සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 736
තානායම
1. නා. නිල සංචාරයේ දී රජයේ නිලධාරීන් නවාතැන් ගන්නා විවේකාගාරය.
2. නා. වැඩි පහසුව, විවේකය, කෑමබීම හා ඉඳුම් හිටුම් මුදලට සැපයෙන පොදු නවාතැන් පොළ.
තාප අවපාතය
(පාරිභා.) නා. උෂ්ණත්වයේ අඩු පීඩනය(=thermal depression).
තාප ආඝාතය
(පාරිභා.) නා. අධික රස්නයට භාජනය වීම හේතු කොට ගෙන සෑදෙන අධි මූර්ඡාව (=heat-stroke).
තාප ඌනය
(පාරිභා.) නා. තාපයේ අඩුවීමේ ප්රමාණය (=temperature lapse).
තාප එන්ජිම
(පාරිභා.) නා. තාපය, යන්ත්රකාර්යබවට හරවන එන්ජිම (=heat engine).
තාප ඒකකය
(පාරිභා.) නා. තාප ශක්තිය මැනීමේ ඒකකය; කැලරිය.
තාප කාලය
නා. තාපය අධික කාලය.
තාප කිරණ
නා.බහු. තාපය (රැගෙන යන) රශ්මි විශේෂය.
තාප චක්රය
(පාරිභා.) නා. යම් කාල සීමාවක යම්කිසි ප්රදේශයක උෂ්ණත්වය හෙවත් තාපය
වන දක්වන සටහන ලකුණු චක්රය (=temperature curve).
තාප ජනක අගය
(පාරිභා.) නා. ඉන්ධනයක හෝ ආහාරයක හෝ ස්කන්ධයෙන් ඒකකයක් සම්පූර්ණයෙන් දහනය කිරීමෙන් ලැබෙන තාප ඒකක ගණන හෙවත් බල ශක්ති ප්රමාණය; කැලරි අගය (=calorific value).
තාප ජනකය
(පාරිභා.) නා. උෂ්ණත්වය ඇති කරන යන්ත්රය; තාප උත්පාදනය (=calorifier).
තාප නියාමකය
(පාරිභා.) නා. තාපය හෙවත් උෂ්ණත්වය අවශ්ය පමණට පාලනය කර හසුරුවන උපකරණය.
තාප පරිවාරකය
(පාරිභා.) නා. තාපය සන්නයනය නොකරන හෙවත් එක් තැනක සිට තවත් තැනකට ගෙන නොයන ද්රව්යය.
තාප පලු
(පාරිභා.) නා.බහු. තාපය නිසා සම මතුපිට හටගන්නා කුඩා බිබිලි; දාඩිය බිබිලි.
තාප ප්රභවය
(පාරිභා.) නා. තාපය හටගන්නා ස්ථානය; තාපයේ උත්පත්ති ස්ථානය.
තාප ප්රසාරණය
(පාරිභා.) නා. තාපය නිසා වස්තුවක දිග පළල ආදි මාන අතරින් එකක් හෝ කීපයක් හෝ වැඩි වීම.
තාප මාරුව
(පාරිභා.) නා. වැඩි තාපයකින් යුත් වස්තුවකින් අඩතාපයක් පවතින වස්තුවක් කරා තාපය මාරුවීම.
තාප විකිරණය
(පාරිභා.) නා. තාපය විහිදී යෑම කිරණ නිකුත් කිරීම (=heat radiation).
තාප විකීරණකය
(පාරිභා.) නා. තාපය විහිදවන හෙවත් විකරණය සිදු කරන උපකරණය විකිරකය (=heat radiator).
තාප විඝටනය
(පාරිභා.) නා. තාපයේ බලපෑමෙන් ඇතැම් අණු කොටස්වලට විභේදනය වීම හෙවත් වෙන් වීම (=thermal dissociation).
තාප විද්යුතය
(පාරිභා.) නා. දෙයාකාරයක ලෝහ සන්නායක දෙකක සන්ධිස්ථානයක් පරිපථයේ අනෙක් කොටසකුත් අතර, රත් වීමේ වෙනසින් නිෂ්පාදනය වී යම් පරිපථයක් ඔස්සේ දිවෙන විදුලි ධාරාව (=thermo electricity).
තාප විපරීතතාව
(පාරිභා.) නා. තාපය හේතු කොට ගෙන පොළෝ කබල්ලෙහි තිබෙන පාෂාණය පැහැදිලි ව පෙනෙන වෙනත් ලක්ෂණවලින් යුක්ත අනෙක් පාෂාණයක් බවට වෙනස්වීම.
තාප ශක්තිය
(පාරිභා.) නා. තාපයෙන් ඇතිවන බලය හෙවත් ශක්තිය.
තාප සන්නයනය
(පාරිභා.) නා. තාපශක්තිය අණුවෙන් අණුවට යෑම සඳහා කිසියම් වස්තුවක කොටසින් කොටසකට තාපයේ ගමන් කිරීම; එක් අණු සමූහයකට ලැබුණු තාපය තවත් අණු සමුහයක් කරා ගමන් කිරීම (=thermal conduction).