සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 788
දණ
නා. කළවයේ යටි කෙළවරත් කෙණ්ඩයේ මුලත් එක් වූ සන්ධි ස්ථානය; ජාණුව; දණහිස.
දණ ඇහැ
නා. දණහිස; දණිහ.
දණ උතුකටුව
නා. දණ හිසෙහි පවතින කවාකාර අස්ථිය හා ඒ වටා ප්‍රදේශය; දණ පොල් කටුව.
දණ ගසනවා
ක්‍රි. දණ බිම ඔබනවා; දණින් සිටිනවා.
දණ ගානවා
ක්‍රි. ළදරුවන් සේ දෙදණ හා දෑත් බිම තබමින් යනවා; දණින් යනවා.
දණ නමනවා
1. ක්‍රි. දණ හිස ළඟින් කකුල නැමෙන්නට සලස්වනවා.
2. ක්‍රි. ගෞරව වශයෙන් දණ නමා ආචාර කරනවා.
3. (කථා.) ක්‍රි. යටත් වෙනවා; අණට කීකරු වෙනවා; හිස නමනවා.
දණ පොල් කට්ට
(කථා.) නා. දණ හිස් කටුව; දණ පොල්ල.
දණ පොලුත්ත
නා. දණපොල් කටුව.
දණ මඬල
නා. වටකුරු වූ දණ; දණහිස; ජාණු මණ්ඩලය.
දණවට
නා.ප්‍ර. දණ හිස; දණ මඬුල්ල.
දණ්ඩ
1. නා.ප්‍ර. දැවය; ලීය.
2. නා.ප්‍ර. පොල්ල; මුගුර; කෝටුව.
3. නා.ප්‍ර. ඊතල ආදියෙහි කූර; මිට.
4. නා.ප්‍ර. රියන් හතරක් හෙවත් බඹයක් වන පුරාණ මිම්මක්.
5. නා.ප්‍ර. මල් නටුව; වෘන්තය.
6. නා.ප්‍ර. දඬුවම; දඩය; දඬුවම් පැමිණවීම.
දණ්ඩ කර්මය
නා. වරදකරුවකු හික්මවීම සඳහා සිදු කරන සිරකිරීම් දඩ ගැසීම් ආදිය.
දණ්ඩ කර්මාන්තය
නා. ලී වැඩ; කාෂ්ට කර්මාන්තය.
දණ්ඩ චක්‍රය
(පාරිභා.) නා. දැති රෝදයක මාර්ගයෙන් භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවට හෝ, රේඛීය චලිතය භ්‍රමණ චලිතය බවට හෝ හරවන උපක්‍රමය.
දණ්ඩ චුම්බකය
නා. පට්ටම් කෑල්ලක හැඩ ඇති නිත්‍ය චුම්බකය; කොන් දෙකේ ධ්රැව ඇති දඬු කාන්දම.
දණ්ඩ නමස්කාරය
නා. පොළොවෙහි වැතිර කරන ප්‍රණාමය; බිම දිග ඇදී කරන වැඳීම.
දණ්ඩ නියමය
නා. නඩු විභාගයක විනිශ්චයකාර තීරණය; නඩු තීන්දුව; දඬුවම් නියම කිරීම (=sentence).
දණ්ඩ නීතිය
1. නා. (නීති.) දඬුවම් පැමිණවීමේ රාජනීතිය; අපරාධ නීතිය.
2. නා. යුක්තිය පසිඳලීමේ අධිකරණ බලය.
3. නා. දේශපාලන ශාස්ත්‍රය.
දණ්ඩ යෝගය
නා. රජුගේ අණ; රාජාඥාව.
දණ්ඩක
1. නා.ප්‍ර. දඬු; ලී.
2. (ඡන්ද.) නා.ප්‍ර. සිවුපද විරිතක්.
3. නා.ප්‍ර. ශරීරය දණ්ඩක් මෙන් තද (දරදඬු) වන වාතරෝගයක්.
4. නා.ප්‍ර. ඒරියා කඳ.
දණ්ඩකසේතු
නා.ප්‍ර. තනි දණ්ඩෙන් තැනූ හෙය; ඒදණ්ඩ.
දණ්ඩනය
1. නා. දඬුවම; දඬුවම් කිරීම; දඬුවම් දීම.
2. නා. දඩය; දඩගැනීම.
3. නා. අනුමැතිය; අනුදැනීම.
දණ්ඩනායක
1. නා.ප්‍ර. දඬුවම් පැමිණවීමේ බලය ලත් නිලධාරියා; විනිශ්චයකාරයා.
2. නා.ප්‍ර. ප්‍රාදේශීය ආණ්ඩුකාර සෙන්පතියා.
දණ්ඩනිශ්චය
නා.ප්‍ර. (නීති.) විත්තිකරු චෝදනාවට වැරදිකරු බව තීරණය කිරීම.