සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 584

ගැබ්සාව

නා. දරුගැබ විනාශ කිරීම හෝ විනාශවීම.

ගැබිනිය

නා. ගර්භණී කාන්තාව.

ගැබිලිය

නා. ගර්භණී කාන්තාව.

ගැබු

නා.ප්‍ර. ගර්භය.

ගැම්ම

1. නා. ගැන්ම ගැනීම; ග්‍රහණය.
2. නා. යමක් කිරීමේ දී යොදවන ශක්තිය.
3. නා. අතිරේක ශක්තිය; අතිරේක උනන්දුව.
4. නා. ප්‍රයෝජනය.
5. (කථා.) නා. අමාරු තත්ත්වය; අවදානම.

ගැමාකිරණය

(පාරිභා.) නා. විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක්; මෙම කිරණවලට ඝන ලෝහ තහඩු විනිවිද යා හැකිය (=gamma ray).

ගැමි

1. වි. ගමට අයිති; ගම හා සම්බන්ධ.
2. වි. ගමන් කරන; යන.

ගැමියා

නා. ගමෙහි ජීවත් වන්නා; ගම්බද මිනිසා.

ගැමිවහර

නා. ගම්බද ව්‍යවහාරය; ජනවහර.

ගැඹර

1. වි. මතුපිට සිට පතුළට සෑහෙන පරතරයක් ඇති; පතුළට බොහෝ දුර වූ.
2. වි. දුරදිග සිතා බලන; දූරදර්ශී; විචක්ෂණ.
3. වි. තේරුම් ගැනීමට අමාරු; දුරවබෝධ.
නා. ජලාශයන්හි මතුපිටට යටින් පිහිටි හරිය; ඝන ප්‍රමාණය.

ගැඹුරු අවපාතය

නා. ඉතා ම අඩු පීඩනය ඇති ස්ථානය.

ගැඹුරු ආමානය

(පාරිභා.) නා. ගැඹුර මනින උපකරණය (=depth gauge).

ගැඹුරුසර

නා. ගම්භීර ස්වරය; ගැඹුරු කටහඬ.

ගැල

1. නා. කරත්තය.
2. නා. ගැලක පැටවිය හැකි බඩු ප්‍රමාණය.
3. නා. ලියවන පට්ටලයේ කොටසක්.
4. නා. අධික මහන්සිය.

ගැලතෙනවා

ක්‍රි. ඉවත් නොවී එතැන ම ඇලී සිටිනවා; කිසියම් වැඩක් අතපසු කරමින් එය පමා කරනවා.

ගැලපත්

වි. ගිලන් වූ; රෝගාතුර වූ.

ගැලය

(පාරිභා.) නා. ගුරුත්වජ ත්වරණය මනින ඒකකය.

ගැලරිය

1. නා. චිත්‍ර, ඡායාරූප ආදි කලාත්මක කෘති ප්‍රදර්ශනය සඳහා වෙන්වූ ශාලාව.
2. (කථා.) නා. නාට්‍යය හෝ චිත්‍රපටි ප්‍රදර්ශන ශාලාවක ඉදිරියේ ම තිබෙන ආසන පන්තිය.

ගැලවිජ්ජාව

නා. යමකු යම් වරදකින් ගැලවීම සඳහා දරන උපක්‍රමය.

ගැලවුම් කාරයා

1. නා. කෙනකුගේ ගැලවීම ඇති කරන්නා; විපතට පැමිණියකු ඉන් මුදාගන්නා තැනැත්තා.
2. (ක්‍රිස්ති.) නා. ක්‍රිස්තුස් වහන්සේ.

ගැල් අකුර

නා. කරත්තයේ රෝද දෙක සම්බන්ධ කරන අලවංගුව; රථාක්ෂය.

ගැල් ඇදුරා

නා. කරත්තකාරයා; ගැල්කරුවා; කරත්ත දක්කාගෙන යන්නා.

ගැල් දෙටුවා

නා. කරත්ත කණ්ඩායමක නායකයා; ගැල් සමූහයක ප්‍රධානයා.

ගැල් ධුරය

නා. කරත්තයේ ගොනා බඳින කඳ; වියගහ.

ගැල්නැබ

නා. කරත්ත රෝදයේ ගරාදි පිටතට විහිදී යන සේ ලියවා සකස් කළ චක්‍රාකාර මැද කොටස; රෝදයේ අලවංගුව දරන තැන; බොස්ගෙඩිය.