සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 79
අනධ්යාපිත
වි. නූගන්වන ලද; අධ්‍යාපනය නොකරන ලද.
අනධික
වි. අධික නොවූ; වැඩි නොවූ; නියම ප්‍රමාණයට වඩා නොවූ.
අනධිකෘත
නා.ප්‍ර. ආධිපත්‍යයෙහි නොපිහිටුවන ලද්ද; මුල්තැන නොතබන ලද්ද.
අනධිගතය
නා. අවබෝධ නොකළ දෙය; වටහා නොගත් දෙය; අධිගම නොකළ දෙය.
අනධිගන්තව්ය
වි. අවබෝධ කළ නොහැකි; ලබා ගත නොහැකි.
අනධිගමය
නා. අවබෝධ නොවීම; අධිගමයට නොපැමිණීම.
අනධිවාසනය
නා. නොපිළිගැනීම; නොඉවසීම.
අනධීත
1. වි. ඉගෙන නොගත්; නොහදාරන ලද.
2. වි. නොකියන ලද; සඳහන් නොකළ.
අනන
1. නා.ප්‍ර. මුහුණ; මුව; වත.
2. නා.ප්‍ර. ප්‍රාණියා; සත්ත්වයා.
අනනපස
නා. සිංහයා; පඤ්චානනයා.
අනනවා
1. ක්‍රි. කලවම් කරනවා; මිශ්‍ර කරනවා.
2. ක්‍රි. පවසනවා.
අනන්ත
වි. කෙළවරක් නැති; අන්ත රහිත; අපරිමිත; අප්‍රමාණ.
1. නා.ප්‍ර. කෙළවරක් නොදැකිය හැකි වූ හෝ අපරිමේය වූ වස්තුව.
2. (පාරිභා.) නා.ප්‍ර. අපරිමිත සංඛ්‍යාව; ගිණිය නොහැකි ගණන (=infinity).
අනන්ත ජීවිතය
නා. (රෝ. ක.) මෝක්ෂ රාජ්‍යයෙහි සදාකාලික ජීවිතය; මෝක්ෂය.
අනන්ත දශමය
නා. (ගණිත) බෙදීමෙන් කෙළවරකට නොපැමිණෙන දශමය ( නිදසුන් : 10÷3 = 3.33333).
අනන්ත බුද්ධි
නා.ප්‍ර. අප්‍රමාණ වූ බුද්ධිය ඇති තැනැත්තා; මහත් වූ ප්‍රඥාව ඇත්තා; බුදුරජ.
අනන්ත ශ්‍රේණිය
(පාරිභා.) නා. කෙළවර වීමක් නොමැති ව අනන්තය දක්වා යන ශ්‍රේණිය (=in- finite series).
අනන්ත සංඛ්‍යාව
(පාරිභා.) නා. අපරිමිත ගණන; පද ගණන සීමාවක් නැතිව යෙදෙන සංඛ්‍යාව (=infinite number).
අනන්තජින
නා.ප්‍ර. නිවන දිනා ගන්නා තැනැත්තා; බුදුන් වහන්සේ.
අනන්තර
වි. අතරක් නැති; ඊළඟ; ඉක්බිති; අනතුරු.
අනන්තරනිරුද්ධ
වි. අනතුරු ව පැවැත්ම නැවතුණු; ඉක්බිත්තෙන් නැති වූ.
අනන්තරය
නා. අනතුරු භවය; අනතුරු ඵලය හෙවත් ඵල චිත්තය.
අනන්තරායික
වි. අන්තරායට භාජන නොවන; අනතුරු කළ නොහැකි.
අනන්තරිත
වි. අතරක් නැති; නොවෙනස් වූ.