සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 78
අනඩුව
1. නා. බොරු නඩුව.
2. නා. නීති විරෝධී ක්‍රියාව; අයුක්තිය.
අනණ
වි. ණය නැති; ණය ගැති නොවූ.
අනත
නා. ආත්මයක් නැති බව; අනාත්මය; මමය මාගේය යන මමත්වයෙන් තොර වීම.
1. වි. නොනැමුණු; ඍජු.
2. වි. පිහිටක් නැති; අසරණ; අනාථ.
අනතකර
වි. අවැඩ කරන; අයහපත කරන, අනර්ථකර.
අනත්
වි. කෙළවරක් නැති; අනන්ත.
නා.ප්‍ර. අනර්ථය; අවැඩ; අයහපත.
අනත්දම්
නා.ප්‍ර. අනාත්ම ධර්ම; අනාත්ම ස්වභාවය; සියලු ධර්ම ආත්මයෙන් තොරය යන්න දැකීම.
අනති ධාවනය
නා. ඉක්මවා නොයෑම; අතිධාවනය නොකිරීම; උල්ලංඝනය නොකිරීම.
අනතික්රමණය
නා. නොඉක්මවීම; පසු කර නොයෑම.
අනතික්රමය
නා. කාල, බල, ප්‍රමාණ ආදිය නොඉක්මවීම.
අනතික්රාන්ත
වි. නොඉක්මවූ; (කාලය) ගත නොකළ.
අනතිචාරිණී
නා.ප්‍ර. කාමයෙහි වරදවා නොහැසිරෙන තැනැත්තී; පතිවත රකින ස්ත්‍රිය.
අනතිදූරය
නා. ඉතා දුර නොවූ තැන; ආසන්නය; සමීපය.
අනතිමාන
නා.ප්‍ර. අධික මානයෙන් තොර බව; බොහෝ සේ උඩඟු නොවූ බව; නිරහංකාර බව.
අනතිරේක
වි. ප්‍රමාණයට වැඩි නොවූ; අධික නොවූ.
අනතිවත්තන
වි. ඉක්මවා නොපවතින; නොඉක්මව.
නා.ප්‍ර. නොඉක්මවා පැවැත්ම; නොඉක්මවීම.
අනතීත
නා.ප්‍ර. අතීතයට අයත් නොවන කාලය; වර්තමානය.
අනතුර
නා. විපත; ආපදාව; හානිය; අන්තරාය.
අනතුරු
වි. අතරක් නැති; අනන්තර; ඊළඟ; ඉක්බිති.
1. නා.ප්‍ර. උපද්‍රව; විපත්.
2. නා.ප්‍ර. දකුණු දිසාව.
අනද
1. වි. නාද රහිත; නිශ්ශබ්ද.
2. වි. ප්‍රීතියෙන් තොර; අසතුටු.
නා.ප්‍ර. සතුට; ප්‍රීතිය, ආනන්දය.
අනදරය
1. නා. ආදරයක් නැති බව; අනාදරය.
2. නා. කරදරය; හිරිහැරය.
3. නා. අවමානය; අගෞරවය.
අනදුරු
නා.ප්‍ර. අවමානය; නොසැලකීම.
අනධ්වනිය
වි. බොහෝ කල් නොපවතින; වහා නැසෙනසුලු.
අනධ්යාචරණය
නා. උල්ලඞ්ගනය නොකිරීම; සීමාව නොඉක්මවීම.