සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 691

ඩයික්

නා.ප්‍ර. පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ද්‍රව වූ පාෂාණ ද්‍රව්‍ය උඩට නෙරා ඒමෙන් ඇති වූ ආග්නේය පාෂාණ තහඩුව.

ඩයික්රෝමේට්

(පාරිභා.) නා.ප්‍ර. මදටිය වර්ණයෙන් යුක්ත ලවණ වර්ගයක්. (=dichromate)

ඩයික්ලෝරයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. ක්ලෝරින් පරමාණු දෙකක් මූල ද්‍රව්‍යයක් සමග වන සංයෝගය. (=dichloride)

ඩයිනමයිට්

(පාරිභා.) නා.ප්‍ර. තදබල ලෙස පුපුරන රසායනික මිශ්‍රණයක්; කීසල්ගුවර් ද්‍රාවණයක අවශෝෂණය කරනු ලැබූ නයිට්රොග්ලිසරීන් ස්ඵෝටකය. (=dynamite)

ඩයිනමෝව

(පාරිභා.) නා. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම පිණිස භාවිත
වන යන්ත්‍රයක්; විද්‍යුත්ජනක යන්ත්‍රය; ජෙනරේටරය (=dynamo).

ඩයිනය

(පාරිභා.) නා. සෙන්ටිමීටරය, ග්රෑම්, තත්පර ඒකක ක්‍රමයේ බල ඒකකය; ග්රෑම් එකක ස්කන්ධයකට තත්පරයට සෙන්ටිමීටර් එකක ත්වරණයක් ගෙන දෙන බලය. (=dyne).

ඩයොප්ටරය

(පාරිභා.) නා. කාචයක බලය දක්වන ඒකකය.(=dioptre)

ඩයොරයිට්

(පාරිභා.) නා.ප්‍ර. කොළ පැහැයෙන් යුත් ආග්නේය පාෂාණ වර්ගයක්. (=diorite)

ඩයෝකීසිය

(කථා.) නා. බිෂොප් කෙනෙකුගේ පාලනයට යටත් ප්‍රදේශය.

ඩයෝඩය

(පාරිභා.) නා. ඉලෙක්ට්රෝඩ දෙකකින් යුත් ත'මයන නළය; ද්වියග්‍රය.(=diode)

ඩලකය

නා. උරයෙහි එල්ලා ගෙන යා හැකි කුඩ විශේෂයක්.

ඩවින්න

නා.ප්‍ර. යකින්න; යක්ෂණිය.

ඩවුන්ලෝඩ්

නා.ප්‍ර. අවපතනය; කිසියම් වෙබ් පිටුවක්, ගොනුවක් හෝ භාවිත යෙදුමක් දුරස්ත පරිගණකයක සිට මොඩමයක් හරහා තවත් පරිගණකයක් වෙත ලබා ගැනීම.

ඩස්ටරය

නා. කළුලෑලි ආදිය මැකීම සඳහා භාවිත කෙරෙන උපකරණය; දූවිලි පිස්නය.

ඩසිනවා

ක්‍රි. දෂ්ට කරනවා; හපනවා.

ඩහ

1. නා. බාධාව; ප්‍රමාදය.
2. නා. දහඩිය; ඩහදිය.

ඩහ නංවනවා

ක්‍රි. දහඩිය ඇති කරවනවා; ශරීරයෙන් දාඩිය පිට කරවනවා.

ඩහට

වි. දෂ්ට කරන ලද; හපන ලද; විකන ලද.

ඩහදිය

නා. උණුසුම නොහොත් වෙහෙස නිසා මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් වන දිය; ස්වේද ජලය.

ඩහදිය මල

නා. අපිරිසිදු වූ දහඩිය; ස්වේද නමැති මලය.

ඩහබිදු

නා.ප්‍ර. දාඩිය බිංදු; දහඩිය බිංදු.

ඩහඹු

නා.ප්‍ර. දෙල්ගස.

ඩ්රූප්

(පාරිභා.) නා.ප්‍ර. ලෙල්ලක් ද තනි බීජයක් ද ඇති ඵල වර්ගයක්.

ඩ්‍රගන්

1. නා.ප්‍ර. මකරා.
2. නා.ප්‍ර. පලතුරු විශේෂයක්.