සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 629
චතුර්විධබුද්ධ
නා.ප්ර. සර්වඥ බුද්ධ, පච්චේක බුද්ධ, චතුස්සත්ය බුද්ධ හා බහුශ්රැත යන සතරාකාර බුදුවරයන් වහන්සේලා.
චතුර්විධභූමි
නා.ප්ර. අපාය භූමිය, කාමසුගති° රූපාවචර° අරූපාවචර° යන සතරාකාර භූමි.
චතුර්වේදය
නා. සෘග්, යජුස්, සාම, අථර්වන් යන වේද සතර.
චතුරානන
චතුරාරක්ෂා
නා.ප්ර. කෙලෙසුන්ගෙන් සිත ආරක්ෂා වීමට උපකාර වන කර්මස්ථාන හතර; බුද්ධානුස්සති; මෙත්තානුස්සති; අසුභානුස්සති; මරණානුස්සති යන කර්මස්ථාන.
චතුරාර්ය මාර්ග
නා.ප්ර. බුද්ධාදි ආර්ය පුල්ගලයන් ගිය මඟ; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සතර.
චතුරාර්ය සත්යය
නා. නිවන් දැකීම පිණිස ආර්ය පුද්ගලයන් විසින් අවබෝධ කොට ගත යුතු උතුම් සත්ය සතර; දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්ය සතර.
චතුරාශ්රම
[චතුර් + ආශ්රම]
නා.ප්ර. පැරණි භාරතීය බ්රාහ්මණයන් ගත කළ බ්රහ්මචාරී, ගෘහස්ථ, වානප්රස්ථ, සන්න්යාසි යන ජීවන අවස්ථා හතර.
චතුරාශ්රවය
නා. දිගුකලක් තිස්සේ නොනැවතී ගලා බස්නා කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන කෙලෙස් හතර.
චතුරිර්යාපථ
[චතුර් + ඊර්යාපථ]
නා.ප්ර. යාම්ඊම්, ඉදීම්, හිටීම්, සැතපීම් යන ඉරියවු සතර.
චතුරුපාය
නා. රාජ්ය පාලනයේ දී අනුගමනය කළ යුතු වන සාම, දාන, භේද, දණ්ඩ යන උපාය සතර.
චතුරෝඝය
[චතුර් + ඕඝය]
නා. ඕඝ හෙවත් ප්රවාහ වැනි ගලා යන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන කෙලෙස් සතර.
චතුවිංශත්
වි. විසිහතර වන; සූවිසි.
චතුවෛශාරද්ය ඥානය
නා. සතර ආකාර වූ විශාරද භාවය පිළිබඳ නුවණ; අර්ථ, ධර්ම, නිරුක්ති, ප්රතිභාන යන සතර තැන්හි විසාරද බව මෙනෙහි කිරීම හේතු කොට ගෙන උපන් සොම්නස් සහගත නුවණ.
චතුෂ්කය
1. නා. හතරකින් යුක්ත කණ්ඩායම: හතරේ ගොඩ; හතරක කට්ටලය.
2. නා. නහනගෙය.
චතුෂ්ක්ලෝමියා
(පාරිභා.) නා. කරමල් හතරක් ඇති සතා; සතර පටක් ඇති කරමල් සහිත සත්ත්වයා. (=tetrabranchiate).
චතුෂ්කෝටික
වා. කෙළවර සතරක් ඇති.
චතුෂ්කෝණ
වි. සතරැස්; මුලු හතරක් ඇති.
(පාරිභා.) නා.ප්ර. කෝණ හතරකින් සහ පාද සතරකින් යුත් තල රූපය.
චතුෂ්ටය
නා. සතරේ ගොඩ; හතරේ එකතුව.
චතුෂ්පථය
නා. මාර්ග සතරක් එක් වන තැන; සතරමංහන්දිය.
චතුෂ්පද
1. වි. පා සතරක් ඇති; සිවුපා.
2. වි. කවි පද (පේලි) හතරක් ඇති; ගාථා හතර පදයකින් යුත්.
නා. පා හතරක් ඇති සතා; සිවුපාවා.
චතුෂ්පදිකයා
නා.ප්ර. පා හතරක් ඇත්තා; සිවුපාවා.
චතුෂ්ප්රත්යය
නා. සිවුපසය; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යන සතර පසය.
චතුෂ්ෂෂ්ටි
වි. හැට හතර; සිවුසැට.