සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 569
ගල් වැළ
(කථා.) නා. මැණික් ගල් බැඳි මාලය.
ගල් වෙනවා
1. ක්‍රි. හයිවෙනවා; ගල් මෙන් තදබවට පත් වෙනවා; දැඩි වෙනවා.
2. ක්‍රි. ආරම්භක ව්‍යූහය බොහෝ දුරට රැඳී පවතින පරිදි ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඉවත් වෙනවා; පාෂාණීභූත වෙනවා.
3. (රූඪි.) ක්‍රි. භය, ශෝක, කෝප ආදි හේතු නිසා හැඟීමෙන් තොර වෙනවා; ගල් ගැහෙනවා.
ගල් වේදිය
නා. ගලින් කරන ලද වැට; ආවරණ බිත්තිය.
ගල් සන්නම
නා. වටිනා කුඩා මැණික් ගල.
ගල් සන්නස
නා. ගලේ කොටා ඇති ලේඛනය; සෙල්ලිපිය; ශිලාලේඛනය.
ගල් හෙය
නා. ගලින් ඉදි කරන ලද පාලම; ගල් ඒදණ්ඩ.
ගල්අතළ
නා.ප්‍ර. ගල්තලාව; ගල්පොත්ත.
ගල්ඉන්න
නා.ප්‍ර. අලවංගුව; නාරස්සනය; යකඩ ඉන්න.
ගල්කටාරම
1. නා. ගලින් තනන ලද විශාල භාජනය; ගල් සැළිය.
2. නා. ගල්ලෙනක ගැට්ටේ වතුර බැස යෑම සඳහා කොටා ඇති කුඩා කානුව.
3. නා. ගල් ලෙන තුළට වැසිජලය ගලා ඒම නැවැත්වීම සඳහා ලෙන කට උඩ ගැට්ටේ හාරන ලද ගල් කානුව; ගල් කටාරය.
ගල්කටුව
නා. ගල් වැනි තද දේවල් සෑරීමට හෝ කැපීමට හෝ ඒ මත කැටයම් කිරීමට හෝ ගන්නා ආයුධය.
ගල්කණ්ඩු
නා.ප්‍ර. ශර්කරා විශේෂයක්; සූකිරි.
ගල්කාසයා
නා. කෛරාටිකයා. කට්ටයා;
ගල්කුරුල්ලා
නා. කුම්භකාරයාගේ සකපෝරුවේ අලවංගුව වශයෙන් යොදාගනු ලබන ගල්කූර.
ගල්කුස
නා. ගල්ගුහාව; ගිරිලෙන.
ගල්කුළ
1. නා. ගල් පර්වතයක මුදුන; පර්වත ශිඛරය.
2. නා. ගල් පර්වතය.
ගල්කූර
1. නා. ගල්ලෑල්ලෙහි ලිවීම සඳහා උපයෝගී කරගන්නා කූරු විශේෂය; ගල් පැන්සලය.
2. නා. කුඹල් සකෙහි ගල්කුරුල්ලා.
ගල්කෙම
නා. ගල් තලාවක පිහිටි පොකුණ; ගත්පොකුණු; ගල්හෙබ.
ගල්කෝච්චිය
නා. මහාමාර්ග ඉදිකිරීමේ දී අතුරන ගල් තැළීම සඳහා යොදවනු ලබන රථය; ගල්රෝල.
ගල්ගිගිරාන
නා. ගල්කුට්ටි බහුල භූමිභාගය; ගල් සහිත කඳු පෙදෙස.
ගල්ගුහාව
නා. ගලෙහි සෑදුණු ගුහාව; ස්වාභාවික ලෙස සෑදුණු ගල්ලෙන.
ගල්ගෙය
1. නා. ගල් ගුහාව; ගල්ලෙන.
2. නා. කන්දක් පසාරු වන සේ හාරා තනන ලද ගමන් මඟ; බිම්ගෙය; උමග.
ගල්ටයරය
(පාරිභා.) නා. හුළං පිරවීමක් නොමැති ව යකඩ රාමුව මත හුදු රබර් පට්ටමක් යෙදීමෙන් තැනූ ටයරය.
ගල්ටැඹ
නා. ගලින් නිමවන ලද කණුව; ගල්කණුව; ශිලා ස්තම්භය.
ගල්තට්ටුව
1. නා. (පොළොව තුළ) එකක් උඩ එකක් වශයෙන් විහිදීගිය ගල්තලාව; ශිලා ප්රස්තරය.
2. නා. (ශිලා යුගයේ දී, ඇතැම් ගෝත්‍රිකයන් මළසිරුරු තැන්පත් කිරීමට යොදා ගත්) කෙළින් සිටවූ, ගල්ලෑලි මත රැඳවූ ගල්ලෑල්ල.
ගල්තල්ල
නා. තද බෑවුම් සහිත ගල් පර්වතයක පිටතට නෙරාගිය කොටස.