සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 665
ජල සළාව
නා. දිය සුළිය; ජලාවර්තනය.
ජල ස්තම්භය
නා. ජලයෙහි පියවි ස්වභාවය (ජල ගතිය) වැළැක්වීම; ජලය ඝන කිරීම; දිය දමනය කිරීම හෙවත් ජලය වසඟ කර ගැනීම.
ජල ස්නානය
නා. වතුර නෑම; දිය නෑම; පැන් සැනැහීම.
ජල සිඤ්චනය
නා. දිය ඉසීම; සිහින් ජලධාරාවලින් තෙමීම.
ජලකර
නා.ප්‍ර. හයිඩ්රජන් නම් මූල ද්‍රව්‍යය.
ජලකර බෝම්බය
නා. හයිඩ්රජන් න්‍යෂ්ටින් හීලියම් න්‍යෂ්ටි බවට පත් වීමෙන් ජනිත ප්‍රබල ශක්තිය මුදා හරින බෝම්බ විශේෂය; විලයන බෝම්බය.
ජලක්ලෝම චක්‍රය
(පාරිභා.) නා. මත්ස්‍යයින්ගේ අස්ථීමය හෝ කාටිලේජිය වක්‍රවලින් එකක් (=branchial arch, gill arch).
ජලක්ලෝමය
(පාරිභා.) නා. මත්ස්‍ය හා වෙනත් ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය; කරමලය (=gill).
ජලකාමී
1. (පාරිභා.) වි. තෙත් බිමෙහි හෝ ජලයෙහි වැඩෙන.
2. වි. ජලයෙන් පරාගණය වන.
ජලගතික
වි. වතුර කළවම් කළ; දියෙන් අනාගත්; පැන් හා මුසු කළ.
ජලගෝලය
නා. විල්, ගංගා මුහුද ආදි වශයෙන් පොළොව මතුපිට ඇති ජලතලාව; පෘථිවි පෘෂ්ඨය මත ඇති ජල තලාව.
ජලචර
වි. දියෙහි හැසිරෙන හෝ වෙසෙන; ජලය ඇසුරු කරන.
ජලචරයා
1. නා. හැසිරෙන්නා; ජීවත් වන්නා; දියෙහි මත්ස්‍යයා.
2. නා. ජලය ඇසුරු කොට වසන්නා; හංසයා.
ජලජ
1. වි. දියෙහි හටගත්; ජලයේ උපන්; අම්බුජ.
2. වි. ජලයේ ජීවත් වන; (බෙහෙවින්) ජලයේ ගැවසෙන හෝ හැසිරෙන.
ජලජචිකිත්සකක්රම
නා.ප්‍ර. ජලය උපයුක්ත කර ගනිමින් ශරීරයේ නොයෙක් රෝගාබාධයන්ට පිළියම් සෙවීම.
ජලත්රාසය
නා. ජලභීතිකාව.
ජලද
නා.ප්‍ර. වැහි වලාකුළ; මේඝය.
ජලධාරාව
නා. ගලා යන දියපහර; දිය දහර; දිය කඳ.
ජලධි
නා.ප්‍ර. මුහුද; සයුර; සාගරය.
ජලනහර
නා.ප්‍ර. (පොළොව යට ඇති නහර වැනි) සිහින් දිය උල්පත්.
ජලනිෂ්යන්දය
නා. දිය ඉනීම; දිය වෑස්සීම.
ජලනිසේකය
නා. දිය ඉසීම.
ජලපන්දු ක්‍රීඩාව
නා. පාපන්දුවක් තරම් පන්දුවකින් පිහිනුම්කරුවන් අතර පැවැත්වෙන ක්‍රීඩා විශේෂයක්.
ජලපීඩන
(පාරිභා.) වි. ජලය හෝ ද්‍රව තදවීමේ බලයෙන් ක්‍රියාත්මක වන ජලවාහක (=hydraulic).