සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 666
ජලපීඩන යන්ත්‍රය
(පාරිභා.) නා. ද්‍රව පීඩන බලයෙන් යමක් තද කරන යාන්ත්‍රික උපකරණය (=hydraulic Press).
ජලපුටිකා
(පාරිභා.) නා.ප්‍ර. දිය උරා ගන්නා සියුම් සිදුර; කුඩා දිය කුහරය(=water pore).
ජලමල
නා.ප්‍ර. මූත්‍ර හා අශූචි.
ජලමාතිකා
නා.ප්‍ර. ජල මාර්ගය.
ජලමාපකය
නා. (පාරිභා.) නිවාස ආදියට සැපයෙන වතුර ප්‍රමාණය මැනීමේ උපකරණය (=water gauge).
ජලමුක්ත
(පාරිභා.) වි. දිය ඉවත් කළ; විජලිත (=dehydrated).
ජලමුද්‍රා වැසිකිළි
නා.ප්‍ර. ජලයෙන් ඇවිරී සිටින විවරය ඇතිව පිළියෙල කළ වැසිකිළිය; දුගඳ වහනය ජලය ස්තරයක් මඟින් වළක්වනු ලබන වැසිකිළිය.
ජලමුද්රාව
(පාරිභා.) නා. දියෙන් ඇවුරුණු දෙය; ජලයෙන් මුද්‍රා කොට යමක් අවුරා තැබීම (=water seal).
ජලරුහ
(පාරිභා.) වි. ජලයෙහි හෝ ජලාශ්‍රිත ව වැඩෙන; ජලජ (=aquatic).
ජලරෝධක
වි. ජලපරිරෝධක .
ජලලඹ
වි. ජලයෙන් බර වුණු; දියපිරුණු.
ජලවක
නා. පුර පක්ෂයෙහි හෝ අව පක්ෂයෙහි හතරවැනි තිථිය; චන්ද්‍රයාගේ සිවුවැනි කලාව පැමිණි දිනය.
ජලවහනය
1. නා. දිය වැගිරීම; දිය ගලා යෑම; ජලය වෑස්සීම.
2. නා. ජලය වැගිරෙන්නට සැලැස්සීම; ජලය බැස යන්ට සැලසීම.
ජලවායුව
නා. ගිනියම් කළ කාබන් සහිත ද්‍රව්‍යයක් මතින් හුමාලය යැවීමෙන් ලැබෙන කාබන්මොනොක්සයිඩ් සහ හයිඩ්රජන් අන්තර්ගත මිශ්‍ර වායුව.
ජලවාරක
(පාරිභා.) වි. දිය වළක්වන; ජලය උරා නොගන්නා; ජලයට ඔරොත්තු දෙන (=water proof).
ජලවාෂ්පය
(පාරිභා.) නා. වාතයෙහි වායුවක් වශයෙන් පවතින ජලය (=water vapour).
ජලවාහක
1. (පාරිභා.) වි. (නල හෝ ඇළ මාර්ගයෙන්) ජලය ගෙන යන.
2. වි. නල හෝ ඇළ මාර්ගයෙන් ගෙන යන ජලයේ බලයෙන් ක්‍රියා කරන (=hydraulic).
ජලවාහනය
නා. උස් පෙදෙසක සිට පහත් පෙදෙසකට ජලය බැස යෑමට සැලැස්වීම.
ජලවාහිනී පද්ධතිය
නා. ජලය හා දියර ආහාර ගෙන යන සියුම් නාල පඞ්ක්තිය.
ජලවිච්ඡේදනය
(පාරිභා.) නා. ලවණයක් සමග ජලය ප්‍රතික්‍රියා කරවීමෙන් එ ලවණයෙන් අම්ලයක් හා භෂ්මයක් සෑදීම.
ජලශ්රෝතය
1. නා. වේගයෙන් ගලා යන ජලය; සැඬ දිය පහර.
2. නා. සාගරයෙහි ගංගාවක් මෙන් ගලා යන දියපහර; දියවැල.
ජලශාක
නා.ප්‍ර. ජලය මතුපිට හෝ ජලයෙහි ගිලී පවතින ශාක, ජල බහුල ස්ථානවල වැඩෙන පැළෑටි.
ජලශුෂ්ක
වි. දිය සිඳුණු; ජලය නැති; වියැළුණු.
ජලෂේකය
නා. ජලයෙන් තෙමීම; දිය ඉසීම; නෑවීම; යමක් මත දිය වත්කිරීම.