සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 660
ජන්මාන්තර
[ජන්ම + අන්තර]
වි. භවයෙන් භවයට සම්බන්ධ වූ; පෙර ආත්මභාවවල සිට පැවත එන.
නා.ප්‍ර. වර්තමාන ජන්මයෙන් අන්‍යතර වූ ජන්ම; පවත්නා ජන්මයට අනතුරු ජන්ම.
ජන්මාන්තරගත වෙනවා
ක්‍රි. මියයනවා; පරලෝකප්රාප්ත වෙනවා.
ජන්මී
නා.ප්‍ර. උපත ලැබූ තැනැත්තා; ප්‍රාණියා; සත්ත්වයා.
ජන්මෝත්සවය
[ජන්ම + උත්සවය]
නා. යමකුගේ උපන් දිනය නිමිත්තෙන් පවත්වන උලෙළ; උපන් දින උත්සවය.
ජන්‍ය
1. වි. උපන්; ජනිත වුණු.
2. වි. උපත පිළිබඳ.
ජන්යය
1. නා. දේහය; ශරීරය.
2. නා. උපත පිළිබඳ පූර්ව නිමිත්ත.
3. නා. කඩය; වෙළෙඳපොළ.
4. නා. යුද්ධය.
5. නා. ආරංචිය; ප්‍රවෘත්තිය.
6. නා. ප්‍රීතිය; සතුට.
ජන්යයා
1. නා. පියා.
2. නා. මනමාලයාගේ සහායයා.
ජන්යාව
1. නා. මව.
2. නා. මනමාලියගේ මිතුරිය.
ජනාකීර්ණ
[ජන + ආකීර්ණ]
වි. ජනයාගෙන් ගැවසුණු; අධික ජනසංඛ්යාවකින් පිරුණු.
ජනාදරය
ජනාධිපති
[ජන + අධිපති]
නා.ප්‍ර. ජනරජයක මහජන ඡන්දයෙන් තෝරා පත් කරනු ලබන ප්‍රධාන පාලකයා; ජනපති.
ජනාපවාදය
[ජන + අපවාදය]
නා. ජනතාවගේ දෝෂාරෝපණය; මහජනතාව විසින් දොස් පවරනු ලැබීම.
ජනාර්දන
වි. ජනයා පෙළන; ජනයා පීඩාවට පත් කරන.
ජනාලය
ජනාලාප
[ජන + ආලාප]
නා.ප්‍ර. ජනයා අතර ව්‍යවහාර වන කථා; කටකතා; ජනශ්රැති.
ජනාවාසය
[ජන + ආවාසය]
නා. මිනිසුන් පදිංචි වී ඇති භූමි ප්‍රදේශය; මහජන නිවාස භූමිය.
ජනාශ්රය
ජනික
වි. උපදවන; උත්පත්තිය සලසන; ජනනය කරන.
ජනිකා
නා.ප්‍ර. උපදවන්නී; මාතාව; මව,
ජනිත
වි. උපන්න; හටගත්; උපදවන ලද.
ජනිතය
නා. උපන් තැනැත්තා; හටගත් ප්‍රාණියා; පැටවා.
ජනිත්‍රී
නා.ප්‍ර. අම්මා; මාතාව.
ජනිතෘ
නා.ප්‍ර. පියා.
ජනෙත්ති
නා.ප්‍ර. වැදූ මව; අම්මා.