සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 752

තිමි

1. නා.ප්‍ර. මුළාව; මෝහය.
2. නා.ප්‍ර. සිදුර; බිලය
3. නා.ප්‍ර. මහමුහුද; සාගරය.
4. නා.ප්‍ර. මුහුදෙහි වෙසෙතැයි කියන විශාල මත්ස්‍යයෙක්.

තිමිර

1. නා.ප්‍ර. අඳුර; කළුවර.
2. නා.ප්‍ර. දෑසෙහි අඳුර ඇති කරන රෝගයක්; ඇස් ඇඳිරිය.
3. නා.ප්‍ර. ඇස් වෙදකම සඳහා ගන්නා ඖෂධයක්.
4. නා.ප්‍ර. පැරණි සංගීත භාණ්ඩයක්.
5. නා.ප්‍ර. අදියර; පරිච්ඡේදය.

තිමිර පටල

1. නා.ප්‍ර. අන්ධකාර පටලය; ඝනාන්ධකාරය.
2. නා.ප්‍ර. ඇසෙහි අඳුරු සිවියක් ඇත්තාක් මෙන් දැනීම.

තිමිරගල

නා. පූර්ව දිශාව නමැති කන්ද; පෙරගිර.

තිමිරපිඞ්ගල

නා.ප්‍ර. ගැඹුරු මුහුදෙහි වෙසෙතැ යි සැලකෙන විශාලතම මත්ස්‍ය වර්ග සතෙන් එකක්.

තිමිරරිපු

නා.ප්‍ර. අඳුරෙහි සතුරා වන ඉර හෝ සඳ.

තිමිරි

වි. අඳුරු; අන්ධකාර; කළුවර.

තිමිරි ගෙය

නා. දරු ප්‍රසූතිය සඳහා වෙන් කළ ගෙය; වැදුම් ගෙය.

තිමිස

නා. අඳුර.

තිමුව

නා.ප්‍ර. කූඩැල්ලා; පූඩාවා.

තිඹ

නා.ප්‍ර. ධාන්‍ය, ජලය ආදිය මනින පුරාණ මිම්ම; ලාස් සතරක ප්‍රමාණය.

තිඹිරි සමය

(පාරිභා.) නා.ප්‍ර. දරු ප්‍රසූතියෙන් පසු මවක් විවේකී ව සිටිය යුතු කාල සීමාව.

තිය

1. නා.ප්‍ර. තුන.
2. නා.ප්‍ර. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය.
3. (ක්‍රිස්ති.) නා.ප්‍ර. පියා, පුතා, ශුද්ධාත්මය යන ත්‍රිත්වය.

තියග්ගල

1. නා.ප්‍ර. හිමාලයෙහි ඇති පොකූණක නාමය.
2. නා.ප්‍ර. හිමාලයෙහි ඇති ගල් තලාවක නාමය.

තියටර්

නා.ප්‍ර. නෘත්‍යය; නාට්‍යය.

තියදා

නා. (අදින්) තුන්වැනි දවස.

තියනෙත්

නා.ප්‍ර. තිනෙත්; ඇස් තුනක් ඇත්තා; ඊශ්වර දෙවියා.

තියම

නා. රාත්‍රියෙහි පූර්ව, මධ්‍යම, පශ්චිම යන යාම තුන; තුන් යම.

තියමු රැය

නා. තුන්යම් රාත්‍රිය; මුළු රැය.

තියවක

නා. (ජ්‍යෝති.) චන්ද්‍ර මාසයේ පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ හෝ තුන් වැනි දිනය.

තියසක්

1. නා. ඊශ්වරයා.
2. නා. තේජස, උත්සාහය, මන්ත්‍රණය යන ශක්ති තුන, ත්‍රිවිධ ශක්තිය.

තියසක්රුපු

නා.ප්‍ර. ඊශ්වර දෙවියන්ගේ සතුරා; අනංගයා.

තියැසමිතුරු

නා.ප්‍ර. ඊශ්වර දෙවියා ගේ මිතුරා; කුවේරයා.

තියු

1. නා.ප්‍ර. ස්තුතිය; ගුණ ගායනය.
2. නා.ප්‍ර. තීර්ථකයා.
වි. තියුණු වූ; තීක්ෂ්ණ වූ; තීව්‍ර වූ.