සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 762
තුන්කොන
නා. (ජ්‍යෝති.) දළ කේන්ද්‍රයෙහි නොහොත් තත්කාල කේන්ද්‍රයෙහි කේන්ද්‍රස්ථාන සමඟ සෑදෙන ත්‍රිකෝණ.
තුන්ගිනි
නා.බහු. සත්ත්වයා පීඩාවට පත් කරන රාග, ද්වේෂ, මෝහ යන ගිනි තුන.
තුන්තරම
නා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක යන තෙළෙස් ධූතාංග පිරීමේ තත්ත්ව තුන.
තුන්තරා බෝධිය
නා. සියලු කෙලෙසුන් නසා නිවන අවබෝධයට උපයෝගී වන බුදු පසේබුදු, මහරහත් යන තුන් වැදෑරුම් බෝධි.
තුන්තරාගමන
1. නා. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ඍද්ධිමතුන්ට පමණක් විශේෂ වූ පොළෝ කිමිද යන ගමන, අහසින් යන ගමන, ප්‍රකෘති ගමන, යන ගමන් ක්‍රම තුන.
2. නා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි ගමන් තුන.
තුන්තලය
1. නා. ලෝකතුන; ආකාශතලය, මහීතලය, රසාතලය යන තලත්රය.
2. නා. දිව්‍ය, මනුෂ්‍ය, නාග යන තුන් ලොව.
3. නා. වායු, ජල, පෘථිවි යන ස්තර තුන.
තුන්තැනැන් වහන්සේ
නා. (ක්‍රිස්ති.) පිතා, පුත්‍ර, ශුද්ධත්ම යන ත්‍රිත්වය.
තුන්තිස් පැය
නා. සිංහල පැය ගණනින් තිස් පෑ තුන හෙවත් පැය අනු ව වරු තුන; ඉංග්‍රීසි පැය ගණනින් පැය තිස්හය.
තුන්දිභ
නා.ප්‍ර. නෙරාගිය උදරයක් හෝ නාභියක් හෝ ඇති තැනැත්තා.
තුන්දුමය
නා. එක නටුවේ හට ගන්නා ගෙඩි තුන; මව් ගෙඩිය හා දූ ගෙඩි දෙකක් ඇති පොකුර.
තුන්දොර
නා. කුසල් අකුසල් සිදුවන කය, වචනය, සිත යන දොරටු තුන.
තුන්දොස
1. නා. ශරීරගත වාතය, පිත, සෙම යන තුන.
2. නා. ලෝභ, ද්වේෂ, මෝහ යන තුන.
තුන්දොස්මල
නා. සිතෙහි අපිරිසිදු බවට හේතු වන ලෝභ, ද්වේෂ, මෝහ යන තුන.
තුන්න
නා. ඉදිකටුවෙන් මැසීම.
තුන්නකම්
නා.ප්‍ර. මැහීම; සන්නාලිකම; සූචිකර්මය.
තුන්නකය
නා. මහාවිහාර, අභයගිරිය, ජේතවනය යනුවෙන් අනුරාධපුර අවදියෙහි ලංකාවේ පැවති භික්ෂු නිකාය තුන.
තුන්නූරු
(කථා.) වි. තුන්පට තබා අඹරන ලද; තුන්වෙළුවට ඇඹරූ.
තුන්නෙතකල්
නා.ප්‍ර. උමාව; පාර්වතිය; ගිරිදුව.
තුන්පත් රැළ
(කථා.) නා. ඇතා, ඇතින්න, පැටවා යන තුන් දෙනාගෙන් සැදුණු ඇත් පවුල.
තුන්පද්ද
නා. තුන් නැළිය; පත දොළහ.
තුන්පනත
නා. තුන් ආකාරය; ත්‍රිවිධ ස්වභාවය.
තුන්පාකය
නා. මෘදු, මධ්‍ය, බර යනුවෙන් දැක්වෙන පාකය පිසීමේ ක්‍රම තුන.
තුන්බලය
නා. ගසක අතු තුනකට බෙදි ගිය කරුව; එබඳු කරුවකින් තනා ගත් ආධාරකය.
තුන්බෑ
නා.ප්‍ර. සහෝදරයින් තිදෙනා.