සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 662
ජය
1. වි. රජුට අයත්.
2. වි. ශුභ; පූජනීය; ජයහ්‍රහණය පිළිබඳ.
1. නා. යුද්ධ, තරග විභාග ආදියකින් ලබන සාර්ථක ප්‍රතිඵලය; දිනීම; පැරදවීම; ජයග්‍රහණය.
2. නා. ජය පැතීම; ජය වේවා යන පාඨය.
3. නා. සශ්‍රීකභාවය; අතමිට සරුවීම; වාසිය.
4.නා. (සංගී.) සප්තතාල ප්‍රභේදයක්.
5. නා. හටගැනීම; ඉපදීම.
6. නා. ජාතිය.
7. නා. තුන්තායුධ විශේෂයක්.
ජය කඩුව
නා. රජතුමා යුද්ධයට ගෙන යන විශේෂ වූ කඩුව; මණ්ඩලාග්‍රය.
ජය කෙහෙලි
නා.ප්‍ර. යුද්ධ ආදිය ජය ගැනීමේ ප්‍රීතිය නිමිති කොට ගෙන නංවන කොඩි.
ජය කොන්තය
නා. ජයග්‍රහණය සංකේතවත් කිරීමට ගෙන යනු ලබන කුන්තායුධය.
ජය පතාකය
නා. ජයග්‍රහණය කළ බව දැක්වීම සඳහා ඔසවන මහ කොඩිය; ජයකොඩිය.
ජය පිරිත
නා. බුද්ධ කාලයෙන් පසු ව තන්ත්රයානයේ බල පැවැත්ම ආදිය නිසා ඇති වූ පිරිතක නාමය.
ජය ශ්‍රී මහාබෝධිය
1. නා. දඹදිව බුද්ධගයාවේ දී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීම සඳහා පිට දුන් ශ්‍රී මහා බෝධි වෘක්ෂය.
2.නා. ඒ ජය ශ්‍රී මහාබෝධියේ අංකුරයක් වශයෙන් අනුරාධපුරයේ රෝපණය කරන ලද (දැනටමත් ජිවමාන) ශ්‍රී මහා බෝධි වෘක්ෂය.
ජයකාහල
නා.ප්‍ර. යුද්ධ ජයග්‍රහණයේ ප්‍රීතිය නිමිති කොට පිඹින කාහලය; හොරනෑව.
ජයකේතුව
නා. ජයග්‍රහණය නිමිතිකොට ගෙන ඔසවන කොඩිය; ජය කොඩිය.
ජයග්‍රහණය
නා. ජය ගැනීම; ජය ලැබීම; දිනුම.
ජයතු
ක්‍රි. ජය වේවා යන අරුත් පැවසෙන පාලි, සංස්කෘත භාෂා ක්‍රියා රූපයක්.
ජයතුරා සක
නා. ජයග්‍රහණයක් ලත් විට ජයඝෝෂාව පතුරුවා හැරීමට ශක්‍රයා විසින් පිඹිනු ලබන හක්ගෙඩිය.
ජයන්තිය
1. නා. වසර විසිපහ, පනහ ආදි කාලපරිච්ඡේදයක් අවසානයේ පවත්වන විශේෂ උත්සවය.
2. (ක්‍රිස්ති.) නා. පාපයට ලැබෙන දඬුවම්වලට ක්ෂමාව ලැබෙන අවුරුද්ද; ජුබිලිය.
ජයමඞ්ගල
1.(කථා.) නා. ජය නමැති මංගලය; ඉතා ශුභ වූ සිද්ධිය.
2. නා. ජයග්‍රහණයක් සම්බන්ධයෙන් පවත්වන ප්‍රීති උත්සවය.
3. නා. භාරතීය සංගීතයෙහි එන තාල විශේෂයක්.
ජයමන්
නා.ප්‍ර. දිනීමේ අදහස.
ජර
වි. දිරාගිය; මහලු.
නා.ප්‍ර. වයසට යෑම; මහලුබව; දිරාපත්වීම.
ජරඨ
වි. තද; දැඩි; කුරිරු.
ජරමර
නා.ප්‍ර. කරදර; හිරිහැර; අවුල්සහගත තත්ත්වය; කලබලය.
ජර්ජරිත
වි. දැදුරු වූ; කැඩී බිඳී ගිය; කැබලි වූ.
ජර්සිය
නා. (ඇඟේ උණුසුම පවත්වා ගැනීම සඳහා) උඩුකයට අඳින ලෝම ඇඳුම.
ජරා
1. වි. දිරාපත්; වයසට ගිය; මහලු.
2. වි. කැත; අමනෝඥ; දූෂිත.
ජරා වදිනවා
ක්‍රි. මහලු බවට පත් වෙනවා.
ජරාජීර්ණ
1. වි. මහලු වීමෙන් දිරාපත් වූ; අධික වයස්ගත වීමෙන් දිරාගිය.
2. වි. පරණ වීමෙන් දිරාපත් වූ; අධික ලෙස වැඩ ගැනීමෙන් දිරූ.
ජරායුජ
වි. වැදෑමසින් ජනිත; මවුකුසින් උපන්; ජලාබුජ.