සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 628

චතුර්ථි

නා.ප්‍ර. සතරවන නාම විභක්තිය.

චතුර්දශ

වි. දාහතරක් වූ.

චතුර්ද්වීප

නා.ප්‍ර. (මහමෙර වටා පිහිටා ඇතැයි දැක්වෙන) මහ දිවයින් සතර; දඹදිව, උතුරුකුරු දිවයින, අපරගෝයානය, පූර්ව විදේහ යන මහාද්වීප.

චතුර්දිශා

නා.ප්‍ර. නැගෙනහිර, දකුණ, බස්නාහිර, උතුර යන දිශා සතර.

චතුර්ධාතු

නා.ප්‍ර. (අභි.) පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතර.

චතුර්නිකාය

නා. සූත්‍ර පිටකයට අයත් දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර යන නිකාය ග්‍රන්ථ හතර.

චතුර්භාගය

නා. හතරෙන් පංගුව; කාල.

චතුර්භුජ

1. නා.ප්‍ර. අත් හතර; (ගණිත) ඍජු රේඛා හතරකින් වට වූ රූපය; චතුරශ්‍රය.
2. නා.ප්‍ර. අත් සතරක් ඇත්තා; විෂ්ණු දෙවි.

චතුර්මුඛ

නා.ප්‍ර. මුහුණු සතරක් ඇත්තා; මහා බ්‍රහ්මයා.

චතුර්යුග

නා.ප්‍ර. කෘත, තේත්‍රා, ද්වාපර, කලි යන මහා යුග සතර.

චතුර්යෝගය

නා. ජ්‍යෝතිෂයෙහි ග්‍රහයන් සතර දෙනකු එක් රාශියකට යෝග වීම.

චතුර්වර්ගසම්පත්

නා.ප්‍ර. ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සම්පත් සතර.

චතුර්වර්ණ

නා.ප්‍ර. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන වර්ණ හෙවත් කුල හතර.

චතුර්විධ අගතිය

නා. අගතියට හේතුවන ඡන්දය, ද්වේශය, භය, මෝහය යන කරුණු සතර.

චතුර්විධ ආහාර

1. නා.ප්‍ර. ආහාර වර්ග සතර; කබලිඞ්කාරාහරය, ඵස්සාහාරය, මනෝසඤ්චේතනාහාරය, විඤ්ඤාණාහාරය යන සතර.
2. නා.ප්‍ර. කෑ යුතු (බජ්ජ) බුදිය යුතු (භෝජන) ලෙවිය යුතු (ලෙය්‍ය) හා පිය යුතු (පෙය්‍ය) යන ආහාර සතර වර්ගය.

චතුර්විධ ඉර්ධි

නා.ප්‍ර. අධිෂ්ඨාන, විකුර්වණ, මනෝමය හා සමාධි විෂ්ඵාර යන සෘද්ධි සතර.

චතුර්විධ නිමිත්ත

නා.ප්‍ර. බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට හේතු වන සතරාකාර නිමිත්ත; වෘද්ධ, රෝගි, මෘත, ශ්‍රමණ යන සතර පෙරනිමිති.

චතුර්විධ ප්‍රත්‍යය

නා. භික්ෂු ජීවිතයට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිවුපසය.

චතුර්විධ පාරාජිකාව

නා. මෛථුන ධර්ම, අදත්තාදාන, මනුෂ්‍ය විග්‍රහ, උත්තරි මනුෂ්‍ය ධර්ම යන පාරාජිකා ආපත්ති සතර.

චතුර්විධ බ්‍රහ්මවිහරණය

නා. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිවු බඹ විහරණ.

චතුර්විධ මාර්ගය

නා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන ආර්යමාර්ග සතර.

චතුර්විධ ශාසනය

නා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු වැදෑරුම් ශාසනය.

චතුර්විධ ශාස්ත්‍රය

නා. සතරාකාර ශාස්ත්‍රය; වේදය, න්‍යායය, ව්‍යාපාරය, දණ්ඩ නීතිය යන සතර.

චතුර්විධ සම්‍යක්ප්‍රධානය

නා. නූපන් අකුසල් නොඉපදවීම; උපන් අකුසල් දුරුකිරීම; නූපන් කුසල් ඉපදවීම; උපන් කුසල් දියුණු කිරීම යන යහපත් ව්‍යායාම සතර.