සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 567
ගලප්පත්ති කරනවා
1. ක්‍රි. ජල යාත්‍රාවල ඇතුළට ජලය කාන්දු වීම වැළැක්වීමට කීල්ගසා ලෑලි සිදුරු අහුරනවා; කීල් ගසනවා.
2. ක්‍රි. (පැණි උණු කිරීමෙන්) උකු කරනවා; දියාරු ගතිය නැති කරනවා.
ගලප්රමාණ
වි. බෙල්ල තෙක් ඇති; ගෙල දක්වා වන තරමට ගැඹුර හෝ උස තිබෙන.
ගලමිණි
නා.ප්‍ර. ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කැරෙන මැණික් ගල; කණ්ඨමාණික්‍යය.
ගලමූල ග්‍රන්ථිය
නා. දිවමුලට උඩින් තල්ලෙහි එල්බෙමින් ඇති මස් වැදැල්ල; සෙම්ගෙඩිය.
ගලය
1. නා. බෙල්ල; බොටුව; ගෙල; කණ්ඨය; ග්රීවය.
2. නා. ගලනාලය.
ගලලෝහිතය
නා. බෙල්ල කපනු ලැබූ විට (හිස නැති මළ සිරුරෙන්) ගලන ලෙය.
ගලවනවා
1. ක්‍රි. මුදා ගන්නවා; බේරා ගන්නවා; නිදහස් කරනවා.
2. ක්‍රි. ඉවත් කරනවා; වෙන් කරනවා.
3. ක්‍රි. (පැළෑටි ආදිය) උදුරනවා.
ගලවළුව
නා. බෙල්ලේ පිටිපැත්ත; පිටිකර; ගලවාටය.
ගලසර
නා.ප්‍ර. බෙල්ල; ගෙල පෙදෙස.
ගලස්න
නා. ගලින් කරන ලද ආසනය; ශෛලාසනය.
ගලහෙනවා
ක්‍රි. (හිර/ සඳ) ගිලිහෙනවා; බසිනවා; අස්තයට යනවා.
ගල් අඟුරු
නා.ප්‍ර. පාෂාණ භූත වූ ශාක කොටස්; භූ ගර්භයේ ඉල්ලම් ලෙස දක්නට ලැබෙන තද, ඝන, විනිවිද නො පෙනෙන කළුපාට ඛනිජ විශේෂයක්; ඉන්ධන වශයෙන් යොදාගෙන විදුලිය ආදි බලශක්ති කාර්යයන්හි යොදා ගැනේ
ගල් අරඹ
නා. ගලින් ගැවසී ගත් කැලෑව; ගල්කුළු සහිත වනලැහැබ.
ගල් අල්ලනවා
1. ක්‍රි. ආභරණවලට මැණික් ගල් සවිකරනවා.
2. ක්‍රි. පාරවල් ආදියෙහි ගල් අතුරනවා.
ගල් අවිය
නා. ගලින් තනන ලද ආයුධය; ගල් ආයුධය.
ගල් ඇනය
නා. ගල්ගුහාව; ගල්බෙනය.
ගල් ඔරුව
1. නා. සිවුරු පඬුපෙවීම සඳහා භාවිත කළ ඔරුවක හැඩය ගත් ගල් බඳුන් විශේෂයක්.
2. නා. සිංහල රජසමයෙහි භික්ෂූන් වහන්සේට දානය පිණිස කැඳ හා බත් දැමීම සඳහා ඔරුවක හැඩය ඇතිවන සේ හාරා ගත් විශාල භාජනය.
ගල් ගැසෙනවා
ක්‍රි. ක්ෂණික භය හෝ විස්මය නිසා නොසෙල්වී සිටිනවා; භ්‍රාන්ත වෙනවා; තුෂ්ණිම්භූත වෙනවා.
ගල් තැළුම
(කථා.) නා. යටි පතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා පිළිකාව වැනි දෙය.
ගල් තුවක්කුව
නා. ගිනිගලක ආධාරයෙන් පත්තු කළ හැකි තුවක්කුව.
ගල් දුන්න
1. නා. ගල්කුට්ටි හෝ බෝල තබා විදිය හැකි දුනු විශේෂයක්.
2. නා. ළමයින්ගේ ක්‍රීඩා උපකරණයක්; කැටපෝලය.
ගල් නැව
නා. ඔරුවක හැඩයෙන් යුතු ව කළුගල් හාරා තැනූ භාජනය; ගල් ඔරුව.
ගල් පතහ
නා. ගල් කැඩීම නිසා විශාල ගලක හෑරී ගිය පොකුණ; ගල්වළ; ගල්කෙම.
ගල් පරය
නා. සාගර මුහුදු ආදියෙහි සාමාන්‍ය දිය මට්ටමට මඳක් යටින් නොහොත් ඉහළින් පිහිටි ගල්වැටිය.