සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 763
තුන්බෑජටිල
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා රහත්ඵල ලැබූ තීර්ථක සහෝදරයන් තිදෙනා වන උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන සහෝදරයින් තිදෙනා.
තුන්බිත්ත
නා. සහෝදර සහෝදරියන් තිදෙනා.
තුන්බුමු
වි. තට්ටු තුනකින් යුත්; තුන් මහල්.
නා.ප්‍ර. නාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමිය.
තුන්බෝධිය
නා. සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, අරහත්ත බෝධිය යන බෝධි තුන; තුන්තරා බෝධිය.
තුන්භය
නා.ප්‍ර. දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධභය.
තුන්මංසල
නා.ප්‍ර. මාර්ග තුනක් එක්වන සන්ධිස්ථානය.
තුන්මඟ
1. නා.ප්‍ර. මාර්ග තුන; ක්‍රම තුන.
2. නා.ප්‍ර. ශරීරයෙහි වූ මුඛ, වර්චස්, මූත්‍ර යන මාර්ග තුන.
තුන්මදය
නා. මද කිපුණු ඇතුන්ගෙන් පිළිවෙළින් අවස්ථා තුනකදී දෙකපෝලය හා කෝෂය යන තුන් තැනින් වැගිරෙන මදය.
තුන්මධුර
නා.ප්‍ර. මී පැණි, සීනි, ගිතෙල් යන තුන හෝ කුඩාමී, මහමී, දඬුවැල් බෑ මී යන තුන.
තුන්මහා පුරුෂ ලක්ෂණ
නා.ප්‍ර. ශ්‍රී මුඛය වැසිය හැකි පෘථුල ජිහ්වාව, ඌර්ණරෝම ධාතුව හා කෝසාවහිත අඞ්ගජාතය යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර සුවිශේෂ වූ ත්‍රිවිධ පුරුෂ ලක්ෂණ.
තුන්මාල් පේසාව
නා. ස්තූපයන් වටා පදනමට ආසන්න ව පිහිටි මාලක තුන; පේසාවළලු තුන.
තුන්මුල
නා. සමූහ තුන; කණ්ඩායම් තුන.
තුන්මෝදර
නා.ප්‍ර. ගංගා තුනක් හෝ අතු ගංගා තුනක් හෝ එක්වන සන්ධිස්ථානය.
තුන්යම
නා. ප්‍රථම, මධ්‍යම, පශ්චිම වශයෙන් රාත්‍රිය බෙදෙන කාල පරිච්ඡේද හෙවත් යාම තුන.
තුන්යම් රාත්‍රිය
නා. සම්පූර්ණ රාත්‍රිය; යාම තුනකින් ම යුතු රාත්‍රිය.
තුන්යල
නා. තුන් වාරය; තෙවර.
තුන්ලක
නා. තුන් සිංහලය; රුහුණු, පිහිටි, මායා යන රාජ්‍යයන් තුන.
තුන්ලොව
නා. තිලොව.
තුන්වට
1. නා.ප්‍ර. වට තුන; තුන් රවුම.
2. නා.ප්‍ර. නැවත නැවත පෙරළෙන කර්ම, ක්ලේශ, විපාක යන තුන.
තුන්වැට සන්ධිය
නා. තුනටිය; සිරුරෙහි කොඳු ඇටය සහ දෙකකුල් ඇට එක්වන සන්ධිස්ථානය.
තුන්වේල
1. නා. උදය, දහවල, රාත්‍රිය යන කෑම වේල් තුන.
2. නා. උදය, දහවල, රාත්‍රිය යන තුන් වරුව; වරු තුන.
තුන්සංවර්තය
නා. ගින්නෙන්, ජලයෙන්, වාතයෙන් සිදුවන කල්ප විනාශ තුන.
තුන්සක
1. නා. රන් සක, රිදී සක, දකුණු සක යන හක්ගෙඩි තුන; සංඛත්රය.
2. නා. ඇස් තුනක් ඇත්තා; ඊශ්වරයා.
තුන්සණ
නා.ප්‍ර. කුරගල, කරගල, හණගල යන ආයුධ මුවහත් කිරීමට ගන්නා ගල් වර්ග තුන.