නැති කරනසුලු ද්රව්යය (=deodorant).
ගන්ධපාකය
නා. බෙහෙත් තෙල් සිඳීමේ දී අනුගමනය කරනු ලබන ක්රමයක්; තෙල සුවඳවත් වන සේ ඖෂධීය සුගන්ධ ද්රව්ය යොදා පදමට පැසවා ගැනීම.
ගන්ධපිශාචිකාව
නා. සුවඳ දුම (විශේෂයෙන්) ජටාමාංස දැවීමෙන් නඟින සුගන්ධ ධූපය.
ගන්ධබ්බ
1. නා.ප්ර. ගන්ධර්වයා.
2. නා.ප්ර. කර්ම ශක්තියෙන් මෙහෙයවනු ලැබ මවුකුස පිළිසිඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින සත්වයා.
ගන්ධබ්බහත්ථ
නා.ප්ර. පුරාණයේ දිය නෑමේ දී පිට අතුල්ලා ගැනීම සඳහා වඳුරු අතක හෝ පක්ෂි පාදයක හෝ හැඩය ඇති ව ලීයෙන් සාදන ලද උපකරණය.
ගන්ධය
1. නා. නාසයට දැනෙන ගුණය; ආඝ්රාණයට විෂය වූව; ගඳ සුවඳ.
2. නා. නාසයට දැනෙන සුගන්ධය; අෂ්ටවිධ ගන්ධයන්ගෙන් එකක්.
ගන්ධරස
නා.ප්ර. පෙරා ගත් සුවඳ වර්ගය; සුගන්ධ සාරය.
ගන්ධර්ව පූජාව
නා. (බුදුරදුන්, දෙවියන් ආදි උතුමන්ට) ගෞරව වශයෙන් පවත්වනු ලබන නෘත්ය ගීතවාදනය; නැටුම් ගැයුම් වැයුමින් කරන පූජාව.