සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 627
චතුඃසත්‍යය
නා. චතුරාර්ය සත්‍යය.
චතුඃසාගරය
නා. මහාමේරු පර්වතය වටා ඇතැයි සැලකෙන පූර්ව, දක්ෂිණ, පශ්චිම, උත්තර යන සාගර සතර.
චතුකෝටික
වි. සිවු කෙළවරක් ඇති; සිවුකොන් ඇති.
චතුදිශ
නා.ප්‍ර. සතර දිසාව; සිවු දිග.
චතුධා
නා. සතර ආකාරයකින්; සිවු අයුරකින්.
චතුපදික
වි. පාද සතරක් ඇති; සිවුපා ගණයට අයත්.
චතුප්පද
වි. පා සතරක් ඇති.
චතුප්පදික
නා.ප්‍ර. පා සතරක් ඇත්තා; සිවුපාවා.
චතුපාරිශුද්ධි ශීලය
නා. ප්රාතිමෝක්ෂ සංවර, ඉන්ද්රියසංවර, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍යසන්නිශ්‍රිත යන සීල හතර; සිවු පිරිසිදු සිල්.
චතුමග්ගඤාණය
නා. සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී, අර්හත් යන සතරමඟ පිළිබඳ නුවණ.
චතුමධුර
නා.ප්‍ර. ගිතෙල්, වෙඬරු, මීපැණි, උක්හකුරු යන මිහිරි වර්ග සතර.
චතුයෝනිය
නා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනුවෙන් දැක්වෙන සත්ත්වයින්ගේ සතර උත්පත්තිය.
චතුර
1. වි. කථාවෙහි දක්ෂ; කීමෙහි බිණීමෙහි සමත්.
2. වි. දක්ෂ; සමර්ථ; ක්‍රියාශූර.
3. වි. කඩිසර; වේගයෙන් ගමන් කරන.
චතුරංග
1. වි. අංග සතරකින් යුත්; සිවුරඟ.
2. වි. චතුරංග කෙළිය.
චතුරංග කෙළිය
නා. දාම් වැනි ගෘහ ක්‍රීඩා.
චතුරංගනී සේනාව
නා. ඇත්, අස්, රිය, පාබල යන සතර වැදෑරුම් යුද්ධ සෙනඟ; සිවුරඟ සෙනඟ.
චතුරංගය
[චතුර් + අංගය]
1. නා. කොටස් හතර; භාග හතර.
2. නා. කොන් හතරකින් යුත් ජ්‍යාමිතික රූපය.
චතුරඞ්ග සමන්නාගත
වි. අවයව කොටස් හතරකින් යුතු.
චතුරශ්‍ර
වි. හතරැස්.
1. නා.ප්‍ර. පාද හතරකින් ද අභ්‍යන්තර කෝණ හතරකින් ද යුක්ත සංවෘත ජ්‍යාමිතික තලරූප.
2. නා.ප්‍ර. කේතුවක නොහොත් ආලෝකධාරා විශේෂයක නාමය.
3. නා.ප්‍ර. අශුභ ග්‍රහ දෘෂ්ටි වලින් එකක නාමය.
4. නා.ප්‍ර. සංගීත තාල විශේෂයක්.
චතුරස්සකය
නා. කොන් හතරක් සිටින ලෙස කපන ලද රවුල; සිවුකොන් දැළිවලුව.
චතුරස්සර
වි. පැති හතරක් ඇති; හතරැස්; චතුරස්‍ර.
චතුර්ථ
වි. සතරවන; සිවුවැනි.
චතුර්ථධ්යානය
නා. (අභි.) සතරවන ධ්‍යානය; රූපාවචර ධ්‍යාන සතරවැන්න.