සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 568

ගල් පලඟ

නා. ගලින් තනන ලද ආසනය; ශිලා පර්යංකය.

ගල් පවුර

නා. ගලින් තනන ලද කොටු බැම්ම.

ගල් පහණ

නා. ගල් තලාව; ශිලාස්ථලය.

ගල් පාදම

නා. ගලින් දැමූ පදනම; ශිලා අත්තිවාරම්.

ගල් පාය

1. නා. ගලින් ඉදි කරන ලද මන්දිරය; ශිලාමය ප්‍රාසාදය.
2. නා. ගල් පොත්ත.

ගල් පැන්නුම්කඩ

නා. ජලාශයකින් වැඩි වැව් වතුර පිටාර යෑම සඳහා ගලින් සෑදූ දිය මංකඩ; ගල් පිටවාණ.

ගල් පැලැස්ස

නා. විශාල පෙදෙසක පැතිර සිටින ගල්තලාව.

ගල් පිට

නා. ගලේ මතුපිට.

ගල් පියස්ස

නා. ගල් ගෙයක මුදුන; ගල් වහළ.

ගල් පිළිමය

නා. ගලින් කළ ප්‍රතිමාව.

ගල් පුවරුව

නා. මතුපිට මට්ටම් කොට තැනූ ගල්ලෑල්ල.

ගල් පොකුණ

නා. ගලෙහි පිහිටි පොකුණ; ගල්කෙම.

ගල් පෝය

නා. ඇඹරුම් ගලේ අත්ගල; මිරිස් ගලේ දරුගල.

ගල් බිලය

නා. පර්වතයක ඇති කුහරය; ගල් බෙනය.

ගල් බෙනය

නා. ගලක පිහිටි සිදුර; ගල් කුහරය.

ගල් බෙයද

නා. පර්වත ප්‍රාන්තය; පර්වතයෙහි බිඳී ගිය තැන.

ගල් බේත්

නා. කළු ගල්වලට බෝර දැමීමට ද බෙහෙත් තුවක්කුවල වෙඩි කෙටීමට ද භාවිත කරනු ලබන වෙඩි බෙහෙත් වර්ගය.

ගල් බොක්ක

නා. ගොඩට නෙරා ගිය හෙයින් බිම් කොටස්වලින් බොහෝ වට වූ මුහුදු කොටස.

ගල් බෝය

නා. මිරිස්ගලට අයත් අත්ගල; දරුගල.

ගල් මල

1. නා. මුහුදේ ගල් පරවල වැඩෙන මලක හැඩය ගත් චූර්ණමය සැකිල්ල; හිරිගල්මල.
2. නා. මූදුහත්ත.

ගල් යුගය

නා. මිනිසා ගල් ආයුධ පාවිච්චි කළ ඈත යුගය; ශිලා සමය.

ගල් රුකුල

නා. ගල් ගුහාව; ගල් ගෙය.

ගල් රෝල

නා. පාරේ අතුරනු ලබන ගල් තළා මට්ටම් කරන බර යන්ත්‍රය.

ගල් ලණුව

නා. ගලක් අග ගැටගසා සාදාගනු ලබන ලණුව; දිග ලණුවක අග ගල් කැටයක් ගසා එය අවශ්‍ය අත්තට වීසිකිරීමෙන් එහි ඇති ගෙඩි හා දර ආදිය කඩා ගන්නා ලණුව.