සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 80
අනන්තාපරිමෙය්ය
[අනන්ත + අපරි]
වි. කෙළවරක් නැති හා ප්රමාණ නොකළ හැකි වූ.
අනන්තාපරියන්ත
අනන්වය
නා.ප්ර. (අලං.) යම්කිසි වස්තුවක් එයටම සමාන කිරීමේ කාව්යාලංකාරය; අන්යාසදෘශෝපමාලංකාරය.
අනන්ය
1. වි. නොවෙනස්; අන්ය නොවූ; එක ම; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන.
2. වි. පොදු නොවූ; සීමා කරන ලද.
අනන්යතා පත්රය
(පාරිභා.) නා. යමකු හඳුනා ගැනීමට උපකාරී වන සහතිකය; හැඳුනුම්පත (=identity card).
අනන්යතාව
1. නා. අනෙකකට සම්බන්ධයක් නැති බව; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන බව.
2. නා. ඒකත්වය; නොවෙනස්බව.
අනන්යථා
වි. අන් ආකාරයකින් නොවන; නොවෙනස්; අවිපරීත.
අනන්යප්රතිබෝධිත
වි. අනිකකු විසින් අවබෝධ නොකරන ලද; අන්යයකු විසින් නුපුබුදුවන ලද.
අනන්යසදෘශ
වි. අන්යයකු නොහොත් අන්ය දෙයක් හා සමාන නොවූ; අසදෘශ.
අනන්යසාධාරණ
වි. අන්යයන්ට සාධාරණ නොවූ; පොදු නොවූ; අසමසම; අසදෘශ.
අනන්යාකාරය
නා. (ගණිත.) අනන්යතාව; සර්වසාම්යය.
අනන්යාර්ථ
වි. එක ම අර්ථ ඇති; සමාන තේරුම් සහිත.
අනනුකූල
වි. නොගැළපෙන; නුසුදුසු; අනුකූල නොවන.
අනනුකූලතාව
(පාරිභා.) නා. සත්ත්වයෙකු හෝ අවයවයක් හෝ යථා කාලයේ දී ප්රමාණයෙන් වෙනස් වීම (=disharmony).
අනනුගත
වි. අනුව නොගිය; අනුගත නොවූ.
අනනුගාමික
වි. අනුව නොපවත්නා; අනුගාමික නොවන.
අනනුච්ඡවික
වි. නුසුදුසු; අයෝග්ය.
අනනුබෝධය
නා. අවබෝධ නොවීම; වටහා නොගැනීම; නොවැටහීම.
අනනුභාසනය
නා. එක් වරක් පමණක් කීම; නැවත නැවත නොකීම.
අනනුභූත
වි. හට නොගත්; දැන නොගත්; අනුභූත නොවූ.
අනනුමිතිය
නා. පූර්වාවයවයන් අනු ව සිදු නොවන නිගමනය.
අනනුයෝගය
නා. නිතර පුරුදු නොකිරීම; නැවත නැවත නොයෙදීම.
අනනුරූප
වි. නුසුදුසු; අයෝග්ය; අනුරූප නොවන.
අනනුලොම්
වි. නුසුදුසු; අයෝග්ය; අනුරූප නොවන.