සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 673
ජාතිභේදය
1. නා. ජාතීන් අනු ව කොටස් කිරීම; ජාති අනු ව බෙදීම හා වෙනස්කම් කිරීම.
2. නා. කුල අනු ව බෙදීම; කුල භේදය.
ජාතිමත්
වි. උසස් ගෝත්‍රයකට අයත්; ශ්‍රේෂ්ඨ වංශයක් ඇති.
ජාතිමද
නා.ප්‍ර. ගෝත්‍රය නිසා ඇති වන මානය; වංශය නිසා ඇති කරගන්නා ගර්වය.
ජාතිමාමක
වි. ජාතිය පිළිබඳ මමත්වය ඇති; කුලගෝත්‍රය පිළිබඳ ව මගේය යන හැඟීම ඇති.
ජාතිමූගයා
නා. උපතින් ගොළු වූ තැනැත්තා.
ජාතිරඞ්ග මාණික්‍යය
නා. ස්වභාවයෙන් ම බැබළෙන මැණික; පළිඟුමිණ; ස්ඵටිකය.
ජාතිරත්රන්
නා.ප්‍ර. වෙනත් ලෝහාදියක් මිශ්‍ර නොකළ; පිරිසිදු රත්රන්; දඹරන්.
ජාතිවාදය
1. නා. ජාති, ගෝත්‍ර පිළිබඳ අඩු ලුහුඬු මතු කොට කථා කිරීම.
2. නා. තම ජාතිය ම ඉස්මතු කොට සැලකීම.
ජාතිවෛරය
නා.ප්‍ර. (පූර්ව ජාතියක සිට පවත්වාගෙන එන) ජන්ම ක්‍රෝධය; දැඩි ක්‍රෝධය.
ජාතිසම්පන්න
වි. උසස් පරපුරින් යුතු; යහපත් වංශ පරම්පරාවෙන් යුක්ත.
ජාතිස්මරණ ඥානය
නා. අතීත ජාති සිහි කිරීමේ නුවණ.
ජාතීන්ගේ සංගමය
නා. අන්තර් ජාතික සහයෝගය සඳහා පිහිටවනු ලැබූ සංවිධානයක්.
ජාන ඉංජිනේරු විද්‍යාව
නා. ජාන හුවමාරුව පිළිබඳ විද්‍යාව (=genetic engineering).
ජාන තාක්ෂණය
නා. පුද්ගලයන්ගේ සුවිශේෂ වෙනස්කම්වලට ගැළපෙන ලෙස වර්ණ දේහක අනුපිළිවෙළින් පිහිටා ඇති බවට උපකල්පිත ඒකක පිළිබඳ ශිල්පීය ක්‍රමය; ප්‍රවේණ්‍යණුව පිළිබඳ ශිල්පීය ක්‍රමය.
ජානක ක්‍රියාව
(පාරිභා.) නා. ප්‍රජනනය ඇති කිරීම; ප්‍රජනන කාර්යය.
ජානනය
නා. දැන ගැනීම; විජානනය.
ජානපදිකයා
නා. ජනාවාසයක පදිංචි කාරයා; ජනපද වැසියා.
ජානය
(පාරිභා.) නා. වර්ණදේහ තුළ පිහිටා ඇති ආවේණික ලක්ෂණ නිර්ණය කරන ඒකකය.
ජානු කපාලය
නා. දණ පොල් කටුව; දණහිස් කටුව.
ජානු චක්රාස්ථිය
නා. දණපොල්කටුව.
ජානු මණ්ඩලය
නා. දණහිස; දණිස් සන්ධිය.
ජාමය
නා. යාමය; රාත්‍රියෙන් තුනෙන් එකක කාල සීමාව.
ජාමවේලාව
(කථා.) නා. රෑ මැදියමට පසු එන පැය දෙකතුන.
ජාම්බූනදස්වර්ණ
නා.ප්‍ර. ඉතා පිරිසිදු වටිනා රන් විශේෂයක්; දඹරන්.