සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 851
දුමත
නා.ප්‍ර. වැරදි අදහස; දුර්මතය.
දුමන
1. නා.ප්‍ර. නපුරු සිත.
2. නා.ප්‍ර. දොම්නස; අසන්තෝෂය.
දුමනවා
1. ක්‍රි. දුම් ගස්සනවා; දුම් විහිදුවනවා; දුම් දමනවා.
2. ක්‍රි. (තෙලෙන්) බඳිනවා; තෙම්පරාදු කරනවා.
දුමරජ
නා. ද්රැමරාජයා; ශ්‍රී මහ බෝධි වෘක්ෂය.
දුමරිළු
නා.ප්‍ර. ගස් සමූහය; වෘක්ෂ පඞ්ක්තිය.
දුම් අල්ලනවා
ක්‍රි. විෂබීජ බැක්ටීරියා කෘමිවර්ග ආදින් නැසීම සඳහා දුම් ගසනවා; මන්ත්‍ර ජීවම් කිරිම සඳහා දුම් දෙනවා; සුවඳ වර්ග දැමූ දුම් අල්ලනවා.
දුම් උදුන
නා. අමු කොළ වියළා සකස් කර ගැනීම සඳහා පාවිච්චි කරන උදුන.
දුම් උරනවා
1. ක්‍රි. ඖෂධ ආදිය දහනය වීමෙන් නඟින දුම (රෝග ප්‍රතිකාරයක් වශයෙන්) නාසයෙන් ඇතුළට ඇද ගන්නවා.
2. ක්‍රි. සිගරට්, සුරුට්ටු ආදිය උරනවා; දුම් බොනවා.
දුම් කඩතිරය
(පාරිභා.) නා. යුද කටයුතු අන්‍යයන්ට නොපා සඟවා තැබීම සඳහා නිකුත් කරන දුමානය (=smoke screen).
දුම් කවුළුව
නා. මුළුතැන් ගෙවල දුම් පිටවීම සඳහා තනා ඇති කවුළුව.
දුම් කූඩුව
නා. රසායනික පරීක්ෂණ කිරීම සඳහා පාවිච්චි කරන ඇතැම් (විෂ සහිත හෝ දුර්ගන්ධයෙන් යුත්) දුම් වාෂ්ප ආදිය පිට කිරීමට ඉවහල් වන වීදුරු කුටිය; දුම් කොටුව.
දුම් කොටුව
1. නා. දුම් කූඩුව.
2. (කථා., දකුණු) නා. වී ආදිය තැන්පත් කර තැබීම සඳහා කුස්සියේ දුමට ඉහළින් කොටු කර සාදන මැස්ස.
දුම් ගසනවා
1. ක්‍රි. දුම පිටවෙනවා; දුමාරය නිකුත් වෙනවා.
2. ක්‍රි. (රබර් ෂීට් වේලීමට ද සීතලය, සන්නිය ආදිය වැළැක්වීමට ද, යමක තෙතමනය සිඳවා වියළීමට ද, කෙසෙල්කැන් ආදිය ඉදවීමට ද) දුම් අල්ලනවා; දුම් වද්දනවා; දුම් ගස්සනවා.
දුම් ගාල
1. නා. දුම් ගස් වගා කළ ගොවිපළ.
2. (කථා.) නා. දුම්කොළ වේලන ස්ථානය.
දුම් ගෙය
නා. රබර් රොටි වේලීම සඳහා දුම් ගස්වන ගෙය.
දුම් නළය
1. නා. (ඖෂධ වර්ග දැවීමෙන් නැඟෙන) දුමාරය ඉරීමට පාවිච්චි කරන නළය; දුම්පයිප්පය.
2. නා. කර්මාන්තශාලා ආදියේ දුම් පිටවීමට තනා ඇති උපකරණය.
දුම් නැව
නා. වාෂ්ප බලයෙන් යාත්‍රා කරන නැව.
දුම් පයිප්පය
(කථා.) නා. දුම්බීම සඳහා පාවිච්චි කරන දුම්බට විශේෂය; දුම්නළය; පයිප්පය.
දුම් පිඹිනවා
1. (කථා.) ක්‍රි. දුම් වැදීමට සලස්වනවා; කෙසෙල්කැන් ආදි පලතුරු වර්ග ඉදවීම සඳහා නොගැඹුරු වළක දමා වසා දුම් ගස්සනවා.
2. ක්‍රි. මී, බඹර කැඩීමේදී මැස්සන් පලවා හැරීම සඳහා දුමාරය වද්දනවා.
3. ක්‍රි. තුවාල ආදියට ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුමාරය වැදීමට සලස්වනවා.
දුම් පූජාසනය
නා. (ක්‍රිස්ති.) සුවඳ දුම් පූජාව තැන්පත් කරන අල්තාරය.
දුම් පෙට්ටිය
නා. දුම්කූඩුව.
දුම් බොනවා
1. ක්‍රි. දුම් උරනවා; ප්‍රතිකාරයක් වශයෙන් ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුම් උරනවා.
2. ක්‍රි. සුරුට්ටු, සිගරට්, පයිප්ප ආදියෙහි දුම්කොළ දැවීමෙන් නැගෙන දුම් උරනවා; දුම්පානය කරනවා.
දුම්කෙහෙලි
1. නා.ප්‍ර. උඩට නඟින ගින්න; ගිනිදළුව.
2. නා.ප්‍ර. ධූමකේතුව; වල්ගාතරුව.
දුම්මල
1. නා.ප්‍ර. ඇතැම් ගස්වලින් ලබාගන්නා ලාටු වැනි ඇලෙන සුළු ඝන ද්‍රව්‍යයක්.
2. නා.ප්‍ර. ඇතැම් ගස් වර්ග මඩ සහිත පසට යට වී බොහෝ කලක් ගත වීමේ දී දිරාපත් වීමෙන් සෑදෙන ගිනිගන්නාසුලු ඝන භංගුර ද්‍රව්‍යයක්; බිම්දුම්මල; රෙසින වර්ගයක්.