සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 783
ථුති
නා.ප්ර. ස්තුතිය; ප්රශංසාව.
ථුල්ල
1. වි. මහත; තර; ස්ථූල.
2. වි. බලවත්; බැරෑරුම්; භාරධූර; බරපතළ.
ථුල්ල කුමාරිකාව
නා. විවාහ නොවී දෙමාපියන්ගේ ගෙදර ම තුරුණු විය පසු කළ කාන්තාව.
ථුස
නා. වී පොතු; දහයියා.
ථූපඝර
නා.ප්ර. දාගැබක ආරක්ෂාව හා ආවරණය පිණිස ඒ වටා කළ ගෙය; චේතිය ඝර.
ථූපය
1. නා. බුදු, පසේබුදු, රහත්, සක්විති යන සිවු ගණයට අයත් උතුමන්ගේ ධාතු නිදන් කොට ගොඩ නඟන ලද දාගැබ; ස්තූපය.
2. නා. වේයන් ආදි සතුන් විසින් ගොඩලන පස් ගොඩ; තුඹස.
ථූපිකාව
නා. ස්තූපයක කැරැල්ල මුදුනෙහි හෝ ප්රාසාදාදියක මුදුනෙහි පිහිටි ශෘඞ්ගාකාර කොටස; කොත.
ථූපීකත
වි. මුවවිට ඉක්මවා පිරුණු; මුදුන් වන සේ පිරුණු.
ථෙය්ය
වි. සොර; හොර.
ථෙය්ය පරිභෝගය
නා. (විනය.) දුසිල් ව සිට විචාරාදි සිව්පසය ප්රයෝජනයට ගැනීම.
ථෙය්යාවහාරය
නා. (විනය.)වංචා සිතින් අන් සතු යමක් තමන් සතු කර ගැනීම.
ථේර
නා.ප්ර. උපසම්පදා වී දස වසක් සම්පූර්ණ වූ භික්ෂුව.
ථේරගාථා
නා.ප්ර. රහත් තෙරවරුන් විසින් ප්රකාශ කරන ලද උදාන ගාථා; එම ගාථා සංග්රහ කොට සකස් කළ ඛුද්ධක නිකායේ කොටස.
ථේරවාදය
නා. පළමුවන ධර්ම සංගායනාවේ දී ස්ථවිරයන් වහන්සේලා විසින් සකස් කරන ලද බුද්ධ දේශනාව; ස්ථවිරවාදි ත්රිපිටක බුද්ධ ධර්මය.
ථෝක
වි. ටික; අල්ප; ස්වල්ප.
ථෝමනය
නා. පැසසුම; ස්තුතිය; ගුණකථනය.
ථෝමිත
වි. ස්තුති කරන ලද; ප්රශංසා කරන ලද.
ද
1. මිශ්ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ හතළිස් එක් වැනි අකුර සහ විසිදෙවැනි ව්යඤ්ජනාක්ෂරය; “ත” වර්ගයේ තුන්වැනි අකුර.
2. නි. සමුච්චයාර්ථය, අවධාරණාර්ථය, ප්රශ්නාර්ථය යන අර්ථවල යෙදේ.
3. නි. (සමාසයක පසුපද වශයෙන් යෙදේ) දෙන්නා; දායකයා.
ද අරුත් සමස්
නා.ප්ර. (ව්යාක.) ද-කාරාර්ථ සමාසය; ද නිපාතයෙන් සම්බන්ධ විය යුතු පද එක් පදයක් වන සේ ගැළපෙන සමාසය.
දංකුඩ
නා.ප්ර. බත් සැළියේ අඩියේ බැඳී රොස් වී කළු පැහැ වූ බත් කොටස; දඹු හෙවත් දැවුණු කොටස.
දංශනය
නා. (මදුරුවන් ආදි සතුන්) විදීම; දෂ්ට කිරීම.
දංශය
(පාරිභා.) නා. (මීමැසි ආදින්ගේ) විත; අනින තුඩ; දළය.
දංශයා
නා. දෂ්ට කොට ලේ බොන මැස්සා; පිඟුවන් මැස්සා.
දංෂ්ට්රාව
1. නා. දත; විශේෂයෙන් බුදුරදුන්ගේ දළදාව.
2. නා. උල් වූ මහ දත; දළය.
3. නා. හකුවල ඉදිරි දත් හතර; දෙපස වූ උල් හතරෙන් ඕනෑම එකක්; දඩයම් දත; රදනකය.