සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 847
දුක් පූජාව
නා. (ක්‍රිස්ති.) මළවුන් වෙනුවෙන් කරන යාච්ඤාව; දේව මෙහෙය.
දුක් මුළා වෙනවා
(කථා.) ක්‍රි. දුක් පීඩා විඳිනවා; දුක් කරදර වෙනවා.
දුක් විලිකුන්
වි. නොමනා ලෙස ඉදුණු; හොඳට නොපැසුණු.
දුක් සතිය
(කථා.) නා. (ක්‍රිස්ති.) යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන තෙක් ගත කළ දුක්බර දින හත; පාස්කු සතිය.
දුක්කට
වි. අපහසු වූ; දුෂ්කෘත වූ; ඉටු කිරීමට අසීරු.
නා. එනම් ඇවත; හෙවත් ආපත්තිය; හෙවත් දෝෂය; දුකුළාව.
දුක්කිරිය
නා. දුෂ්කර ක්‍රියාව.
දුක්ඛ නිරෝධය
නා. (අභි.) දුක් නැති කිරීම.
දුක්ඛ සත්‍යය
නා. ජාති, ජරා, මරණ ආදිය ද, සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධය ද දුක් යැයි බුද්ධාදි ආර්යයන් අවබෝධ කරගත් සත්‍යය; දුක පිළිබඳ සත්‍යය.
දුක්ඛ සමුදය
නා.ප්‍ර. දුක හට ගැනීමට හේතුව; දුකට මුල.
දුක්ඛදායී
වි. දුක් ගෙන දෙන; කනගාටුදායක; ශෝචනීය; සංවේගජනක.
දුක්ඛනිරෝධාර්ය සත්‍යය
නා. (අභි.) තණ්හාව සහමුලින් නැති කිරීම පිළිබඳ සත්‍යය, නිවන අවබෝධ කරගැනීම පිළිබඳ සත්‍යය.
දුක්ඛය
නා. කායික මානසික පීඩන නිසා ඇතිවන වේදනා සහගත හැඟීම; දොම්නස.
දුක්ඛාපගමය
නා. දුක් පහ කරලීම; දුක් බැහැරලීම; දුකින් මිදීම.
දුක්ඛිත
වි. දුක් ඇති; දුකට පැමිණි; දුගී.
දුක්ගත්
වි. වෙහෙස වූ; වෙහෙසුණු; (තමන් ම හෝ අනුන් වෙනුවෙන්) දුක් විඳී.
දුක්ගන්නවා
1. ක්‍රි. දුක් විඳිනවා; කරදර වෙනවා; දුකට පත් වෙනවා.
2. ක්‍රි. යමක් උදෙසා වෙහෙසෙනවා.
3. ක්‍රි. මෑත සිංහල රාජ්‍ය සමයේ දී රජුට රාජකාරියක් වශයෙන් සේවය කරනවා; රජුට සේවය කරනවා.
දුක්ගවිනා
නා.ප්‍ර. (ක්‍රිස්ති.) දුක් (විඳීම); වේදනා; කරදර හිරිහැර.
දුක්ගැතියා
නා. යටත් මෙහෙකරුවා; දාසයා; පාක්ෂිකයා.
දුක්ගැනවිල්ල
නා. හිරිහැරයක්, දුක් කරදරයක් සම්බන්ධයෙන් සහනයක් පතා වාචික ව හෝ ලිඛිත ව හෝ කරන ආයාචනය; එසේ කරන ප්‍රකාශය හෝ ඉල්ලීම.
දුක්ගැහැට
නා. හිත් වේදනා ශාරීරික වේදනා ඇති කරන කරදර, හිරිහැර ආදිය.
දුක්දා
වි. දුක් දෙන්නා වූ; දුක්ඛදායක.
දුක්පත්
1. වි. දුකට පැමිණි; දුක් ගැහැට විඳින; දුක්ඛිත.
2. වි. වස්තු හීන; දිළිඳු; දුගී.
3. වි. නොතැකිය යුතු; අල්පමාත්‍ර.
දුක්පතියා
නා. දුගියා; දුප්පතා.
දුක්මන්
නා.ප්‍ර. දුකින් යුතු සිත; දොම්නස.