සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 850
දුනු අදිනවා
ක්‍රි. ඊතලය ඉලක්කය කරා වේගයෙන් යන ලෙසට දුන්නෙහි ලණුව තමා වෙතට අදිනවා; දුනුදිය අදිනවා.
දුනු කරත්තය
(කථා.) නා. අලවංගුවත් තට්ටුවත් අතර දුනු යොදා රෝද දෙකක් සහිත ව තැනුවා වූ ද, එක් ගොනකුට පමණක් ඇද ගෙන යා හැකි වූ ද කුඩා වාහනය.
දුනු කොළය
නා. වාහනවල තට්ටුවත් අලවංගුවත් අතර සවි කරන දුන්නක් සෑදීම සඳහා ගැනෙන එකිනෙකට කුඩා වූ වානේ පත්‍ර කිහිපය (=leaf spring).
දුනු තරාදිය
(පාරිභා.) නා. දුන්නක ආතතියේ උපයෝගිත්වයෙන් බර කිරන තරාදියක්; දුනු බැලන්සය (=spring balance).
දුනු දිය
1. නා. දුන්න ඇද බැඳ තිබෙන ලණුව; දුනු දණ්ඩ දෙකෙළවර සම්බන්ධ කරන රැහැන.
2. (පාරිභා.) නා. ලාක්ෂා කර්මාන්ත ප්රමුඛ ඇතැම් හස්ත කර්මාන්තවලදී හරස් කඳ කරකැවීම පිණිස යොදාගන්නා දුන්නක් වැනි උපකරණයෙහි හරස් ලණුව (=bow string).
දුනු බොක්ක
(පාරිභා.) නා. මුහුදක හෝ ගඟක දුන්නක හැඩයෙන් වක් ව පිහිටි ඉවුර (=bight).
දුනු බොත්තම
(පාරිභා.) නා. තද කොට අත්හැරිය කල්හි තද වන බොත්තම (=spring stud).
දුනු වානේ
(පාරිභා.) නා. දුනුවලට අවශ්‍ය දැඩි ගතියත් ශක්තියක් ලබා දෙන අයුරින් පදම් කළ හැකි කාබන් හෝ මිශ්‍ර ලෝහ අඩු වානේ.
දුනුකාරයා
1. (කථා.) නා. දුන්නෙන් විදින්නා; ධනුර්ධරයා.
2. නා. දුනු හමුදාවට අයත් තැනැත්තා; දුනු හේවා භටයා.
3. නා. දුනු සාදන්නා; ධනු කාර්මිකයා.
දුනුදිය නඟනවා
ක්‍රි. විදින්නට සැරසී දුන්නෙහි ලණුව අදිනවා.
දුනුදිය පොළනවා
ක්‍රි. (ඊය රඳවා) දුණු රැහැන පස්සට වේගයෙන් අදිනවා; දුන්න තැත් කවනවා.
දුනුසර
නා.ප්‍ර. දුන්නට යොදන හීය; විදීම සඳහා දුන්නට යෙදූ ඊතලය.
දුපත
නා. ගමන් කිරීමට අපහසු පාර; දුර්ග මාර්ගය.
දුපනය
නා. දුම්වැවූ දෙය; බැදුම.
දුප්රාඥ
වි. මෝඩ; අඥාන.
දුබගය
නා. අවාසනාව; දුර්භාග්‍යය.
දුබල
වි. සවිය අඩු; බලය අඩු; දුර්වල.
දුබා
නා.ප්‍ර. භාග දෙක; ද්විභාගය.
දුබැසි
වි. අයහපත් වදන් ඇති; නො මනා කියුම් කියන; දුර්භාෂිත.
දුබික්
නා.ප්‍ර. භික්ෂා හෙවත් ආහාර දුර්ලභත්වය; දුර්භික්ෂය.
දුබුක්
(කථා.) වි. ඉදීගෙන එන; ඉදෙන්නට පටන් ගත්.
දුබුල්
වි. දුර්වල; අසරණ; දුබල.
දුම
1. නා. යමක් ගිනිගැනීමේදී එයින් නැගෙන අඳුරු පැහැගත් උණුසුම් වායුව; ධූමය.
2. නා. යම් ද්‍රවයක් රත්වීමේ දී පිටකරන වාෂ්පය.
3. නා. නාගයා විසින් පිට කරනු ලබන හුස්ම; විෂ ධූමය.
4. නා. ගස; වෘක්ෂය; ද්‍රැමය.
5. නා. (මුළුතැන්ගෙයි හැළි වළං ආදිය තැබීම සඳහාත්, යම් යම් ආහාර ද්‍රව්‍ය තෙතමනය නොවැදී තබා ගැනීම සඳහාත්) ලිපට උඩින් තනා ඇති මැස්ස.
6. නා. දුම්පාට.
දුමග
නා.ප්‍ර. දුර්ග මාර්ගය; දුෂ්කර මාර්ගය.