සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 658
ජනපොත
නා. පුද්ගලයින් හා ඔවුන් සම්බන්ධ ආයතන ආදිය පිළිබඳ තොරතුරු (අකාරාදි පිළිවෙළින්) සකස කළ ග්‍රන්ථය; ජන නාමාවලිය.
ජනබැටයා
(කථා.) දක්ෂකම් පාන්නා; විකුම් පෙන්වන්නා.
ජනභාරකාරතැන
නා. පොදු හෝ ආගමික දේපළ රැක බලාගැනීමේ වගකීම පැවරී ඇති නිලධාරියා; මහාභාරකරු (=public trustee).
ජනමත විචාරණය
නා. ජන විචාරණය; රාජ්‍ය පාලන තන්ත්රය මගින් ජනතා කැමැත්ත විමසා බැලීම; ජනමත විමසුම.
ජනමතය
නා. රටවැසියාගේ අදහස; ජනතා කැමැත්ත.
ජනමාධ්‍යය
නා. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් වැනි ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැනගැනීමට ඇති මාර්ග; විද්‍යුත් සහ මුද්‍රිත වශයෙන් දෙවැදෑරුම් වූ සන්නිවේදන ක්‍රම.
ජනමූර්ති
වි. මහජනයාගේ මූර්තියක් බඳු; මානව ගුණාඞ්ගයන්ගේ ප්‍රතිබිම්බයක් වැනි.
ජනයා
නා. මනුෂ්‍ය සමූහය; ප්රජාවත් ජනතාව.
ජනරංජනය
නා. ජනයා සතුටු කිරීම.
ජනරජ
නා.ප්‍ර. ජන පාලකයා; ප්‍රදේශ පාලකයා.
ජනරජය
නා. මහජන මතය අනු ව පිහිටුවා ගත් රාජ්‍යය.
ජනරල්
1. නා.ප්‍ර. හමුදා අණදෙන නිලධරයා; සෙන්පතියා.
2. නා.ප්‍ර. කාර්යාංශයක, දෙපාර්තමේන්තුවක ප්‍රධානයන් අතරෙහි ජ්‍යෙෂ්ඨයා.
3. නා.ප්‍ර. යුද හමුදාවේ උසස් නිලයක නාමය.
ජනලේඛනය
නා. රටක ජනගහනයත් ඒ පිළිබඳ විවිධ වැදගත් කරුණුත් පිළිබඳ රජයේ නිල වාර්තාව.
ජනවරම
නා. මහ මැතිවරණයක දී ලැබෙන බහුතර කැමැත්ත; ඡන්දදායකයන් වැඩි දෙනකු විසින් යම්කිසි පක්ෂයකට පවරතැයි සැලකෙන දේශපාලන අධිකාරය (=mandate).
ජනවහර
නා.ප්‍ර. භාෂා, කලා ආදි කටයුතු පිළිබඳව ජනතාව අතරෙහි පවතින භාවිත ලක්ෂණය.
ජනවාද
නා.ප්‍ර. ජනකථා; ජනප්‍රවාද; ගැමිකථා.
ජනශ්රැති
නා.ප්‍ර. ජනතාව අතර පවත්නා කට කතා හෙවත් ආරංචි; මුඛ පරම්පරාවෙන් ම පැවත ආ කතා ප්‍රවෘත්තිය.
ජනශේඛර
වි. මිනිසුන් අතර උසස් තැනට පැමිණි; මිනිස් වර්ගයාගේ මුදුනට ගිය; මස්තකප්රාප්ත.
ජනසඞ්ඛ්‍යා පීඩනය
(පාරිභා.) නා. ජනගහනය වැඩි වීම නිසා සමාජයට ඇති වන ආර්ථික බර.
ජනසතු
වි. ජනතාවට අයිති; ජාතික දේපළ බවට පත්; ජනසන්තක.
ජනසතු ව්‍යාපාරය
නා. ජනසතු කළ ඉපයීමේ මඟ; රජය සතු කළ ධනෝපාර්ජන සංවිධානය.
ජනසන්නිවේදනමාධ්‍ය
නා.ප්‍ර. (නව) ජනසන්නිවේදනය සඳහා උපයෝගී වන ප්රචාරක මාර්ග; ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සඟරා ආදි ප්රචාරක මාර්ග; ජනතාවට තොරතුරු දැන්වීමේ මාර්ග.
ජනසම්මත ආණ්ඩුව
නා. පොදු වැසියන්ගේ කැමැත්ත අනු ව තෝරාගත් රජය; ප්රජාතන්ත්රවාදී ආණ්ඩුව.
ජනසම්මතය
නා. ජනතාවගේ අනුමැතිය; ජනතා නිගමනය.