සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 661

ජනේන්ද්‍ර

[ජන + ඉන්ද්‍ර]
නා.ප්‍ර. නර ශ්‍රේෂ්ඨයා.

ජනේරුව

1. නා. ජනවාරි මාසය; ඒ කාලය.
2. නා. නව වසරක් ඇරඹෙතැයි සලකා පළමුවන දින පවත්වන උත්සවය.

ජනේලය

නා. (වාතය හා ආලෝකය ලබා ගැනීම පිණිස ගොඩනැගිලි බිත්ති ආදියෙහි තබන) විවරය; කවුළුව.

ජනේශ්වර

[ජන + ඊශ්වර]
නා.ප්‍ර. මිනිසුන්ගේ නායකයා; රජතුමා.

ජපනය

නා. මන්තර ආදිය ජප කිරීම; මැතිරීම.

ජපන් ජබර

නා.ප්‍ර. ජලාශ්‍රිත ව ඝනට වැවෙන වල් පැළෑටි විශේෂයක්; දියබෙරලිය විශේෂයක්.

ජපමාලය

නා. දේවයාඥා ජප කිරීම් ආදියට ගන්නා ඇට වැළ; අක්ෂමාලාව; ක්‍රිස්තු භක්තිකයන්ගේ කොන්තය.

ජපය

1. නා. මන්ත්‍රයක් නියමිත වාර ගණනක් මැතිරීම.
2. නා. මන්ත්‍රය; වේද මන්ත්‍රය.

ජපවැළ

(කථා.) නා. භාවනා වැඩීමේ දී උපයෝගී කරගනු ලබන ඇටවැළ.

ජබය

(කථා.) නා. පංච පෙතේ අවසන් කොටුව.

ජම්පති

නා.ප්‍ර. භාර්යාව හා ස්වාමිපුරුෂයා; අඹුසැමි යුවළ; දම්පතීහු.

ජම්පර

1. (කථා.) නා.ප්‍ර. ගල්වෙඩි දැමීම සඳහා ගල හාරනු පිණිස උපයෝගී කරගනු ලබන උපකරණයක්; බෝර කටුව.
2. නා.ප්‍ර. උකුළ තෙක් දිග ඇති කබායක්.

ජම්බරය

(කථා.) නා. ගල්වෙඩිවලට බෙහෙත් තද කරන යකඩය.

ජම්බාරය

(පාරිභා.) නා. ගොඩනැඟිලි ආදියේ අත්තිවාරම ශක්තිමත් කරවනු පිණිස එහි යටට ටැම් බස්සන යන්ත්‍රය (=piles).

ජම්බාලිය

(පාරිභා.) නා. පක්ෂී, උරග සහ උභයජීවී සතුන්ගේ සහ ඇතැම් මත්ස්‍යයන්ගේ ආන්ත්‍රික ප්‍රජනන සහ මූත්‍ර මාර්ග විවෘත වන පොදු කුටීරය (=cloaca).

ජම්බීර

නා.ප්‍ර. දොඩම්.

ජම්බුක

නා.ප්‍ර. හිවලා; නරියා.

ජම්බුකී

(පාරිභා.) නා.ප්‍ර. අලෝහ ගණයට හා හැලජන් පවුලට අයත් ඝන මූල ද්‍රව්‍යයක්; අයඩීන් (=iodine).

ජම්බූල

නා. දම් පැහැය; ජම්බුල වර්ණය.

ජම්ම

1. වි. නීච; පහත්.
2. වි. අපරීක්ෂාකාරී.
3. වි. උපත හා සම්බන්ධ.

ජම්ම ඒරාෂ්ටකය

නා. (ජ්‍යෝති.) යමකුගේ උපතේදී චන්ද්‍රයා සිටි රාශියට ශනිගේ පැමිණීම.

ජම්මක්කාරයා

1. නා. උත්පත්තියෙන් ම රටකට හිමිකම් කියන තැනැත්තා.
2. නා. උසස් ජන්මයක් ඇති තැනැත්තා.

ජම්මන්ත එදිරිය

(කථා.) නා. ජීවිතාන්තය දක්වා පවත්වාගෙන යන වෛරය; ජන්මාන්තර වෛරය.

ජඹුර

වි. ගැඹුර ඇති.
(කථා.) නා. ගැඹුරු ප්‍රමාණය.