සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 859
දුස්සංගත
(පාරිභා.) වි. එකඟතාවක් නැති; නොපෑහෙන; අසංගත (=discordant).
දුස්සංගමය
(පාරිභා.) නා. එකමුතු බවෙන් තොරවීම (=discord).
දුස්සන්නද්ධ
වි. ප්‍රමාණවත් මනා සන්නද්ධභාවයක් නැති; අවිබලයක් නැති.
දුස්සමාහිත දරුවා
(පාරිභා.) නා. සමාජයට නොගැළපෙන අයුරින් හැදුණු ළමයා (=maladjusted child).
දුස්සයන
නා.ප්‍ර. දුක සේ නිදීම.
දුස්සහ වෙනවා
ක්‍රි. නොහැකි වෙනවා; ඉවසිය දුකසේ ඉවසනවා.
දුස්ස්රාවය
(පාරිභා.) නා. ද්‍රව ගලා යන ආකාරයක්; ද්‍රවයෙ අංශු නොනැවතී නිතර චලනය වන අතර එක් නිත්‍ය ලක්ෂ්යයක නිතර නියතයක් ව පැවැතීම (=viscous flow).
දුස්ස්‍රාවි
වි. ගලා නොගොස් ඇලී පවත්නා; ඇලෙන සුලු; උකු; ඝන.
දුස්සාධ්‍ය
1. වි. (නැවත) සකස් කළ නොහැකි.
2. වි. සනීප කළ නොහැකි; සුව කිරීමට අමාරු; අසාධ්‍ය.
දුස්සිත්
නා.ප්‍ර. නරක සිත; දුෂ්‍ය වූ සිත.
දුස්සිරි
නා.ප්‍ර. අයහපත් ගතිය; දුඃශ්රීය.
දුස්සීලය
නා. පාප චේතනාව; වැරදි සිතිවිල්ල.
දුසිත
නා. නරක සිත; නපුරු සිත.
දුසිම
නා. ගිණුම් ප්‍රමාණයක්; කිසියම් දෙයකින් දොළොසක එකතුව; දොළහේ ගොඩ.
දුසිරිත
නා. වැරදි හැසිරීම; දුශ්චරිතය; අකුසලය.
දුසිල්
වි. දුසිරිතෙහි යෙදෙන; වැරදි හැසිරීම් ඇති; දුශ්ශීල.
දුහද
වි. දූෂිත වූ සිත් ඇති; වෛරී වූ.
දුහදු
වි. ඇදහිය නොහැකි; පිළි ගැනීමට අමාරු.
දුහිණි
නා. දුවණි; දුව.
දුහිතෘ භාෂාව
නා. භාෂාවකින් ප්‍රභව වී සකස් වුණු භාෂාව; මූල භාෂාවකින් වැඩී ගිය භාෂාව.
දුහිතෘ සෛලය
(පාරිභා.) නා. සෛලයක් බෙදීමෙන් ඇති වන අලුත් සෛලය (=daughter cell).
දුහිතෘව
නා. ගැහැණු දරුවා; දුව; දියණි.
දුහු
1. නා.ප්‍ර. දුව; දූ; දියණි.
2. නා.ප්‍ර. සූදුව; සූදු කෙළිය; ද්යුත ක්‍රීඩාව.
3. නා.ප්‍ර. වෙවුලුම; ස්පන්දනය; මඳ සැලීම.
4. නා.ප්‍ර. මහල්ලා; වෘද්ධයා.
5. නා.ප්‍ර. සතුරා; වෛර කරන්නා; ද්‍රෝහියා.
වි. අත් හළ; දුරැලූ; බැහැර කළ.
දුහුදු
නා.ප්‍ර. සතුරා; පසමිතුරා.