සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 849
දුටු ගස්වනවා
ක්‍රි. ඉදිරියේ පෙනී සිටින්නට සලස්වනවා.
දුටු දෙවියෝ
නා.බහු. මවුපියෝ; දෙගුරුහු.
දුටුදැමිය
නා. පවත්නා ආත්ම භාවය; පුද්ගලයකු ගත කරන වර්තමාන ජීවිතය.
දුටුපාඩු
වි. මරණයක් සිදු වූ.
දුටුවන
(පාරිභා.) වි. දුටු ගමන් ම; කලින් දැනුම් දීමකින් තොර ව; දුටු වහා ම ක්‍රියාත්මක වන (=at sight)
දුණු
1. නා.ප්‍ර. චන්ද්‍රයාගෙන් නිකුත් වන රශ්මිය; සඳරැස්.
2. නා.ප්‍ර. මහල්ලා; වෘද්ධයා.
වි. මහලු; වෘද්ධ; දිරාපත් වූ; ජරාවට පත්; වැරහැලි වූ; ජීර්ණ.
දුත
වි. ඉක්මන්; වේගවත්; ඉක්මන් ගමන් ඇති.
නා. සුරා සූදු බහු ස්ත්‍රී සේවන ආදියට ඇබ්බැහි වූ තැනැත්තා; ධූර්තයා.
දුත්තිකථා
නා.ප්‍ර. ධූර්තයන් පිළිබඳ කථා.
දුතිය
වි. දෙවැනි; ද්විතීය.
දුතියිකාව
1. නා. බිරිඳ; භාර්යාව.
2. නා. දෙවැන්නිය; කැටුව යන තැනැත්තිය; යෙහෙළිය.
දුතිරිය
වි. එතෙර වීමට අමාරු; තරණය කිරීමට අපහසු; දුෂ්කර.
දුදනා
නා. යහපත් ගුණ නැති තැනැත්තා; අසත්පුරුෂයා; දුර්ජනයා; දුෂ්ටයා.
දුදසුන්
වි. මහත් වෑයමෙන් ලබාගත යුතු දැක්මක් ඇති; ආයාසයෙන් දැකිය යුතු; දුරවබෝධ වූ.
දුදැති
වි. දැනගැනීම දුෂ්කර; අවබෝධයට අසීරු.
දුදිටු
නා.ප්‍ර. මිසදිටු; මිථ්‍යාදෘෂ්ටිය; සාවද්‍ය දර්ශනය.
දුදින
නා. අහස වලාකුළින් වැසුණු දවස; වැලලි දිනය; දුර්දිනය.
දුදු
නා.ප්‍ර. කිරි.
දුදුළ
නා. අසීරුවෙන් යා යුතු දුෂ්කර මාර්ගය; දුර්ග මාර්ගය.
දුන්
වි. උපන්නා වූ; ජනිත වූ.
ක්‍රි. ආලේප කළ; තැවරූ
දුන්කලප්
නා.ප්‍ර. දුනු ඊතල කොපුව; හියොවුර.
දුන්න
1. නා. ඊතල යොදා විදීම පිණිස භාවිත කරන ආයුධයක්.
2. නා. ඔරලෝසු ආදියෙහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය හැසිරවීමට දරණු ගසා සවි කොට තිබෙන තුනී වානේ පටිය.
3. නා. පීඩනය අනු ව තෙරපීමට ද යළි දිග හැරීමට ද හැකි වන සේ ගසාගත් වානේ කම්බිය හෝ පටිය.
4. නා. පුරාණයේ භාවිත වූ දිග මනින මිම්මක්.
5. නා. දුන් දෙය; දෙන ලද්ද.
දුන්වත්
නා.ප්‍ර. (ව්‍යාක.) දෙන ලද වස්ත්‍රය හෝ වස්තුව ඇත්තා; බමුණා.
දුනු
1. වි. තෙත් වූ; තෙමුණු; දිය සහිත.
2. වි. තියුණු; තීක්ෂ්ණ.
1. නා.ප්‍ර. දුන්න.
2. නා.ප්‍ර. සඳරැස්; චන්ද්රකාන්තිය.
දුනු අටවනවා
ක්‍රි. දුනු දියෙහි ඊතලය රඳවා විදීමට සැරසෙනවා; දුන්න මානනවා.