සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 659
ජනසවිය
නා. 1989-93 දක්වා පැවති රජය විසින් හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නගාලීමට ඇති කරන ලද වැඩපිළිවෙළ.
ජනහමුව
නා. ජනතාව මුණගැසීම; පාලකයන් ජනතාව හමුවට පැමිණ කතාබස් කිරීම.
ජනහිතකාමී
වි. මහජන යහපතට කැමති; ජනතාභිවෘද්ධිය පතන.
ජන්ඩිය
1. (කථා.) නා. සැඬ පරුෂ ගතිය; දැඩි නොහික්මුණු ස්වරූපය; චණ්ඩ ගතිය.
2. නා. ජේත්තුව; මනාව සැරසීම.
ජන්තාඝරය
නා. හුමාලයෙන් ඇඟ රත් කිරීම සඳහා සෑදුගෙය; ගිනිහල්ගෙය.
ජන්තු
1. නා.ප්ර. (සාමාන්ය) ප්රාණියා; සත්ත්වයා; පුද්ගලයා.
2. නා.ප්ර. ඇමීබා වැනි ක්ෂුද්ර ප්රාණි විශේෂය.
ජන්ම උරුමය
නා. උපතින් ම ලබන හිමිකම; සහජ දායාදය.
ජන්ම කේන්ද්රය
1. නා. ජන්ම රාශිය; ලග්නය.
2. නා. ජන්ම පත්රය.
ජන්ම ගතිය
නා. උපතින් ලත් ගතිගුණ; සහජ ස්වභාවය.
ජන්ම දිනය
නා. උපන් දිනය; උපත සිදු වූ දවස.
ජන්ම පත්රය
නා. කෙනකුගේ උත්පත්ති අවස්ථාවෙහි පැවති ග්රහචාරය අනු ව සකස් කරගන්නා වූ සටහන්පත; වේලපත්කඩ.
ජන්ම පාපය
නා. (ක්රිස්ති) උත්පත්තියෙන් ම උරුම වන පාපය; ආදම්, ඒව දෙදෙනාගේ වරද නිසා ඔවුන්ගෙන් පැවතෙන්නවුන්ට දේව වරප්රසාද අහිමි වීමේ දෝෂය.
ජන්ම භූමිය
නා. උපන්බිම; උපත ලැබූ දේශය.
ජන්ම රාශිය
නා. (ජ්යෝති.) යමකුගේ ජන්මාවස්ථාවේ පැවති රාශිය; උපන් ලග්නය.
ජන්ම ලාභය
නා. උපතක් ලැබීම; උපත.
ජන්මප්රවේණිය
වි. ජන්ම උරුමය.
ජන්මභේද කරනවා
ක්රි. උපන් කුලය හෝ පරපුර කෙලෙසනවා; මෛථුනයෙහි යෙදීමෙන් කාන්තාවකගේ පවිත්රතාව බිඳ දමනවා.
ජන්මය
1. නා. ඉපදීම; උපත; උත්පත්තිය.
2. නා. ආත්මභාවය.
ජන්මවත්
වි. උසස් කුලයක උපන්; උත්තම වංශයක් ඇති; කුලීන.
ජන්මාණු සෛලය
(පාරිභා.) නා. ජන්මාණු ඇති කරන ඩිම්බ හෝ ශුක්රාණු සෛලය (=germ cell) .
ජන්මාණුක
[ජන්ම + අණුක]
1. (පාරිභා.) වි. ජන්මාණුව පිළිබඳ වූ (=gametic).
2. වි. ජනක (=germinal).
ජන්මාණුක අපිච්ඡදය
(පාරිභා.) නා. ඩිම්බකෝෂය ආවරණය කර ඇති සෛල තට්ටුව (=germinal epithelium).
ජන්මාණුජනනය
(පාරිභා.) නා. ජන්මාණු සෛලවලින් ලිංගික සෛල ඇති වීම.
ජන්මාණුව
(පාරිභා.) නා. යුක්තාණු ඇති කරනු පිණිස යුගල වශයෙන් එකතු වන ප්රජනක සෛලය (=zygotes).