සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 81

අනපත්‍ය

වි. දරුවන් නැති; අපුත්‍රක.

අනපත්‍රපාව

නා. (අභි.) පාපයෙහි භය නැති වීම; ඔත්තප්පයෙන් දුරු වීම.

අනප්

වි. අනල්ප; මහත්.

අනපේක්ෂ

වි. බලාපොරොත්තු නැති; ආශා නැති; අපේක්ෂා රහිත.

අනපේක්ෂිත

වි. අපේක්ෂා නොකරන ලද; බලාපොරොත්තු නොවූ.

අනපේත

වි. බැහැර නොවූ; පහ නොවූ; යුක්ත වූ.

අනභ්‍යාසය

නා. පුරුදු නැතිකම; නුපුරුද්ද; අභාවිතය.

අනභිජ්ඣාව

නා. දැඩි ලෝභයෙන් තොර බව; අලෝභය.

අනභිඥාත

වි. මනා සේ නොදත්; අඥාත.

අනභිප්‍රාය

වි. නොකැමති; අභිලාෂ රහිත, අනභිප්‍රේත.

අනභිභවනය

නා. පරාජය නොවීම; අපරාජිත භාවය; අභිභවනය නොකිරීම.

අනභිභවනීය

වි. පරාජය කළ නොහැකි; යටත් කළ නොහැකි.

අනභිභූත

වි. යටත් කරනු නොලැබූ; නො මඬනා ලද.

අනභිමත

වි. කැමැති නොවූ; රුචි නොවූ; අභිමත නොවූ.

අනභිමානය

නා. අභිමානයෙන් තොර බව, නිරහංකාරබව; නිහතමානීභාවය.

අනභිමුඛ

වි. ඉදිරියෙහි නැති; අභිමුඛයෙහි නොවන.

අනභිරතසංඥා

නා.ප්‍ර. නොඇලෙන හැඟීම; ඇල්මෙන් තොර හැඟීම; උකටලී සංඥාව.

අනභිරමණය

නා. නොඇලීම; අභිරමණය නොකිරීම; සම්භෝගයෙහි නොයෙදීම.

අනභිලාප්‍යය

නා. නොකිව හැකි දෙය; වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දෙය.

අනභිවෘත්තිය

නා. සිද්ධ නොවීම; නොපැවැත්වීම; නොනිපදවීම.

අනභිවෘද්ධිය

නා. අයහපත; අවැඩ; අනර්ථය; අභිවෘද්ධියෙන් තොර බව.

අනභිවේසය

නා. ආශා නොකිරීම; නොඇල්ම.

අනභිෂික්තයා

නා. අභිෂේක නොකරන ලද රජ; කිරුළු නොපලන් රජ.

අනභිසංස්කෘත

වි. මනා ව සකස් නොකරන ලද; යහපත් බවට පත් නොකරන ලද; හොඳින් හැඩ නොගැසුණු.