සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 92
අන්තස්ත්වක්
නා.ප්‍ර. ශරීරය වසා තිබෙන අභ්‍යන්තර චර්මස්තරය; ඇතුළු සම.
අන්තස්තාපය
නා. සිතෙහි බලවත් වේදනාව; මනස්තාපය.
අන්තස්ථ
වි. කෙළවර පිහිටි; අන්තයෙහි වූ.
අන්තස්ථාක්ෂර
නා.බහු. (ව්‍යාක.) ය, ර, ල, ව යන අක්ෂර සඳහා ව්‍යවහාර කරන නාමය.
අන්තස්වරය
නා. වචනයක කෙළවර පිහිටි අක්ෂරයේ ඇති ස්වරය හෙවත් ශබ්දය.
අන්තස්සර
වි. ඇතුළත හැසිරෙන; ඔත්තුකාර.
අන්තසාර
නා.ප්‍ර. අඳුන්; රසඳුන්; රසාඤ්ජන.
අන්ත්‍ය
වි. අන්තිම; අවසාන.
අන්ත්‍ය උපචය
නා. යම්කිසි පදයක අගට වර්ණ එකතුවීම; ප්‍රත්‍යය හා විභක්ති වශයෙන් මෙය බෙහෙවින් සිදු වේ.
අන්ත්යඡයා
නා. නීච කුලයෙහි උපන් තැනැත්තා; හීනයා; චණ්ඩාලයා.
අන්ත්යදරණ
නා.ප්‍ර. චන්ද්‍ර මණ්ඩලයේ පර්යන්තයෙන් (සඳ මඬලෙහි) ආලෝකය ඇති වී මධ්‍යයෙහි අන්ධකාරය ඇති අවස්ථාව.
අන්ත්යඵල
නා.ප්‍ර. අවසාන ඵලය; අර්හත් ඵලය; රහත් ඵලය.
අන්ත්‍යය
1. නා. අන්තිම වූව; අන්තයෙහි වූ දෙය; අවසානය.
2. (ජ්‍යෝති.) නා. රාශි චක්‍රයේ අවසාන රාශිය.
අන්ත්‍යේෂ්ටි
නා.ප්‍ර. මළ කෙනෙකු වෙනුවෙන් කරන අන්තිම යාඥකර්මය; අවසාන කෘත්‍යය.
අන්ත්‍ර ජ්වරය
නා. උණ සන්නිපාතය (=typhoid fever).
අන්ත්‍ර වෘද්ධිය
නා. අතුණ හෙවත් බඩ වැල මහත් වීම; අතුණු බහන ඉරී බඩවැල පහත්වී ගැටයක් මෙන් ඉකිලියෙහි සිටීමෙන් හෝ අණ්ඩ කෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.
අන්ත්රක්ෂත
නා.ප්‍ර. බඩවැලෙහි ඇති වන තුවාලය.
අන්ත්රකූජනය
නා. අතුණු හැඬීම; බඩ ගෙරවීම; බඩ කෑගැසීම.
අන්ත්රජ
වි. බඩවැලෙහි උපන්; බඩවැල සම්බන්ධ වූ.
අන්ත්රපථය
නා. බඩවැල් මාර්ගය.
අන්ත්රය
නා. බඩවැල; අතුණ; අන්තකය.
අන්ත්රවලී
නා.ප්‍ර. කුඩා බඩවැලේ ශ්ලේෂ්මල පටලයේ පිහිටි රැලි.
අන්ත්රස්ථ
වි. බඩවැලෙහි අන්ත්රයෙහි පවත්නා. වූ;
අන්ත්රාටෝපය
නා. ආමාශයේ හා බඩවැල්වල වාතය පිරීම; බඩ පිපුම.