සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 787
දඟලනවා
1. ක්රි. අවයව එහා මෙහා කරනවා; සෙලවෙනවා; චලනය කරනවා; චලනය වෙනවා.
2. ක්රි. තැන්පත් ගතියෙන් තොර ව ක්රියා කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා.
3. ක්රි. වෑයම් කරනවා; දිරි දරනවා.
4. ක්රි. නොසන්සුන් වෙනවා; කලබල වෙනවා.
දජය
නා. කොඩිය; දදය.
දට
වි. දෂ්ට කරන ලද; දළයෙන් පහර දෙන ලද; ඩසින ලද.
දඨිකාව
නා. උඩු රැවුල.
දඩ
1. නා.ප්ර. කැලෑව; වනය; වනාන්තරය; අරණ්යය,
2. නා.ප්ර. ගෙයින් පිටත කර්මාන්ත කරන ස්ථානය; ගොවිපොළ; කුඹුර.
3. නා.ප්ර. දඩයම; වනසතුන් මැරීම.
4. නා.ප්ර. මෙහෙවර; මෙහෙය.
5. නා.ප්ර. දඬුවමක් වශයෙන් ගෙවන මුදල.
6. නා.ප්ර. වරදක් කළ තැනැත්තාට දෙන දඬුවම.
දඩ ගසනවා
ක්රි. දඬුවම් දෙනවා; දඬුවමක් වශයෙන් මුදල් ආදිය ගෙවීමට නියම කරනවා.
දඩ පැල
නා. වනයේ සාදන ලද පැල්පත; දඩයමට රැක සිටීම සඳහා කැලයේ සෑදූ පැල.
දඩ පොත
(පාරිභා.) නා. අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ විස්තර සටහන් කරන පොත (=fine book).
දඩ පොළිය
නා. බැංකුවක් මගින් වට්ටම් සමාගම්වලට ණය සැපයීමේ දී බැංකු පොළී පිළිබඳ ක්රියාවලියට වෙනස් ව අය කරනු ලබන පොළිය.
දඩ වහල්ල
නා. කෙසෙල් කැනේ ඇවරි සම්බන්ධ වී තිබෙන මහ නාරටිය; වැල වරකා ගෙඩිය තුළ පිහිටි වහල්ල.
දඩ වැද්දා
1. නා. සිංහල රජසමයෙහි රජවාසලට දඩමස් සැපයූ තැනැත්තා.
2. නා. දඩයම් කිරීමෙන් සතුන් මරන තැනැත්තා; වන සතුන් මරන්නා.
දඩබඩය
නා. ඉක්මන්කම; කලබල ගතිය; නොසන්සුන්කම.
දඩබ්බර
1. වි. නොහික්මුණු; කලබලකාරී; අසංවර.
2. වි. පිළිවෙළක් නැති; අක්රමවත්.
දඩබිම
1. නා. ගෙයින් පිටත වැඩ කරන තැන; ගොවිකම ආදි කර්මාන්ත කරන ස්ථානය; ගොවිපොළ; කුඹුර.
2. නා. වන සතුන් දඩයම් කරනු ලබන භූමි ප්රදේශය.
දඩමස
නා. වනසතුන් දඩයම් කොට ලබා ගන්නා මස්; පලහා වියළා ගත් සත්ත්ව මාංස.
දඩමැස්ස
නා. වනසතුන් දඩයම් කිරීම සඳහා රැක සිටීමට කැලේ ගසක් උඩ බඳින මැස්ස.
දඩමීමා
1. නා. වනසතුන් දඩයමට උදවු කරගනු ලබන මීහරකා.
2. නා. (රූඪි.) අභිප්රේත අරමුණ ඉටුකර ගැනීම සඳහා උපක්රමශිලී ව හවුල් කරගන්නා පුද්ගලයන් ආයතන ආදිය.
දඩයක්කාරයා
නා. වන සතුන් මරන්නා; දඩයම් කරන්නා; දඩයමේ යෙදෙන්නා.
දඩයම
1. නා. විනෝදය සඳහා හෝ ආහාර සඳහා වනසතුන් මැරීම.
2. නා. දඩයමට ලක් වූ සතා; ගොදුර.
3. නා. අස්ථානයේ ලබන වාසිය: අයුතු ලෙස ලබන මිල මුදල් ආදිය.
දඩයම් ආරක්ෂකයා
(පාරිභා.) නා. දඩයමට යෝග්ය සතුන් වෙසෙන වන භූමිය රකින නිලධරයා; වනෝද්යාන පාලකයා.
දඩයම් දත්
නා.බහු. පරශු දත්වලට දෙපසින් පිහිටි මුදුන උල්වූ දත් හතරෙන් ඕනෑම එකක්; රදනක දත්.
දඩයම් බල්ලා
නා. සුනඛ විශේෂයක්; වන සතුන් ඝාතනය සඳහා යොදවන බල්ලා; දඩ බල්ලා.
දඩාවතේ
1. ක්රි.වි. නිශ්චිත අරමුණක් නැති ව; හිස හැරුණු අතේ; ඉබාගාතේ.
2. හිතුමනාපයේ; පාලනයකින් තොර ව; නිදැල්ලේ.
3. රස්තියාදුවේ; පාදඩකමේ; අවලමේ.