සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 626
චට්නි
නා.ප්‍ර. පලතුරු, වියළි මිරිස්, විනාකිරි ආදිය යොදා පිළියෙල කරගන්නා පැසි විශේෂයක්.
චටුල
1. වි. ලෙලෙන; කම්පනය වන.
2. වි. සුන්දර; මනස්කාන්ත.
චටුලා
1. නා.ප්‍ර. කාන්තාව; ස්ත්‍රිය.
2. නා.ප්‍ර. විදුලිය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කන්‍යා රාශිය.
චටූපමා
(අලං.) නා.ප්‍ර. ප්‍රියාලාප වශයෙන් කියනු ලබන උපමාව නිසා ඇති වන කාව්‍යාලංකාරය.
චණක
නා.ප්‍ර. ධාන්‍ය වර්ගයක්; කඩල.
චණ්ඩ
වි. නපුරු; රෞද්‍ර; සැහැසි.
චණ්ඩ භීරුකයා
නා. හැඩිදැඩි බිහිසුණු තැනැත්තා.
චණ්ඩ මාරුතය
නා. සැඩසුළඟ; කුණාටුව.
චණ්ඩකර
නා.ප්‍ර. සැඩ රශ්මිය ඇත්තා; සූර්යයා.
චණ්ඩතාප
[චණ්ඩ + ආතප]
1. නා.ප්‍ර. තද අව්ව; හිරුරැස්.
2. නා.ප්‍ර. හිරු; සූර්යයා.
චණ්ඩාල
නා.ප්‍ර. සැඬොල්; රොඩී.
චණ්ඩාලයා
නා. සැඬොල් කුලයේ තැනැත්තා.
චණ්ඩි
(කථා.) වි. හිතුවක්කාර; මැරවර; සැහැසි.
චණ්ඩිකා
නා.ප්‍ර. ඊශ්වර භාර්යාව; දුර්ගා දේවිය.
චණ්ඩියා
නා. මැරවරයා; සැහැසියා.
චත්තාළීස
වි. හතළිස්; හතළිහක් වූ.
චත්වර
1. නා.ප්‍ර. මිදුල; අඞ්ගණය.
2. නා.ප්‍ර. හතරමං හන්දිය; සිවුමංසල.
චතාරිකසිල්
නා.ප්‍ර. (ක්‍රිස්ති.) ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශය ගෙන ක්‍රිස්තු භක්තිකයන් විසින් සතලිස් දිනක් රකින සීලය.
චතු
වි. සතර; සිවු.
චතුඃපාරිෂද්යයා
නා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට අයත් තැනැත්තා.
චතුඃෂෂ්ටි
වි. හැටහතර; සූසැට.
චතුඃෂෂ්ටිආභරණ
නා.ප්‍ර. ආභරණ වර්ග හැටහතර; සිවුසැට ආභරණ.
චතුඃෂෂ්ටිකලා
නා.ප්‍ර. සිවුසැටකලා හා ශිල්ප.
චතුඃසංග්රහ වස්තුව
නා. දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සිවුසඟරාවත; අනුනට සංග්‍රහ කිරීමේ ක්‍රම සතර.
චතුඃසත්යබෝධිය
නා. චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමේ නුවණ; මාර්ගඥානය.