සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 588
ගිනි අව්ව
(කථා.) නා. දැවෙන අව්ව; තද සූර්යතාපය.
ගිනි අවිය
නා. ගිනි පිටවන ආයුධය; තුවක්කුව.
ගිනි අවුළුවනවා
1. ක්‍රි. ගිනි දල්වනවා; ගින්දර පත්තු කරනවා.
2. ක්‍රි. කල කෝලාහල ඇති කරනවා.
ගිනි ඇඳිරිය
(කථා.) නා. ඉර බැස යන වෙලාව; සැන්දෑව.
ගිනි ඇවිළෙනවා
1. ක්‍රි. ගිනි පත්තුවෙනවා; ගිනි දැල්වෙනවා.
2. (කථා.) (රූඪි.) ක්‍රි. බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.
ගිනි උණ්ඩය
නා. වෙඩි උණ්ඩය.
ගිනි උදුන
නා. ලිප; පෝරණුව.
ගිනි එන්ජිම
නා. ගින්න නිවීමට වතුර විදින යන්ත්‍රය; ගිනි නිවන යන්ත්‍රය.
ගිනි කටුව
1. නා. ගිනිගල සමග ගටා ගිනි අවුළුවා ගැන්මට භාවිත කරන ලෝහ කැබැල්ල.
2. නා. ගින්නෙන් රත් කොට ශරීරයේ අවශ්‍ය ස්ථාන කැවීමට ගන්නා කටුව.
3. (කථා.) නා. කැති පොරෝ ආදිය මුවහත් කිරීමට ගන්නා වානේ කැබැල්ල.
ගිනි කඩදාසිය
නා. ලී ආදියේ මතුපිට සූරා මට්ටම් කිරීමට පාවිච්චි කරන කඩදාසිය; වැලි කඩදාසිය.
ගිනි කඩනවා
1. (කථා.) ක්‍රි. ගිනි මොලවනවා.
2. (කථා.) ක්‍රි. වෙඩි තියනවා.
3. (කථා.) ක්‍රි. පුලුස්සනවා.
ගිනි කනවා
1. ක්‍රි. ගිනි රශ්මියෙන් පීඩා විඳිනවා.
2. ක්‍රි. නීතීඥයන් අය කරන මුදල සම්බන්ධයෙන් ද වෙළඳුන් අයුතු ලෙස ලාභ ලැබීම සම්බන්ධයෙන් ද යෙදේ.
ගිනි කන්ද
නා. පොළොව අභ්‍යන්තරයෙහි පවතින ලෝදිය ගිනි අළු; ලෝ දිය, ගෑස් ආදිය නිතර හෝ කලින් කල උඩට විහිදී යන විවරයක් හෝ විවර වැඩි සංඛ්‍යාවක් සහිත කඳු ශිඛරය; යමහල (=volcano).
ගිනි කඳයා
(කථා.) නා. තුවක්කුව.
ගිනි කබල
නා. භාවිතය සඳහා ගිනි අඟුරු දමන භාජනය; අඟුරු කබල.
ගිනි කරනවා
1. ක්‍රි. ගින්දර පත්තු කරනවා; ගිනි දල්වනවා.
2. ක්‍රි. ගින්නෙන් රත් කරනවා; ගිනියම් කරනවා; පිසිනවා.
3. ක්‍රි. බඩගින්න ඇති කරනවා.
ගිනි කලබ
නා. ගිනිගොඩ; අග්නි කලාපය.
ගිනි කසේට
(කථා.) ක්‍රි.වි. ඉක්මනට; කඩිනමට.
ගිනි කිස
1. නා. (වෛද්‍ය ප්‍රතිකාර විධියක් වූ) අග්නි කර්මය; ගිනිකම.
2. නා. අග්නි කෘත්‍යය; දැවීම; පිලිස්සීම; ආදාහනය.
ගිනි කීර
නා. දැවෙන ලී පතුර; පත්තු වෙන ලී කූර.
ගිනි කුන්දං ගැහෙනවා
(කථා.) ක්‍රි. (ගිනි ගොඩ ගැහෙනවා යනු වාච්‍යාර්ථයි) වැඩ වරදිනවා; මහත් අමාරුවට වැටෙනවා.
ගිනි කුන්දම
(කථා.) නා. උග්‍ර කලහය; රණ්ඩුව; දබරය.
ගිනි කූටක
(කථා.) වි. තද ග්‍රීෂ්මය සහිත; උෂ්ණාධික; දැවෙන.
ගිනි කූටකය
නා. තද රශ්මිය; තද අව්ව.