සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 782
තෝරනවා
1. ක්‍රි. රාශියකින් හෙවත් ගොඩකින් යමක් වෙන් කර ගන්නවා; වර්ග කරනවා.
2. ක්‍රි. ගැටලු ස්වභාවය විසඳනවා; අර්ථ දක්වනවා.
තෝරමල්ලි
නා.ප්‍ර. මැණික් ගල් වර්ගයක නාමය; මෙය කහ, පලා, පැණි, සුදු, කනක වශයෙන් පාට අනුව පස් වර්ගයකි.
තෝරයිට්
(පාරිභා.) නා.ප්‍ර. තෝරියම් සිලිකේට් අඩංගු වූත්, කහ සහ තද දුඹුරු අතර පාටකින් යුක්ත වූත් ඛනිජයකි.
තෝරා
නා. ආහාර වශයෙන් බෙහෙවින් අගය කොට සැලකෙන මූදු මත්ස්‍ය වර්ගයක්.
තෝරියම්
(පාරිභා.) නා.ප්‍ර. විකිරණශීලී මූල ද්‍රව්‍යයක්.
තෝලන
(පාරිභා.) වි. ඔබ-මොබ පැද්දෙන; සමබරතාව පවත්වන.
තෝල්කමුදලි
නා.ප්‍ර. උසාවි ආදියේ භාෂා පරිවර්තනයෙහි යෙදෙන නිලධාරියා.
තෝෂණ
නා.ප්‍ර. සතුටු කිරීම; ප්‍රීතියට පත් කිරීම.
ත’මයන විද්‍යාව
නා. තප්ත වස්තුවක් තුළින් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමත් ඒවායේ හැසිරීමත් ඒවා පාලනය කිරීමත් පිළිබඳ විද්‍යාව.
ත’මෝමීටරය
නා. උෂ්ණත්වමානය.
ත’මෝස් ප්ලාස්කුව
නා. බහාලන ලද කිසියම් ද්‍රව්‍යයක හෝ ද්‍රවයක උෂ්ණත්වය රඳවා ගැනීම සඳහා පිළියෙල කොට ඇති බෝතල විශේෂයක්; උණුවතුර බෝතලය (=thermos flask).
ථද්ධ
වි. මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ හතළිස් වැනි අකුර; තද; දැඩි.
ථද්ධමානය
නා. තමා පමණකට වඩා උසස් කොට සලකා ගන්නා දැඩි මානය.
ථනය
1. නා.ප්‍ර. තනය; ස්තනය; පියයුර.
2. නා.ප්‍ර. තනකිරි; මව්කිරි.
ථම්භය
1. නා. සිතෙහි ඇතිවන අනුන්ගේ අවවාදවලට නොනැමෙන ස්වභාවය.
2. නා. ටැඹ; ස්තම්භය; කණුව.
ථල
නා.ප්‍ර. ජලයෙන් බැහැර භූමි ප්‍රදේශය; ගොඩබිම.
ථලට්ඨ
වි. ගොඩ බිම හට ගන්නා; ගොඩ පිහිටි; තලාටු.
ථවිකාව
නා. පාත්‍ර ආදිය බහාලන උරය; පසුම්බිය; මල්ල.
ථාමය
නා. ශක්තිය; මානසික ශක්තිය; චෛතසික බලය.
ථාලි
නා.ප්‍ර. තලිය; තැටිය.
ථාවර
වි. ස්ථිර; ස්ථාවර; ජංගම නොවන.
නා.ප්‍ර. (විනය.) සත්ව ඝාතනය සඳහා සතුන් යනෙන මාර්ගවල බොරු වළවල් තැනීම, ළිං පොකුණු ආදියෙහි වස බහාලීම් ආදි වශයෙන් කරනු ලබන ස්ථාවර ප්‍රයෝගය.
ථිනමිද්ධය
නා. අරමුණු ගැනීම පිළිබඳ ව සිතෙහි මැළි ගතිය හා කයේ මැලි බව; අකර්මණ්‍ය භාවය.
ථීනය
නා. අරමුණු ගැනීමේ දී සිතෙහි මැළිබව.
ථීර
වි. නොසැලෙන; ස්ථිර; අචල.