සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 664
ජල පරිශෝෂය
1. නා. දිය උරා ගැන්ම; (වියළිබව නිසා) වතුර ඇද ගැනීමේ ගතිය.
2. නා. ජලය වාෂ්ප වීම.
ජල ප්‍රලය
නා. මහා ජල ගැල්ම; මහෝඝය.
ජල ප්‍රවාහය
නා. වේගයෙන් ගලා යන දියපහර; සැඩ පහර.
ජල පීල්ල
1. (පාරිභා.) නා. වතුර ගලා බැසීමට තැනූ කුඩා දිය මඟ; පොළෝ මට්ටමෙන් උඩට බදාමෙන් බැඳ ගත් දිය කානුව (=aqueduct).
2. නා. කඳුවලින් ගලා බස්නා දිය පහරෙන් දිය ලබා ගැනීමට භාවිත කරන පීල්ල හෝ බටය; දිය පීල්ල.
ජල පෘෂ්ඨය
නා. දිය මතුපිට; දියතලය.
ජල බද්ද
නා. පරිභෝජනයට ගන්නා ජලය වෙනුවෙන් නාගරිකයන් ගෙන් රජය අයකර ගන්නා බද්ද; දිය බද්ද.
ජල බලය
නා. (යාන්ත්‍රික ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගන්නා) ජල ශක්තිය.
ජල භීතිකාව
නා. ජලයට බිය ඇති කරන පිස්සුබලු රෝගය.
ජල මට්ටම
නා. ගංගා, වැව් ආදියෙහි වතුර මට්ටම.
ජල යන්ත්‍රය
1. නා. ජල බලයෙන් ක්‍රියා කෙරෙන යන්ත්‍රය; දිය ඇංජිම.
2. නා. ළිං ආදියෙන් ජලය අදින බලවේග උපකරණ දිය විහිදුවන යන්ත්‍රය.
ජල යාත්‍රාව
1. නා. දිය මතුපිට ගමන් ගන්නා වාහනය; ජලයානය.
2. නා. දියෙන් ගමනාගමනය කිරීම.
ජල රක්තය
(පාරිභා.) නා. (සිරුරේ) ලේ දිය ගතියෙන් යුක්ත වීමේ රෝගය (=hydraemia).
ජල රාමුව
නා. කපු නූල් කැටීම සඳහා උපයෝගී කර ගත් ජල රෝදයකින් ක්‍රියා කරන යන්ත්‍රයක්; කටින රාමුව.
ජල රේඛාව
1. නා. දියෙහි ඇඳි ඉර.
2. නා. සමාන මට්ටමට විහිදෙන තිරස් රේඛාව.
ජල රෝදය
(පාරිභා.) නා. යන්ත්‍රයක් ක්‍රියා කිරීම පිණිස ජලයේ ක්‍රියාකාරීත්වයෙන් කරකැවෙන රෝදය (=water wheel).
ජල ලවය
නා. කුඩා දිය බිඳුව; සියුම් දිය බිඳ.
ජල විද්‍යාත්මක චක්‍රය
නා. සාගරය, වායුගෝලය හා ගොඩ බිම අතර ඇතිවන ජල සංසරණය හෙවත් හුවමාරුව.
ජල විද්‍යාව
(පාරිභා.) නා. ජලයේ ව්‍යාප්තිය, ස්වභාවය හා එහි න්‍යාය පිළිබඳ කරුණු අධ්‍යයනය හා සම්බන්ධ ශාස්ත්‍රය (=hydrology).
ජල විදුලිය
(පාරිභා.) නා. ජල බලයෙන් ටර්බයිනයක් භ්‍රමණය කිරීමෙන් ලබා ගන්නා විද්‍යුත් ශක්තිය (=hydrol electricity).
ජල ශාටිකාව
නා. (භික්ෂූන් වහන්සේ) දිය නෑම සඳහා අඳින වස්ත්‍රය; දිය සළුව; නාන කඩය.
ජල ශෝෂය
නා. පොළෝ මතුපිට වතුර සිඳී යෑම; ජලය වියළී යෑම.
ජල සංයුක්තිය
නා. ජලය සෑදීම සඳහා උපයෝගී වී ඇති මූල ධාතු සංයෝගය.
ජල සමකය
(පාරිභා.) නා. උෂ්ණත්වය නැංවීම සඳහා තාප ධාරිතාව හා සමාන තාප ධාරිතාවක් ඇති ජල ප්‍රමාණය (=water equivalent).
ජල සම්පාදනය
නා. (ගෙදර දොර පාවිච්චිය; කෘෂිකර්මය ආදිය සඳහා) වතුර සැපයීම.