සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 587
ගෑස් ලාම්පුව
නා. ගෑස් වායුවට ගිනි ඇවිළවීමෙන් දැල්වෙන ලාම්පු විශේෂය.
ගෑස් ලිප
නා. ගෑස් දැල්වීමෙන් ගිනි පත්තු කරන ලිප.
ගෑස් වෙස්මුහුණ
(පාරිභා.) නා. විෂ වායුවලින් ආරක්ෂාවීමට යොදා ගන්නා මුහුණු වැස්මක් (=gas mask)
ගෑස්යාය
නා. පොළොව යට තිබෙන ඛනිජ තෙල්වලින් හටගන්නා ගෑස් පැතිර තිබෙන විශාල භූමි ප්‍රදේශය.
ගෑස්සිලින්ඩරය
නා. දහනය සඳහා ගන්නා වායුව තැන්පත් කොට තිබෙන සිලින්ඩරාකාර භාජනය.
ගිගිරාන
(කථා.) නා. ගල්වලින් ගැවසුණු කඳු සහිත ප්‍රදේශය.
ගිගිරිය
1. නා. ඉතා උස් හඬ; ගර්ජනය.
2. නා. ගෙජ්ජි; කිංකිණි.
ගිගිරිවළලු
නා.ප්‍ර.බහු. නැට්ටුවන් පයේ හා අතේ ලන මිහිරි නාදයක් උපදවන වළලු විශේෂය.
ගිගිරුම
නා.ප්‍ර. මහත් හඬ; ගර්ජනය.
ගිගුම
නා. මහත් ශබ්දය; ඝෝෂාව; ගිගුරුම; ගර්ජනාව.
ගිගුම් දෙනවා
ක්‍රි. මහත් ශබ්දයක් නගනවා; ගර්ජනාවක් කරනවා.
ගිගුරු පොට
නා. නැට්ටුවන් පය බඳින ගිගිරි සහිත පට; ගෙජ්ජිවැල.
ගිජිඳු
ගිජු
වි. කෑදර; ලොල් වූ; ලෝභී.
1. නා.ප්‍ර. කෑදරකම; ආශාව.
2. නා.ප්‍ර. ඇතා; අලියා.
ගිඤ්ජකාවසථ
නා.ප්‍ර. ගඩොලින් නිම කළ ගොඩනැගිල්ල.
ගිඩිය
(කථා.) නා. වංගෙඩිය.
ගිණික
නා. වෛශ්‍යාව; ගණිකාව; නගර සෝභනිය.
ගිණුම
නා. මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ ලිඛිත විස්තරය; ගනුදෙනු සම්බන්ධ ලේඛනය.
ගිතෙල්
නා. එළකිරෙන් සාදා ගන්නා උකු තෙල් වර්ගය; එළඟි තෙල්.
ගින්න
1. නා.ප්‍ර. කිසිවක් දැවීමේ දී ක්‍රියාකාරී වන ශක්ති විශේෂය; අග්නිය.
2. නා.ප්‍ර. කුස තුළ ආහාර පැසවීමට අවශ්‍ය දාහය; කුසගින්න.
ගිනි
1. වි. පිලිස්සෙන ලද හෝ සැර.
2. වි. ගින්දර වැනි.
1. නා.ප්‍ර. ගින්න.
2. නා.ප්‍ර. අනු දිසාවක නාමය; ගිනිකොණ.
3. නා.ප්‍ර. පද්‍ය බන්ධනයෙහි නියමිත ගණ අටෙන් එකක්.
4. නා.ප්‍ර. පත්තිනි දේවියගේ අවතාර සතෙන් එකක්; ගිනි පත්තිනි.
ගිනි අඟුර
1. නා. ගින්නෙන් පිලිස්සී දිලිසෙමින් තිබෙන අඟුරු කැබැල්ල.
2. (රූඪි.) නා. විශාල විපත්තිය; විනාශය.
ගිනි අලල
නා. ගිනි රශ්මිය; ගින්නෙන් ඇති වන දැඩි උෂ්ණත්වය.
ගිනි අලාතය
නා. ගිනි පෙනෙල්ල; ගිනි පන්දම.