සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 586
ගැස්සුම්වරණය
(පාරිභා.) නා. යන්ත්‍රයක විශේෂයෙන් මෝටර් රථයක ගැස්සීම වැළැක්වීමේ උපකරණය (=anti-knock).
ගැස්සෙනවා
1. ක්‍රි. හිටිහැටියේ තැති ගැනෙනවා, බයවෙනවා.
2. (කථා.) ක්‍රි. යම්කිසි වැඩක් බලාපොරොත්තු රහිත ව වැරදී යනවා; අසාර්ථක වෙනවා.
ගැසිනි මෙහෙය
නා. අත්පය වෙහෙසා කරන වැඩ; බර වැඩ.
ගැසෙනවා
2. ක්‍රි. සැලෙනවා; වෙවුලනවා.
3. ක්‍රි. පුපුරනවා; පැළෙනවා.
4. ක්‍රි. ඉපිලෙනවා; ස්පන්දනය වෙනවා.
ගැහැට
නා.ප්‍ර. පීඩාව; කරදරය; හිරිහැරය.
ගැහැටියා
නා. නොදියුණු තැනැත්තා; ම්ලේච්ඡයා.
ගැහැටුම
1. නා. ඝට්ටනය; ගැටීම.
2. නා. හිරිහැරය; පීඩාව; ගැහැට.
3. නා. ඖෂධීය කොළ මල් ආදිය අඹරා සාදාගත් මිශ්‍රණය.
ගැහැනිය
1. නා.ප්‍ර. ස්ත්‍රිය; කාන්තාව; කත; ලලනාව.
2. නා.ප්‍ර. අඹුව; බිරිය.
නා. උපද්‍රවය; හිරිහැරය.
ගැහැවිනිය
නා. ගෘහිණිය; ස්වාමිදුව.
ගැහැවියා
1. නා. ගහපතියා; ගෙහිමියා.
2. නා. ගොවියා.
ගැහෙනවා
1. ක්‍රි. පැළෙනවා; පුපුරනවා; ඉරිතළනවා.
2. ක්‍රි. වෙවුලනවා; සැලෙනවා.
ගැළත්ත
නා. වටේට පෙළ ගැස්වූ කරත්ත සමූහය.
ගැළතිල්ල
1. (කථා.) නා. කමතේ කොළ පෑගීමට එකට ඇඳූ මීහරක් සමූහය.
2. (කථා.) නා. මීගොන් ඈඳන ලණුව.
ගැළතුම
සීසෑමේදී හා කොළ මැඩවීමේ දී යොදාගන්නා ගවයන් සිව්දෙනකු හෝ වැඩි ගණනක් එකට ඈඳාගත් හරක් සමූහය; වර්තය.
ගැළපිල්ල
(පාරිභා.) නා. වෙනස හෝ අඩුව සකස් කිරීම; සමායෝජනය (=adjustment).
ගැළපෙනවා
ක්‍රි. යෝග්‍ය වෙනවා; ඔබිනවා; සරිලනවා.
ගැළියාය
නා. පිරීම; රාශියකගේ එක්රැස්වීම.
ගෑනු බෑය
නා. ඇස් තුන තිබෙන පොල්ලෑය.
ගෑනුබින්න ඉඩම
නා. ඉඩම් පංගු විශේෂයක්; බින්න ක්‍රමයට විවාහ වූ ස්ත්‍රියට පියාගෙන් උරුමවන ඉඩම.
ගෑනුමල
නා. ස්ත්‍රී කේශර ඩිම්බ පමණක් ඇති මල; ජායාංගි පුෂ්පය.
ගෑරුප්පුව
නා. ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ඇඟිලි බෙදුණු හැන්දක් වැනි ලෝහමය උපකරණයක්.
ගෑලියාව
(කථා.) නා. කෑමට ඇති තදබල ආශාව; කෑදරකම.
ගෑස්
(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍ය වායු ගෝලයේ උෂ්ණත්වයෙන් ඝන බවට හෝ ද්‍රවබවට පත් නොවන ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි වායු මිශ්‍රණය.
ගෑස් මැන්ටලය
නා. ගෑස් ලාම්පුවේ ආලෝකය (ගිනිදලුව) රඳා සිටින දැල් තිරය; ගෑස් ලාම්පුවේ මැන්ටලය.