සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 583
ගැනිලි ගිණුම
(පාරිභා.) නා. ව්යාපාරයකින් පෞද්ගලික ප්රයෝජනයට ලබා ගන්නා මුදල් හා භාණ්ඩවල වටිනාකම ඇතුළත් කරන ගිණුම.
ගැනිස්ටර
නා.ප්ර. සිලිකා ගඩොල් තැනීමට ගන්නා වූ වැලිගල් විශේෂයක්.
ගැනුම් ජර්නලය
(පාරිභා.) නා. වෙළඳ ව්යාපාරයක් සම්බන්ධ ව මිල දී ගැනීම සඳහන් වන ජ' නලය (=purchase journal)
ගැනුම් මුදල
නා. යම්කිසි භාණ්ඩයක් මිලදී ගත හැකි මුදල (=purchase money).
ගැනුම්පොත
(පාරිභා.) නා. මිලට ගන්නා බඩු බාහිරාදිය පිළිබඳ විස්තර සඳහන් පොත (=purchase book).
ගැනුම්මිල
නා.ප්ර. (විශේෂයෙන් වෙළඳාම සඳහා) භාණ්ඩයක් මිලට ගන්නා මුදල (=purchase price).
ගැනුම්ලැජරය
(පාරිභා.) නා. මිල දී ගන්නා බඩු පිළිබඳ විස්තර සඳහන් ගණන් පොත (=purchase ledger).
ගැප්
නා.ප්ර. ගර්බ; ගැබ; ගබ.
ගැප් රුජාව
නා. විලි රුදාව; ප්රසූති වේදනාව.
ගැප් වෙනවා
ක්රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
ගැප් සිවිය
නා. දරු ගැබ වසා සිටින සම; වැදෑ මස.
ගැප් සුන්වීම
(පාරිභා.) නා. ඩිම්බකෝෂය ඉවත් කරනු ලැබීම (=spay ).
ගැප්(බ්) ගන්නවා
ක්රි. දරුවකු පිළිසිඳ ගන්නවා.
ගැප්පෙරහර
නා. ගැබිණියකට කළ යුතු ඇප උපකාර සහ දරු ගැබට කළයුතු ආරක්ෂා සංවිධානය.
ගැබ පිරෙනවා
ක්රි. ගොයම් බණ්ඩි වෙනවා.
ගැබකුස
නා. චෛත්යයක ධාතු ගර්භයේ ඇතුළත.
ගැබකොළය
නා. ගොයම් ආදි ධාන්ය වර්ගවල ළපටි කරල අන්තර්ගත කොළය.
ගැබපෙරහර
නා. ගබපෙරහර.
ගැබ් කරනවා
ක්රි. අන්තර්ගත කරනවා; ඇතුළත් කරනවා.
ගැබ් ගන්නවා
1. ක්රි. දරු ගැබක් පිහිටනවා.
2. ක්රි. ගොයම් ආදි ධාන්ය වර්ගවල කරල් ඉදෙනවා; බණ්ඩි වෙනවා.
ගැබ් වෙනවා
1. ක්රි. ගැබ් හටගන්නවා; ගර්භයක් ඇති වෙනවා.
2. ක්රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
ගැබ්ගෙල
නා. ගර්භාෂයේ පහළ කොටස; ගර්භාෂයේ යෝනි මාර්ගය තුළට නෙරා ඇති කොටස.
ගැබ්බර
වි. දරු ගැබක් සහිත; ගැබ්ගත්.
ගැබ්සාරක
(පාරිභා.) වි. ගර්භයේ වැටීම සිදු කරන; ගබ්සාව ඇති කරන (=ecbolic).