සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 585
ගැල්බාව
නා. ගැලක වියගහ සවි කළ අක්ෂයකට උඩින් දෙපස තිබෙන ලී දෙක; ගැල් තට්ටුව සවි කළ ලී කඳන් දෙක.
ගැල්රෑණ
නා. කරත්තයේ බැඳි ගොනාගේ නාස්ලණුවට සම්බන්ධ ලණුව; තෝංලණුව.
ගැල්රිය
නා. කරත්තය.
ගැල්ලා
නා. කරත්තය දක්කන්නා.
ගැල්වනයිස් කරනවා
(පාරිභා.) නා. (යකඩ හෝ වානේ මල බැඳීමෙන් වැළැක්වීම පිණිස) තුත්තනාගම් (සින්ක්) ආලේප කරනවා; ගැල්වනයිස් කරනවා.
ගැල්වනස්කෝපය
(පාරිභා.) නා. විද්යුත්ධාරා හසුකර ගැනීමටත් ඒවා ගලා යන අත සොයා ගැනීමටත් භාවිත කරන උපකරණය (=galvanoscope).
ගැල්වනොමීටරය
(පාරිභා.) නා. කුඩා විද්යුත් ධාරා ඇති නැති බව අනාවරණය කර ගැනීමත් ඒවායේ ප්රබලතාව මැන ගැනීමත් සඳහා පාවිච්චි කරන උපකරණයක්.
ගැල්වනොවර්තනය
(පාරිභා.) නා. වැඩෙන ශාක අවයව තුළින් විදුලිය ගමන් කිරීමේ දී ඒවායෙහි ඇති වන වක්රතා සංසිද්ධිය; විද්යුත් උත්තේජයකට යම් ජීවියකු දක්වන ප්රතිචාරය; විද්යුතාවර්තනය.
ගැල්විය
නා. කරත්තයෙහි ගොනාගේ කරට තබා බඳින කුඩා හරස් ලී කඳ.
ගැල්සාත්තුව
නා. කරත්ත සමූහය; ගැල් කණ්ඩායම.
ගැලැක්ටොමීටරය
(පාරිභා.) නා. කිරිවල විශිෂ්ට ගුරුත්වය සෙවීමේ උපකරණය (=galacto meter)
ගැලැත්ත
නා. කරත්තය; රථය.
ගැලි
1. නා.ප්ර. ගාල; ගෝස්ථානය.
2. නා.ප්ර. වතුර බැස යෑම වැලැක්වීමට උසට බඳින වැටිය; වේල්ල.
ගැලිය
1. නා. කරත්තය; යානය.
2. (පාරිභා.) නා. අකුරු යොදනයෙහි ලා අමුණා ගත් මුද්රණ අකුරු සමූහය තැන්පත් කරනු ලබන දිග ලෝහ හෝ ලී තැටිය; එසේ අමුණා ගත් තීරු පිටු වශයෙන් වෙන් නොකළ අකුරු පේළි ගොන්න.
ගැලියම්
(පාරිභා.) නා.ප්ර. ඉතා දුර්ලභ ගණයේ ලෝහමය මූල ද්රව්යයක්(=gallium).
ගැලී
නා.ප්ර. තෙත්බිම; දිය සහිත භූමිය.
ගැලීනා
(පාරිභා.) නා. ඊයම්වල ප්රධාන ලෝපස; ලෙඩ් සල්ෆයිඩ් (=galena)
ගැලීසෝදුපත
නා. මුද්රණ ශිල්පයේ දී ලබා ගන්නා සෝදුපත් අතුරින් පළමුවැන්න.
ගැලුම
නා. ද්රව ධාරිතාව මනින මිම්මක්; පයින්ට් අටක හෙවත් බෝතල හයක ප්රමාණය.
ගැවසෙනවා
ක්රි. පැතිරෙනවා; එක්රැස් වෙනවා; නිතර හැසිරෙනවා.
ගැසට් පත්රය
නා. මහජනයාගේ දැනගැනීම පිණිස අවශ්ය නීතිරීති නිල නිවේදන ආදි කරුණු පළ කරනු ලබන රජයේ නිල පත්රිකාව.
ගැස්ට්රින්
(පාරිභා.) නා.ප්ර. ආමාශයෙහි හයිඩ්රෝක්ලෝරින් අම්ල ස්රාවය උත්තේජනය කරන හා රුධිර පීඩනය වැඩි කරන හෝර්මෝනයක්.
ගැස්ම
1. නා. කම්පනය; පීඩනය; වෙව්ලීම; තැතිගැන්ම.
2. නා. පිපිරීම; ඉරිතැලීම.
3. නා. හැප්පීම; වැදීම.
4. (පාරිභා.) නා. මොළයේ සංවේදී කොටස්වල හෝ චාලක කොටස්වල හෝ ක්රියාව හදිසියේ අවුල් වීම; අපස්මාරය.
5. (පාරිභා.) නා. ශරීරයේ මස්පිඬු හැකිලීම හා ලිහිල් වීම නිසා ඇතිවන කම්පනය (=clonic stage).