සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 848
දුක්සත්
නා.ප්‍ර. බෞද්ධ දේශනාවෙහි සඳහන් දුක්ඛ සත්‍යය.
දුකුළාව
නා. නොමනා සේ යමක් කිරීමෙන් ඇතිවන සුළු ඇවත; දුක්කට ආපත්තිය.
දුකූල
වි. දුහුල්; සිනිඳු.
දුග
නා.ප්‍ර. දුර්ගය; දුක සේ යා යුතු මඟ.
දුගතිය
1. නා. අකුශල කර්මවල විපාක වශයෙන් උපදින තැන; නරකය, තිරිසන් භාවය, ප්‍රේත ලෝකය ආදිය.
2. නා. නරක ගතිය; දුෂ්ට පැවැත්ම; අවගතිය; දුර්ගතිය.
දුගඳ
නා. ගඳ; නරක ගඳ; අප්‍රිය ගන්ධය; දුර්ගන්ධය.
වි. නාසයට දැනෙන අප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ; දුර්ගන්ධය ඇති.
දුග්ගත
වි. දුකට පත්; දුගී; දිළිඳු.
දුග්ගාචල
නා.ප්‍ර. කඳුවලින් වට වූ හෙයින් ගමනාගමනය අපහසු ප්‍රදේශය; ගිරි දුර්ගය; කඳු බලකොටුව.
දුග්ධ
නා.ප්‍ර. දී; කිරි.
දුග්ධවතී
නා. කිරි ඇති සිවුපා දෙන.
දුගැටි
වි. දුකට පත් වූ; කෑම හිඟ; දුර්භික්ෂ; සාගත.
දුගැටි සාවිය
නා. කෑම බීම හිඟ කාලය.
දුගැති
වි. දිළිඳු; දුප්පත්.
දුගි
වි. දුකට පත් වූ; දිළිඳු; දුප්පත්.
දුගී නීතිය
(පාරිභා.) නා. දිළින්දන්ට ආධාර කිරීමේ නීතිය; මහජන මුදලින් දුගියන් නඩත්තු කිරීම පිළිබඳ නීතිය හෝ නීති මාලාව ( =the poor law)
දුගුණ
නා.ප්‍ර. නරක චරිත ලක්ෂණ; නොමනා ගති; දුර්ගුණ.
දුගේ දෙනවා
ක්‍රි. පහර දෙනවා; ගුටිබැට දෙනවා.
දුච්ඡන්න
වි. මැනවින් සෙවිලි නොකෙරුණු; හොඳින් නොවැසුණු.
දුජ්ජර
නා.ප්‍ර. දිරවීමට අමාරු දේ; දුක සේ දිරවිය යුක්ත.
දුජුල
වි. බබළන; දිලෙන.
දුට
1. නා.ප්‍ර. දක්නා ලද දෙය; දුටු දෙය.
2. නා.ප්‍ර. අමිත්‍රයා; සතුරා.
දුටහට
1. ක්‍රි.වි. දුටු පමණින්.
2. (කථා.) ක්‍රි.වි. ඕනෑවට එපාවටත නොසැලකිල්ලෙන්.
3. (කථා.) ක්‍රි.වි. විටින් විට; ඉඳහිට.
4. (කථා.) ක්‍රි.වි. හිතුවක්කාර ලෙස.
5. (කථා.) ක්‍රි.වි. ප්‍රයෝජනයක් නොගෙන; පාළුවට.
දුට්ඨුල්ල
වි. (විනය.) ක්ලේශ භරිත; අසභ්‍ය.
නා.ප්‍ර. වරදට හිත වුව; වරදට පොළඹවන්න.
දුටු
1. වි. නපුරු; කෙලෙසුණු.
2. වි. අකීකරු; දුෂ්ට.