සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 692
ඩ්‍රයික්ලීන්
නා.ප්‍ර. දියෙන් ඇඳුම් නොසෝදා පිරිසිදු කිරීමේ ක්‍රමය.
ඩ්‍රයිවර්
නා.ප්‍ර. රියපදවන්නා; රියැදුරා.
ඩ්රයිසෙල්
නා.ප්‍ර. විදුලි පන්දම් ආදියට යොදා ගැනීම සඳහා නිපදවා ඇති වියළි විදුලි කෝෂය; බැටරිය.
ඩ්‍රාෆ්ට්
නා.ප්‍ර. මුදල් ගෙවීම සඳහා වූ ඇණවුම; මුදල් වෙනුවට භාවිත කළ හැකි ලිඛිත පත්‍රිකාව.
ඩ්රෑම්
1. නා.ප්‍ර. අවුන්සයෙන් දහයෙන් එකක බර ප්‍රමාණයක්.
2. නා.ප්‍ර. මත්පැන් ආදි දියර වර්ග මැනීමේ මිම්මක්.
ඩ්රිෆ්ට්නෙට්
නා.ප්‍ර. මසුන් ඇල්ලීම සඳහා මූදේ රැළ සමග පාවෙන්නට හරින දැල් විශේෂයක්; පාවෙන දැල.
ඩ්‍රෙනේජ්
(පාරිභා.) නා.ප්‍ර. පොළොව යටින් කාණු දිගේ කසළ බැහැර ගෙන යන වැසිකිළි ක්‍රමය (=drainage).
ඩ්‍රෝයිං
1. නා.ප්‍ර. (චිත්‍ර.) ඇඳීම; සිතුවම් කිරීම; චිත්‍රකරණය.
2. නා.ප්‍ර. නූල් ඇදීම; පුඩුවැලිවලින් හෝ පනාවලින් නූල් වැනි දෑ ඇදීම.
ඩ්රෝයින්පින්
නා.ප්‍ර. ඡායාරූප, චිත්‍ර ආදිය ලෑලි ආදියක රැඳවීම සඳහා භාවිත කෙරෙන පළල මුදුන් සහිත කුඩා ඇණ විශේෂයක්.
ඩා
නා.ප්‍ර. ඩහදිය; ඩාදිය; ස්වේදය.
ඩා පෙත
නා. ඩහදිය ස්වල්පය; දාඩිය බින්දුව.
ඩාකිනී
නා. යකින්න; යක්ෂණිය; ඩවින්න.
ඩානවා
ක්‍රි. සපනවා; දෂ්ට කරනවා; ඩැහැගන්නවා.
ඩාප්පුව
(කථා.) නා. රජයට අයත් කුඹුරු ගොවිතැන් කිරීම පිණිස දෙන බලපත්‍රය.
ඩාමරයා
නා. බිහිසුණු ප්රභූවරයා.
ඩාලීභවනය
(පාරිභා.) නා. ශාඛා වශයෙන් බෙදී යෑම; අතු ඉතිවලට බෙදි බෙදී යෑම. (=ramification)
ඩාවින් වාදය
නා. චාර්ල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද සත්ත්ව පරිණාමය පිළිබඳ මතය.
ඩාසොලවනවා
ක්‍රි. ඩාදිය හලනවා; දාඩිය පිට කරනවා.
ඩාහය
1. නා. දැවීම; උණුසුම; ගිනියම; දාහය.
2. නා. ඩහදිය.
ඩැක්කිය
නා. කුඩා බෙර විශේෂයක්.
ඩැනියල් ආර්ද්‍රතාමානය
(පාරිභා.) නා. වායුගෝලයේ සහ වායු වර්ගවල තෙතමන ප්‍රමාණය මැනීමට උපයෝගී කරගනු ලබන උපකරණයක් (=Daniell's hygrometer).
ඩැනියල් කෝශය
(පාරිභා.) නා. සින්ක් සල්ෆේට් ද්‍රාවණයක වූ කොපර් කැතෝඩයක් සහිත ව ජෝන් පෙඩ්රික් ඩැනියල් විසින් නිපදවන ලද ප්‍රාථමික විද්‍යුත් කෝෂය (=Daniell's cell).
ඩැස්කුව
නා. බොහෝ සෙයින් පාසැල් ශිෂ්‍යයන්ගේ ලේඛන කටයුතුවලට පාවිච්චි කළ හැකි පරිදි තැනූ බෑවුම් හැඩයෙන් යුත් මතුපිට ලෑල්ලක් සහිත කුඩා මේසය.
ඩැහැ ගන්නවා
1. ක්‍රි. දෂ්ට කරනවා.
2. ක්‍රි. සපා ගන්නවා; විකා ගන්නවා.
3. ක්‍රි. පැහැර ගන්නවා; උදුරා ගන්නවා.
4. ක්‍රි. බලෙන් අල්ලා ගන්නවා.