සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 751
තින්තිණ
නා.ප්‍ර. අන් සතු දේ තමාට අයත්බව හැඟවීමේ ලෝබකම; කෑමට ලොල්බව.
තින්දුක
නා.ප්‍ර. බර මනින මිණුම් විශේෂයක්; කළං තුන.
තින්නූරු
නා.ප්‍ර. ශිව භක්තිකයින් නළලේ ගෑම සඳහා ගොම පිලිස්සීමෙන් ලබා ගන්නා අළු.
තිනියෙනවා
ක්‍රි. සෙලවෙනවා; සසල වෙනවා; චලිත වෙනවා; තතනනවා.
තිනෙත්
නා.ප්‍ර. තුන් ඇසක් ඇත්තා; ඊශ්වර දෙවි.
තිනෙත් පුත්
නා.ප්‍ර. ඊශ්වර දෙවියාගේ පුතා; ස්කන්ධ කුමාරයා; කඳ කුමරා.
තිනෙත්රිපු
නා.ප්‍ර. ඊශ්වර දෙවියාගේ විරුද්ධකාරයා; අනංගයා.
තිපද
(පාරිභා.) වි. පද තුනක් සහිත.
නා.ප්‍ර. පද තුනකින් සමන්විත වූව.
තිපල්
නා.ප්‍ර. අරළු, බුළු, නෙල්ලි යන ඵල වර්ග තුන.
තිපස්තිති
නා.ප්‍ර. ති පසළොස්වක් තිථියක් ඇත්තා; පසළොස්වක දා චන්ද්‍රයා; පුන්සඳ.
තිප්
නා.ප්‍ර. තිත්; පුල්ලි.
තිප්පළ
නා.ප්‍ර. හැසිරෙන ස්ථානය; ගැවසෙන ස්ථානය; ඇතැම් සතුන් ලගින තැන.
තිප්පාව
(කථා.) නා. තරබාරු ගතිය.
තිපාව
නා. කනප්පුව.
තිපාස
නා.ප්‍ර. තිබහ.
තිපිටකය
නා. පිටකත්‍රය; සූත්‍ර, විනය, අභිධර්මය යන පිටක තුන.
තිපු
නා.ප්‍ර. සුදු ඊයම්.
තිපුර
නා.ප්‍ර. "මය" නමැති අසුරයා විසින් ආකාශයෙහි රනින් ද වාතයෙහි රිදියෙන් ද පොළවෙහි යකඩින් ද තනන ලද නගර තුන.
තිබහ
නා. දිය බීමේ දැඩි අවශ්‍යතාව; පවස; පිපාසය.
තිබ්බතය
නා. ටිබෙට් දේශය.
තිභුවන
නා.ප්‍ර. කාම, රූප, අරූප, නැතහොත්, ස්වර්ග, මර්ත්‍ය, පාතාල, යන ලෝකත්‍රය.
තිමඬුලු
නා.ප්‍ර. දෙදණ හා නාභිය යන තුන් තැන.
තිමද
නා.ප්‍ර. හස්තීන්ගේ දෙකපොල හා කෝෂය යන තුන් ස්ථානයෙන් වැගිරෙන මදය.
තිම්බරු
1. නා.ප්‍ර. ගාන්ධර්ව දිව්‍යපුත්‍රයකුගේ නාමය; සුරියවච්චසා නම් දිව්‍යාංගනාවගේ පියා.
2. නා.ප්‍ර. තිමිර ගස.