සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 690

ට’පන්ටයින්

(පාරිභා.) නා.ප්‍ර. සායම් දිය කිරීම, පොලිතින් වර්ග තැනීම ආදිය සඳහා පයින් වර්ගයේ ගස් ජාතියක කොළවලින් සපයා ගැනෙන තෙල් වර්ගයක් (=turpentine).

ඨ

මිශ්‍ර සිංහල හෝඩියේ තිස්හතර වැනි අකුර; දාහතර වන ස්පර්ශ ව්‍යඤ්ජනාක්ෂරය; මූර්ධජ මහා ප්‍රාණ අඝෝෂ ශබ්දය.

ඨපනීය

වි. ප්‍රකාශ නොකොට තබා ගත යුතු; නොවිසඳාලිය යුතු.

ඨපනීය ප්‍රශ්නය

නා. උත්තර නොදිය යුතු පැනය.

ඨානය

1. නා. නැඟිට සිටීම; සිටීම.
2. නා. ස්ථානය; ප්‍රදේශය; වාසස්ථානය; අවකාශය.
3. නා. තනතුර; නිලය.
4. නා. (බුද්‍ධ) ශාසනය.

ඨානාන්තරය

නා. තනතුර; පදවිය; නිලය.

ඨානී

නා.ප්‍ර. ස්ථානයක් අයිති තැනැත්තා; තැනක හිමිකරු; ස්ථානාධිපතියා.

ඨානූපචාර

නා.ප්‍ර. ස්ථානයේ නාමය ස්ථානයට සම්බන්ධ දේ කෙරෙහි යොදා කරන ව්‍යවහාරය; ස්ථානෝපචාරය.

ඨිතිකාව

1. (විනය.) නා. භික්ෂූන්ගේ කුසපත් ක්‍රමයක සලාක බෙදීම නැවති තැන.
2. නා. වස් ගණන.

ඨිතිය

නා. පැවැත්ම; ස්ථිතිය.

ඨේපණී

නා.ප්‍ර. ඇතුළු සමෙහි ඇති තනපුඩු වැනි ස්නායුවල හා ශිරාවල තුඩු ඇවිත් නවතින
කෝණාකාර නෙරුම්; මෘදු පටක; පිටිකා.

ඩ

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්පස් වැනි අකුර; පහළොස් වන ව්‍යඤ්ජනාක්ෂරය.

ඩංසයා

නා. සිරුර විද ලේ උරා බොන මැසි විශේෂයක්; ඇටමැස්සා.

ඩක්කුව

1. (කථා.) නා. රේල් පීලි මත තල්ලු කරගෙන යා හැකි නොහොත්, එහි ම යන්ත්‍ර බලයෙන් දුවන කුඩා රිය විශේෂයක්.
2. නා. ට්‍රොලිය.

ඩප්පිය

(කථා.) නා. බුලතට ගන්නා හුනු ආදිය දමන කුඩා බඳුනක්.

ඩබරකය

(පාරිභා.) නා. සුෂුම්නා ශීර්ෂයෙහි පවත්නා ධූසර ද්‍රව්‍යමය උපාංගය (=olivary body).

ඩබරඟිල්ල

නා. මහපට ඇඟිල්ලත් මැදඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල; තර්ජනීය අංගුලිය; තර්ජනාංගුලිය.

ඩබරය

1. නා. කලහය; දබරය; කෝලාහලය.
2. නා. යුද්ධය; සටන; සංග්‍රාමය.
3. නා. බඩු එසවීම සඳහා ගැනෙන කැරකෙන සිලින්ඩරයක් සහිත වූ උපකරණයක්.

ඩබරාව

නා. තවුසන් හා බෞද්ධ භික්ෂූන් විසින් ලබුකැට ආදියෙන් පෙරහනක් සහිත ව සාදාගෙන පුරාණයේ භාවිත කරන ලද පැන් බඳුන් විශේෂයක්; ධම්මකරකය.

ඩබල්

නා.ප්‍ර. ද්විත්වය; දෙගුණය.

ඩමරුව

නා. පෙරදිග වාද්‍ය බෙර භාණ්ඩයක නාමය; විශේෂයක්.

ඩයලය

නා. ඔරලෝසුව ටැලිපෝනය වැනි උපකරණවල වේගය, වේලාව, බර, පීඩනය, නිෂ්පාදිතය ආදිය සංඛ්‍යා ආදිය මඟින් දක්වන මූණත් තහඩුව.

ඩයස්ටේස්

(පාරිභා.) නා.ප්‍ර. පිෂ්ටය සීනි බවට පරිවර්තනය කළ හැකි එන්සයිමයක් හෝ එන්සයිම් කාණ්ඩයක්. (=diastase)

ඩයි

නා.ප්‍ර. වස්ත්‍ර ආදිය පාට කිරීමට යොදනු ලබන සායම් කුඩු; පඬු.